60ට වැඩි අයට අදායම් මාර්ගයක් !

Published in පුවත්
Wednesday, 06 October 2021 16:41

වයස අවුරුදු 60 ඉක්මවූ, කිසිදු විශ්‍රාම වැටුපක් හෝ සේවක අර්ථසාධක අරමුදලක් නොලබන වැඩිහිටියන් සඳහා ස්වයං රැකියා අවස්ථා ඇති කර ඇතැයි ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ කේ.ජී.ලැන්රොල් ප්‍රකාශ කර තිබේ.

වැඩිහිටියන්ට ජීවත්වීම සඳහා මුදල් සොයාදීමේ අරමුණින් සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකම සිටින සමාජ සේවා නිලධාරියාගේ මැදිහත්වීමෙන් මෙම වැඩසටහන ආරම්භ කර ඇත.

ඒ අනුව රුපියල් තිස්දහසක මුදලක් ස්වයං රැකියාවක් අලුතෙන් ආරම්භ කිරීමට කැමති සහ දැනට ස්වයං රැකියා සිදුකරගෙන යන වැඩිහිටියන් සඳහා ලබාදීම සිදුකරයි. තනි හෝ කණ්ඩායම් මගින් ස්වයං රැකියා සඳහා අවශ්‍ය දැනුම හා පුහුණුව ලබාදෙන බවද හෙතෙම කීවේය.
ඒ යටතේ ආරම්භ කළ බොන්සායි කලාව පිළිබඳ පුහුණුව දැනටම ආරම්භ කර ඇතත්, කොවිඩ් වසංගතයත් සමග එය අඩාළ වී ඇත. වැඩිහිටියා ද ජාතික ආර්ථිකයට දායක කරගැනීම මෙහි අරමුණ බව අධක්ෂවරයා පවසා ඇත.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us