රට යළි විවෘත කිරීමේ දී සීමාවන් පිළිබඳව පූර්ණ සැලැස්මක් !

Published in පුවත්
Friday, 24 September 2021 18:30

දීර්ඝ කාලයක් රට වසා දැමීමෙන් හොඳ ප්‍රතිඵල ලැබී ඇති බැවින් එලැඹෙන ඔක්තෝබර් මස 1 වැනිදා සිට රට විවෘත කළ හැකි බව ජ්‍යේෂ්ඨ මහාචාර්ය අර්ජුනද සිල්වා සඳහන් කර තිබෙනවා. ඒ දැඩි සංචරණ සීමාවන් යටතේයි.

රට විවෘත කළත් රජයේ සහ පෞද්ගලික ආයතනවලට සේවකයන් කැදවීම 25% සීමාවේද පොදු ප්‍රවාහන සේවා වල මගින් රැගෙන යාම 50% සීමාවේ ද තවදුරටත් පවත්වාගෙන යායුතු බව ඔහු අවධාරණය කරනවා. දැඩි සංචරන සීමා ඉවත් කළ හැක්කේ එන්නත්කරණයය සියයට 70-80 සීමාවට ළඟා වූ විට බවද ඔහු වැඩිදුරත් පවසනවා.

මේ අතර දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරිනීතිය ඉවත් කිරීමත් සමග රට යළි විවෘත කිරීමේ දී පැනවිය යුතු සෞඛ්‍ය නිර්දේශ හා සීමාවන් පිළිබඳව පූර්ණ සැලැස්මක් සකස් කිරීමට කොවිඩ් මර්දන විශේෂ කමිටුව තීරණය කර තිබේ.

අද (24) පෙරවරුවේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීම වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්වුණි.

එහිදී මේ සම්බන්ධයෙන් තීරණයන් රැසක් ගෙන තිබේන බව වාර්තා වේ.

ඒ අනුව ක්ෂේත්‍ර 03ක් යටතේ මෙම සැලැස්ම සකස් කෙරෙන අතර රාජ්‍ය අංශයේ යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීම සඳහා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය, පොදු ප්‍රවාහන සේවා සඳහා ප්‍රවාහන අමාත්‍යාංශය සහ පෞද්ගලික අංශයේ සේවාවන් පවත්වාගෙන යායුතු ආකාරය පිළිබඳව කම්කරු අමාත්‍යාංශය විසින් සෞඛ්‍ය විශේෂඥ කමිටු හා සෞඛ්‍ය අමාත්‍යාංශයේ මගපෙන්වීම යටතේ නිර්දේශ නිකුත් කරනු ඇත.

මේ අතර සංචරණ සීමා ඉවත් කිරීමෙන් පසු අන්තර් පළාත් පෞද්ගලික බස් රථ ධාවනයට එක් කිරීමට හැකි පරිදි ඔවුන්ට රුපියල් ලක්ෂ දෙකක සහනාධාරයක් ලබාදෙන බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා. ඒ සම්බන්ධයෙන් අදාළ බස් රථ සංගම් සමග සාකච්ඡා කර එකගතාවකට පැමිණි බවයි රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කළේ.

ඒ අනුව රට විවෘත කිරීමෙන් පසු පොදු ප්‍රවාහන සේවාව ක්‍රියාත්මක කළ යුත්තේ කෙසේද යන්න පිළිබඳ තීරණය ලබන සතියේ දී දැනුම් දෙන බව දිලුම් අමුණුගම මහතා ප්‍රකාශ කර තිබේ.

රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා මේ බව සදහන් කළේ මහනුවර පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනුයි.

-පංචාලි අබේසේකර

Last modified on Friday, 24 September 2021 18:46

Leave a comment

ld add copy

Gossip

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

Connet With Us