19 වැනි ව්‍යවස්ථාව සංශෝධනය ඉතා ඉක්මනින් සම්මත කරවා ගැනීම සඳහා කතෝලික බිෂොප් සම්මේලනය ඉල්ලා සිටී.

19 වන ව්‍යවස්ථා සංශෝධනයට සහාය ලබාදීමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය තීරණය කර තිබේ. ඊයේ (23)පස්වරුවේ රැස් වූ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මධ්‍යම කාරක සභාවේදී ඒ සදහා එකගතාව පළවී අැත.

බිඳ වැටී තිබූ විදෙස් සබඳතා යළි ශක්තිමත් කර ගැනීමට හැකි වීම දින සියය තුළ කරනු ලැබූ සාර්ථකම කාර්යය බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.ඔහු පෙන්වා දෙන්නේ, තමන් බලයට පැමිණෙන විට විදේශීය රටවල් රැසක් ශ්‍රී ලංකාව කෙරෙහි දැඩි වෛරයෙන් පසුවූ බවයි.

හිටපු ජනාධිපතිවරයාට එරෙහිව ඇති චෝදනාවලට නීතිය ක්‍රියාත්මක කිරීමට ගත් උත්සහය පරාජය කිරීම සඳහා මහින්දවාදී මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු නිදිවර්ජිතව විරෝධතාවක්‌ කළ පසුගිය 20 වැනිදා රාත්‍රියේ සභා ගැබ තුළ මත්පැන් පානය කර ඇත්ද යන්න පිළිබඳව පරීක්‍ෂණයක්‌ පැවැත්වීමට ආණ්‌ඩු පක්‍ෂය තීරණය කර ඇත.

මිහින් ලංකා ගුවන් සේවා සමාගම සම්බන්ධයෙන් වූ ගනුදෙනුවක්‌ පිළිබඳව ප්‍රකාශයක්‌ ලබා ගැනීම සඳහා ඊයේ (23 වැනිදා) අල්ලස්‌ හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට කැඳවූ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට එම ප්‍රකාශය ලබාදීම සඳහා මාස තුනක කාලයක්‌ ලබාදීමට කොමිසම ඊයේ (23 දා) පියවර ගෙන තිබේ.

හදිසි මහ මැතිවරණයක් සඳහා සූදානම් වන ලෙස දිස්ත්‍රික් මැතිවරණ කොමසාරිස්වරුන්ට මැතිවරණ මහ ලේකම් කාර්යාලය විසින් දැනුම්වත් කර ඇතැයි වාර්තාවේ.

"දැන් සමහරු අහනවා දින 100 තුළ මොනවද කළේ කියලා. දින 100 තුළ බොහෝ දේ කළා. ඇතැම් බොහෝ වටිනා දේවල් භෞතික වශයෙන් ඇහට පේන, අතට හසුවන දේවල් නොවේ" යැයි ජනපතිවරයා පැවසීය.

ඊයේ රාත්‍රී 9.00ට පමණ ජනපතිවරයා ජාතිය ඇමතීම සිදු කළ අතර එහිදී ඔහු මෙම අදහස් පැවැසීය.

හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂව අත්ඩංගුවට ගෙන නීතිය හමුවට පත් කිරීම සඳහා හේතු වී ඇත්තේ සමෘද්ධිලාභීන්ගේ අරමුදල් කොල්ල කෑම සම්බන්ධ චෝදනා හේතුවෙනි. පොලිස් ආරංචි මාර්ග සඳහන් කරන ලෙස මේ වන විට බැසිල් රාජපක්ෂට එරෙහිව පොලිස් බී වාර්තා 6 ගොනු කොට ඇති අතර තවත් වාර්තා දෙකක ඉදිරිපත් වීමට නියමිතය.

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us