පැන්ඩෝරා ගැන විමර්ශන අරඹයි !

Published in පුවත්
Wednesday, 06 October 2021 20:56

විශේෂ විමර්ශන කණ්ඩායමක් පත්කර පැන්ඩෝරා පත්‍රිකාවලින් අනාවරණ වූ ශ්‍රී ලාංකිකයන් සහ එම ගනුදෙනු පිළිබඳ විමර්ශන මේ වනවිටත් ආරම්භ කර ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ ලේකම් අප්සරා කල්දේරා මහත්මිය සඳහන් කළාය.

එම විමර්ශන ආරම්භ කර ඇත්තේ පැන්ඩෝරා පත්‍රිකාවලින් අනාවරණ වූ ශ්‍රී ලාංකිකයන් සහ එම ගනුදෙනු පිළිබඳ පිළිබඳ වහාම විමර්ශනයක් සිදුකරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට අද නියෝග කිරීමෙන් අනතුරුව ය.

අද සිට මසක් ඇතුළත ඒ පිළිබඳ වාර්තාවක් ලබාදෙන ලෙසත් ජනාධිපතිවරයා දැනුම් දී තිබූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.

මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී කියා සිටියේ පැන්ඩෝරා අනාවරණය ගැන ජාත්‍යන්තර මට්ටමේ විමර්ශනයක් අවශ්‍ය බවය.

ලොව පුරා සිටින රාජ්‍ය නායකයින්,දේශපාලනඥයින්, ධනවතුන් සහ බලවත් පුද්ගලයින් හෙළි නොකර පවත්වාගෙන ගිය මූල්‍ය වත්කම් සම්බන්ධයෙන් ගවේෂණාත්මක හෙළිදරව්වක් "ජාත්‍යන්තර ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ සංසදය" පසුගිය දා සිදුකළේය.

ලොව පුරා කැලඹීමක් ඇති කළ එය හැඳින්වුයේ පැන්ඩෝරා පත්‍රිකා ලෙසය.

එම අනාවරණය ශ්‍රී ලංකාව තුළත් ආන්දෝලනයක් ඇති කළේ මෙරට හිටපු අමාත්‍යවරියක වන නිරූපමා රාජපක්ෂ මහත්මිය හා ඇගේ සැමියා වන ව්‍යාපාරික තිරුකුමාර් නඩේසන් මහතාගේ නම් ද එහි සඳහන්ව තිබීමෙනි.

ඔවුන් "අක් වෙරළ සමාගමක්" හරහා සිදු කළ ආයෝජන මගින් ලන්ඩනයේ හා සිඩ්නි නගරයේ සුඛෝපභෝගී මහල් නිවාස මිලට ගෙන ඇති බව එම පත්‍රිකාවල සඳහන් විය.

2011 වසරේ ඔහු සතු මුළු ධනය අමෙරිකානු ඩොලර් මිලියන 160ක් බවත් එහි දැක්වුණි.

පැන්ඩෝරා පත්‍රිකාවලින් අනාවරණ වූ ශ්‍රී ලාංකිකයන් සහ එම ගනුදෙනු පිළිබඳ පිළිබඳ වහාම විමර්ශනයක් සිදුකරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට අද නියෝග කළේ එවන් පසුබිමකය.

මේ අතර පැන්ඩෝරා පත්‍රිකාවලින් චෝදනා එල්ලවූ ව්‍යාපාරික තිරුකුමාර් නඩේසන් මහතා ද අද ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර තිබුණි.

ඒ තමාගේ සහ තම බිරිඳගේ නම් මෙම පත්‍රිකාවල සඳහන් වීම පිළිබඳ සොයාබැලීම සඳහා ස්වාධීන හා කඩිනම් පරීක්ෂණයක් සිදු කරන ලෙස ඉල්ලමිනි.

ඔහු සිය ලිපියෙන් පෙන්වා දී ඇත්තේ ඊට විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු පත්කිරීම වඩාත් සුදුසු බවය.

මෙම චෝදනා නිසා තමා සහ බිරිඳ දැඩි සිත් තැවුලටත්, මානසික වේදනාවකටත් පත්ව ඇති බව ඔහු සිය ලිපියෙහි සඳහන් කර තිබේ.

මේ අතර හිටපු අමාත්‍ය නිරූපමා රාජපක්ෂ සහ ඇගේ සැමියාගේ වත්කම් සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන්නැයි ඉල්ලමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට අද පැමිණිලි දෙකක් ඉදිරිපත් කෙරුණි. ඒ නීතීඥවරු සහ සිවිල් ක්‍රියාකාරීන් පිරිසක් විසිනි.

-දෙරණ

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us