කිරි සැපයුම්කරුවන් නැහැ. පාසල් සිසුන්ට කිරි වෙනුවට කැඳ

Published in පුවත්
Tuesday, 19 October 2021 12:28

පාසල් සිසුන් සඳහා දියර කිරි වෙනුවට වස විසෙන් තොර දේශීය සහල් සහ ධාන්‍ය මුසු පෝෂණීය කැඳ දීමට රජය සැරසෙයි.

දුෂ්කර පළාත්වල වෙසෙන අඩුආදායම්ලාභී සිසුන්ට දියර කිරි ලබාදීමේ වැඩසටහනක් 2012 වර්ෂයේ සිට පාසල් 927ක ක්‍රියාත්මකය.

පාසල් ආහාර ලබාදීමේ වැඩසටහනට ඇතුළත් නොවූ 1 සිට 5 ශ්‍රේණිය දක්වා ඉගෙනුම ලබන දරුවන් ලක්ෂ 4කට මෙම වැඩසටහන යටතේ දිනපතා දියර කිරි සැපයේ.

දියර කිරි ලබාදීමේ වැඩසටහන සඳහා 2021 වර්ෂයට ද රුපියල් කෝටි 65ක් වෙන් කර ඇතත් කිරි සැපයීමට කිසිදු සැපයුම්කරුවකු මේ වන තෙක් ඉදිරිපත්ව නැත.

පවතින වසංගත තත්ත්වය හේතුවෙන් පාසල් සිසුන් හට දියර කිරි වෙනුවට පෝෂණීය කැඳ ලබාදීම සඳහා වන යෝජනාවක් අධ්‍යාපන අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කොට තිබේ.

කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාගේ අදහසක් අනුව මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත.

 (දිනමිණ)

 

සැබැඳි ලිපි

කිරිපිටි-බටර් නිපදවන්න අලුත් කම්හල් දැම්මට වැඩක් වෙයිද

 

Last modified on Tuesday, 19 October 2021 12:31

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us