ඒ අනුව ඔක්තෝබර් 07 සිට නොවැම්බර් මස 06 වනදා දක්වා එම වීසාවල වලංගු කාලය දීර්ඝ කර ඇත.
එම දෙපාර්තමේන්තුව සදහන් කළේ 2021 මැයි මස 11 වන දින සිට නොවැම්බර් මස 6 වන දක්වා කාලසීමාව තුළ කල් ඉකුත් වූ වලංගු වීසා සදහා එම කාලසීමාවට අදාළ වීසා ගාස්තු පමණක් අය කරන බවත් ඊට කිසිදු දඩ මුදලක් අය නොකරන බව එම දෙපාර්තමේන්තුව සදහන් කරයි.
පළාත් අතර සංචරණ සීමා පැවැතිවීම හේතුවෙන් නොවැම්බර් මස 6 වනදා දක්වා වීසා දීර්ඝ කළ ද, ඉදිරියේදී පොදුවේ වීසා දීර්ඝ නොකරන බව එම දෙපාර්තමේන්තුව සදහන් කරයි.
ඒ අනුව පළාත් සංචරණ සීමා පැවැතිය ද වීසා දීර්ඝ කිරීම සදහා බත්තරමුල්ල කාර්යාලයට පැමිණිමට අවසර ලැබෙන බැවින් මෙරට රැදී සිටින විදේශිකයින් සියලුදෙනා නොවැම්බර් මස 6 වන දිනට පෙර වීසා දීර්ඝ කර ගත යුතු බව ආගමන විගමන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් නිවේදනය කරයි.
-පංචාලි අබේසේකර