ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා ‍රැස්වීම වැලැක්වීම සඳහා අද(15) දින අතුරු තහනම් නියෝගයක් ලබා ගැනීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමත් විය. ලබන 29 වන දින දක්වා මෙම වාරණ නියෝගය බලපවත්වන බව කොළඹ මහාධිකරණ විනිසුරුවරයා විසින් නියෝග කරනු ලැබීය.

කොළඹ දිස්ත්‍රික් සන්ධාන අපේක්ෂක විමල් වීරවංශ මහතාට මෙවර නාම යෝජනා නොලැබූ දුමින්ද සිල්වාගේ සහය හිමිවන බව දැන ගැනීමට තිබේ. දුමින්ද සිල්වා මහතාගෙන් හා ඔහුගේ සොහොයුර වන රෙනෝ ද සිල්වා මහතාගෙන් මෙවර විමල් වීරවංශ මහතාට සහය ලබා දෙන මෙන් ඉල්ලා තිබෙන්නේ කුරුණෑගල දිස්ත්‍රික් සන්ධාන ප්‍රබල අපේක්ෂකයකු විසින් බව ද හෙළිවේ. ඒ වෙනුවෙන් මෙවර මැතිවරණ ප්‍රචාරක දැන්වීම ‍රැසක් හිරු නාලිකාවට ලබා දෙන බවටද පොරොන්දු වී ඇත.

ජනපතිගේ ප්‍රකාශයෙන් සන්ධානය කම්පාවට පත්ව ඇති බවත් මීට දෙසතියකට පෙර මෛත්‍රීපාල සිරිසේන මහතා සන්ධානයේ තීරණය අනුව මහින්ද රාජපක්ෂ මහතාට නාමයෝජනා දීමට එකඟවු බවත් සන්ධානයේ මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත පවසයි. ඔහු මේ බව පැවසුවේ අද(15) පැවති මාධ්‍ය හමුව අමතමින්ය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ මෙහෙයුම් කමිටු සභාපති ලෙස වැඩ භාරගෙන තිබේ.

මහා පරිමාණයේ දුෂණ, වංචා පිළිබද විමර්ශනයට පත් කළ ජනාධිපති කොමිසම් සභාවේ සාක්ෂි විභාග කිරීම හෙට (16) සිට ආරම්භ කෙරේ.

මහින්ද රාජපක්ෂ මහතා මේවන විට බරපතල මානසික වියවුලකට ලක්ව සිටින බව වාර්තාවේ. ඊයේ ජනාධිපතිවරයා කළ ප්‍රකාශයත් සමඟ මේ තත්වය හට ගෙන තිබේ. මේවන විටත් ඔහුගේ මානසික තත්වය සංසුන් කිරීම සඳහා මනෝවෛද්‍ය උපදේශකයකු ඔහු සමඟ මේ මොහොතේත් සිටින බව දැන ගන්නට තිබේ.

අද රාත‍්‍රී 08.00 කොලඹ පදනම් ආයතනයේ කැඳවා තිබූ ශ්‍රීලනිප මධ්‍යම කාක සභා හමුව පක්‍ෂ සභාපති ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් අවලංගු කර ඇති බව වාර්තාවේ.

එම පක්‍ෂ මහ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා මහතා විසින් මෙම විශේෂ හමුව කැඳවා තිබුනේ ඊයේ දිනයේ ජනාධිපතිවරයා විසින් කරන ලද ප‍්‍රකාශයක් සම්බන්ධයෙන් තීරණයක් ගත යුතු බවට ශ‍්‍රීලනිප මධ්‍යම කාරක සභිකයන්ගෙන් ලද ඉල්ලීම මතයි.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා මෙවර මැතිවරණයෙන් අග්‍රාමාත්‍ය ධූරයට පත් කිරීමට ආශිර්වාද ඉල්ලා හිටපු ජනපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය රංවල දෙවියන්ට පූජාවක් පවත්වා තිබේ.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us