ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (14) සිදු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය පිළිබඳව බලවත් සේ කළ කිරීමට පත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරනු ලබන ඇමතිවරු හා හිටපු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු අද (15) ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (14) සිදුකළ විශේෂ ප්‍රකාශය නිසා එජනිසයේ බොහෝ දෙනෙක් නොසන්සුන්තාවකට පත්ව ඇති බව වාර්තාවේ.මෙම ප්‍රකාශය නිසා ගැඹුරු දේශපාලන ප්‍රශ්න හා සැකසංකා මතුවන බව ශ්‍රීලනිපයේ මාධ්‍ය ප්‍රකාශක ඩිලාන් පෙරේරා මහතා ප්‍රකාශ කළේය.

නීති උල්ලංඝනය කරමින් දේශපාලනඥයින් ප්‍රදර්ශනය කරන කටවුට් සහ පෝස්ටර් බැනර් ආදිය ඉවත් කිරීම සදහා ජනතාවගේ මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් වැය කිරීමට සිදු වී ඇති බව පොලිසිය පවසයි.

 ඊයේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා කළ ප්‍රකාෂයෙන් පසුව කලබලයට පත්ව සිටින මහින්ද රාජපක්ෂ හා දූෂිත ‍රැළ ඊයේ රාතියේදී මහින්ද රාජපක්ෂ නවා තැන්ගන්නා  මිරිහානේ පිහිටි නිවසට ‍රැස්වී තිබේ. මෙහිදී රාජපක්ෂ මහතා ‍රැස්ව සිටි පිරිස හමුවේ දන්නා සුපුරුදු භාෂාවෙන් ජාතිය අමතා ඇත.

මහ බැංකුවේ භාණ්‌ඩාගාර බැඳුම්කර වංචාව ලංකා ඉතිහාසයේ මෙතෙක්‌ සිදුවූ විශාලතම හොරකම බවත් ඒ පිටුපස සිටින මහ මොළකරු ඇතුළු වගකිව යුත්තන්ට, කෙතරම් ඉහළ තනතුරුවල සිටින අය වුවත් දඬුවම් කළ යුතුව ඇති බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඊයේ (14 දා) කොළඹ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කීවේය.

ජනාධිපතිවරණ ප්‍රචාරක රැලියක සැරසිලි කරමින් සිටි එ.ජා.ප. ආධාරකරුවෙකුට වෙඩි තබා ඝාතනය කිරීම ගැන සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු නියෝජ්‍ය ඇමති ප්‍රේමලාල් ජයසේකර මහතා ඇතුළු සැකකරුවන් හය දෙනා ලබන 28 තෙක් රිමාන්ඩ්ගත කිරීමට පැල්මඬුල්ල මහේස්ත්‍රාත් දිනේෂ් ලක්මාල් පෙරේරා මහතා නියම කෙළේය.

මහින්ද රාජපක්ෂ ඇතුළු දූෂිතයන් ‍රැළකට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් නාම යෝජනා ලබා දීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කිරීම සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා අවලාද සියල්ලට අද දින සිංහ ලීලාවෙන් පිළිතුරු දී සිය හොඳ නම ආරක්ෂා කර ගැනීම සඳහා ඔහු දැඩි උත්සාහයක් ගනු ලැබීය. ඒ උත්සහය මේ වන විටත් සාර්ථකව ඇති බව සමාජ ජාලාවල දැක්වෙන ප්‍රතිචාරයන්ගෙන් පැහැදිලිය.

මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කල ජනතා විමුක්ති පෙරමුනේ පාර්ලිබේන්තු මන්ත්‍රී දිමුතු අබේකෝ මහතා අද දින එජපයේ සාමාජිකත්වය ලබා ගන්නා ලදී. අද එජාප මැතිවරන ප්‍රචාරක ව්‍යාපරය ආරම්බ කරමින් මහනුවර පැවැති ‍රැළියේදී ඔහු එජාප සාමාජිකත්වය ලබා ගන්නා ලදී.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us