පුරප්පාඩු වූ හිටපු නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායකගේ පාර්ලිමේන්තු අසුන සඳහා ගම්පහ දිස්ත්‍රික්කයට තරඟ කළ අජිත් මාන්නප්පෙරුමගේ නම ගැසට් කෙරෙන බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ප්‍රකශ කර තිබෙනවා.

නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 11දෙනෙකු ඊයේ කිරිබත්ගොඩ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේනවා.

කොළඹ ‘ඇලවෙන කුලුන’ නමින් ප්‍රචලිත ඇල්ටෙයාර් බහුමහල් මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියේ කොටස් විකුණා රුපියල් කෝටි 1200කට ආසන්න වංචාවක් සිදුකර ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පවත්වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඊයේ (07 වැනිදා) දැනුම් දුන්නේය.

පේෂකර්ම රෙදි ආනයනය තහනම් කිරීමට මේ වන විටත් පියවර ගෙන ඇති බවත් ඊට අදාළ ගැසට් පත්‍රයට පාර්ලිමේන්තුවේ අනුමැතිය ද මේ වන විට හිමි වී ඇති බවත් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර ප්‍රකශ කර තිබෙනවා.

පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පත් කල පාර්ලිමේන්තු කමිටුවට පැවරී ඇති වගකීම වන්නේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාවේ අන්තර්ගතය ගැඹුරින් අධ්‍යනය කොට නැවත මෙවැනි විපතක් ඇති වීම වලක්වා ගැනීමට සහ ශ්‍රී ලංකාවේ දිගුකාලීන සාමය, ආරක්ෂාව සහ ස්ථාවරත්වය සහතික කිරීමට ක්‍රියාත්මක විය යුතු ආකාරය වාර්තා කිරීම බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සදහන් කර තිබෙනවා.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරුව සිටින හිටපු නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායකගේ පාර්ලිමේන්තු අසුන පුරප්පාඩු වී ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද පාර්ලිමේන්තුවට දැනුම් දදී තිබේ. ඒ අනුව රන්ජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු අසුන නිල වශයෙන් අහෝසි වී ඇත.

මේ අතර පාර්ලිමේන්තු සභා ගර්භයේදි තුළ විපක්ෂය විරෝධතාවක් ආරම්භ කර තිබිමත් සමග පාර්ලිමේන්තු සභාවේ උණුසුම් තත්වයක් ඇති වී ඇති බව වාර්තා වේ. ඒ රන්ජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු අසුන හිස්වන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට දැනුම් දීමත් සමගයි.

අද පෙරවරුවේ කථානායකාවරයා කියා සිටියේ මන්ත්‍රීධුරය හිස්වීම පිළිබඳව පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා මැතිවරණ කොමිසමට දන්වා ඇති බවයි.

-පංචාලි අබේසේකර

හෙරොයින් ග්‍රෑම් 150 මිලිග්‍රෑම් 200 ක් සමඟ සැකකරුවකු මෝදර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනුණා.

රට තුල මේ වන විට විශාල සංවර්ධනයක් ආරම්භ වී ඇති බවත් ජනතාවට දුන් පොරොන්දු අවුරුදු පහක් තුල ජනතාවට ලබා දීම වගකීමක් වී ඇති බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක, රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක ප්‍රකාශ කර තිබෙනවා.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us