මගී ප්‍රවාහන බස් රථවලට වෙස්වළාගත් පොලිස් නිලධාරීන් අද (05) සිට යොදවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සදහන් කර තිබෙනවා.

සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි කිරීම වැළැක්වීමේ රිට් ආඥාවක් නිකුත්කරන ලෙස ඉල්ලා හිටපු නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක විසින් ඉදිරිපත්කළ පෙත්සමක් විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය නියෝග කර තිබෙනවා.

අධිකරණ නියෝග නොතකමින් දංකොටු ප්‍රදේශයේ තිබී සොයාගත් පොල් තෙල් බවුසර් දෙක රේගුවට භාරදීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස මාරවිල මහෙස්ත්‍රාත් අධිකරණය පොලිස්පතිවරයාට නියෝග කර තිබේ.

මෙරට නව පොලිස් ස්ථාන 190ක් ආරම්භ කිරීමට පියවරගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර ප්‍රකාශ කර තිබෙනවා.

පාර්ලිමේන්තුව අද (05) පෙරවරු 10.00 සිට පස්වරු 4.00 දක්වා රැස්වන අතර සම්පූර්ණ දිනයම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ වාචික ප්‍රශ්න සඳහා වෙන් කර ඇත.

ආනයනික පොල් තෙල්වලට වෙනත් තෙල් වර්ග මිශ්‍ර කිරීමට ඉඩ සැලසූ 2016 වර්ෂයේ නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කිරීමට තවත් මාසයක පමණ කාලයක් ගතවන බව සමස්ත ලංකා පාරම්පරික පොල් තෙල් නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති බුද්ධික ද සිල්වා ඊයේ දිනයේ අනාවරණය කර තිබේ.

ලංකාගම හදන දවසෙ ඉදල සිංහරාජය ගැන අවුරුද්දක් කතා කරනවා. විපක්ෂයේ එක මන්ත්‍රිවරයෙක්වත් ගියේ නැහැ සිංහරාජයට. මම පාර්ලිමේන්තුවෙදි කිව්ව සිංහරාජයට යන්න වාහනයක් දෙන්නම් කියලා. ඒ ගියෙත් නැහැ. නමුත් කොළඹට වෙලා උද්ඝෝෂණය කරනවා...

 බදු නිදහස් කරන ඒවා විවෘත ආර්ථිකය හරහා මේ රටට ඉගැන්නුවෙ එක්සත් ජාතික පක්ෂයයි. ආයෝජකයෝ එනකොට ආයෝජකයන් මේ රටට ගෙන්නගන්න අපිට ක්‍රම සහ විධි තියෙන්න ඕන. එම නිසා නිදහස් කළ යුතු බදු අපි නිදහස් කළ යුතුයි. ඒවා වළක්වනවා කියන්නේ ආයෝජකයෝ මෙරටට එන එක නතර කරන්න හදන වැඩපිළිවෙලක්. බදු දුන්නා, බදු නිදහස් කරා කිය කිය විපක්ෂය කරන්න හදන්නෙ මේ රටට ආයෝජකයො එන එක නවත්වන්න. යැයි අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us