ඉතිහාසයේ පළමු වරට ශ්‍රී ලංකා රුපියලේ අගය වාර්තාගත ලෙස පහළ ගොස් ඇති බව මහ බැංකු වාර්තා පෙන්වා දෙයි.

රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ නිෂ්පාදිත ඉතා උසස් තත්වයේ අභ්‍යාස පොත් සතොස ආයතනය හරහා වෙළෙඳපලේ පවතින මිලට වඩා 20% කින් අඩු මිලකට අද සිට පාරිභෝගික ජනතාවට ලබා දීම සදහාත්, දේශීිය සහ විදේශීය වශයෙන් සම්මාන රාශියකින් පිදුම් ලද පරිසර හිතකාමී කාබන් විමුක්ති තේ අපනයන සමාගමක් වන ඔලින්ඩා තේ කොළ නිෂ්පාදන සන්නාමය වෙළෙඳපලේ පවතින මිලට වඩා අඩු මිලට තේ කොළ ලබා දීම සඳහා සමඟ ගිවිසුම් ගත වීම වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් අද දින වෙළෙඳ අමාත්‍යාංශයේදී සිදු කෙරිණ.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල වූ සමයේමෙ කඩු 6000ක් රටට ආනයනය කිරීමේ සිද්ධිය පිළිබඳව විමර්ශන සිදුකිරිම සඳහා පොලිස්පතිවරයාගේ නියෝගය පරිදි සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නායකත්වයෙන් යුත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක් යොදවා තිබෙන බව නීතිපතිවරයා අද (31) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.

ගව ඝාතනය තහනම් කිරීමේ නීතිය කඩිනමින් ක්‍රියාත්මක කිරීමට නියමිත බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන ප්‍රකාශ කර තිබෙනවා.

සහල් මිල පාලනය ඉක්මවා අලෙවි කළ වෙළෙඳුන් 2000කට එරෙහිව නඩු පවරා ඇතැයි පාරිභෝගික කටයුතු අධිකාරිය ප්‍රකශ කර තිබෙනවා.

කොළඹ නගරයේ රථ වාහන තදබදය අවම කිරීම සඳහා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා සහ අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂගේ උපදෙස් මත ඉදිවන රථගාල් දොළහේ ව්‍යාපෘතියේ තුන්වන රථගාලේ ඉදිකිරීම් කටයුතු පසුගිය දා යූනියන් පෙදෙසේ ඉබ්බන්වල හන්දියේ දී ආරම්භ කෙරිණි.

යතුරුපැදි මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමේ අරමුණින් දින 04ක විශේෂ මෙහෙයුමක් අද (31) සිට ක්‍රියාත්මක කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකශ කර තිබෙනවා.

චීනයේ නිෂ්පාදිත “සිනොෆාම්“ (Sinopharm)කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා ලක්ෂ 06ක් අද (31) දිනයේ මෙරටට ලැබීමට නියමිතයි. එම එන්නත් තොගය චීනයෙන් මෙරටට ලැබෙනුයේ පරිත්‍යාගයක් ලෙස බවයි රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන ප්‍රකාශ කරේ.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us