ආණ්ඩුව එම කටයුත්තට ධෛර්යයක් සැපයීම වෙනුවෙන් ඉදිරි අයවැයේ දී ඊට අදාළව යෝජනා කිහිපයක් ඉදිරිපත් කිරීමට ද සූදානමින් සිටින බව එහි දැක්විණ.
ඒ අනුව ආණ්ඩුවේ බලාපොරොත්තුව වී ඇත්තේ වසර 10 සිට 20 දක්වා පැරැණි වාහන අප‍්‍රිකානු රටවලට අපනයනය කිරීම හරහා රට තුළ පැරැණි වාහන භාවිතය අවම කරගැනීමය.
මෙවැනි තීරණයක් වෙත ආණ්ඩුව යොමු වී ඇත්තේ පැරැණි වාහන වැඩි ප‍්‍රමාණයක් භාවිතයේ තිබීම ප‍්‍රධාන නගරවල පවතින රථ වාහන තදබදයට හේතුවක් බවත් එසේම එය පරිසර දුෂණයට ද හේතුවක් බව සලකමින්ය.
මේ කටයුත්ත හරහා හම්බන්තොට වරාය දැනට පවතින අක‍්‍රිය භාවයෙන් යම් තරමකට හෝ මුදවා ගැනීමට ආණ්ඩුව අපේක්ෂා කරන බව ද එම පුවතේ සඳහන්ය.
පැරැණි අහිතකර දේ ඉවත් කර අලූත් හිතකර දේ එක්කර ගැනීමේ අපේක්ෂාව යහපත්ය. එසේම රටට බරක්ව තිබෙන අක‍්‍රිය සම්පත් සක‍්‍රිය කර ඒ හරහා ඵලදායී ප‍්‍රතිඵලයක් ලැබීමේ අපේක්ෂාව ද යහපත්ය.
එහෙත් අපේක්ෂා යහපත් වූ පමණින් අපේක්ෂාව ක‍්‍රියාවට නගනා ක‍්‍රමවේදය ප‍්‍රායෝගික නොවේ නම් අර්ථ විරහිතය. මේ රටේ පරණ වාහන අප‍්‍රිකාවට අපනයනය කිරීමේ අපේක්ෂාව ගැන පැවසීමට ඇත්තේ ද එවැන්නක්ය.
අපි‍්‍රකාව පිළිබඳව නිවැරැදි අධ්‍යයනයක නොපිහිටා :
සැබැවින්ම මෙවැනි තීරණයක් ආණ්ඩුව ගෙන තිබෙනවා නම් සහ එවැනි අපේක්ෂාවක් ආණ්ඩුවට ඇත්නම් එය ගෙන තිබෙනුයේ අප‍්‍රිකාවට වාහන අපනයනය කරන ආකාරය පිළිබඳ තබා අපි‍්‍රකාව පිළිබඳවවත් නිවැරැදි අධ්‍යයනයක නොපිහිටාය.
මෙතැන් සිට ලියන්න යන්නේ ඒ ගැනය.
අප‍්‍රිකානු මහද්වීපයේ රටවල් 58ක් ඇති අතර මේ බොහෝ රටවල් දෙවන ලෝක යුද්ධයට පෙර ප‍්‍රංශයේ ආධිපත්‍යය යටතේ පැවති රටවල්ය. එනිසා ම රටවල් 38ක් පමණ ප‍්‍රංශ භාෂාව කතා කරයි.
මේ හේතු මත ඔවුන් වඩාත් සමීප යුරෝපීය භාණ්ඩ හා සේවා පරිභෝජනයටය. ඒ තුළ බොහෝ දියුණු අපි‍්‍රකානු රටවලට වාහන ආනයනය කරන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයෙන්, යුරෝපයෙන් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායිවලිනි. එනිසාම යුරෝපයේ මෙන් අපි‍්‍රකාවේ බොහෝ රටවල වාහන ධාවනය කරන්නේ දකුණ පසින් වන අතර රියැදුරු අසුන පිහිටා ඇත්තේ වම් පසය.
නමුත් ශ‍්‍රී ලංකාවේ වාහන වමෙන් ධාවනය කරන අතර රියැදුරු අසුන පිහිටා තිබෙන්නේ දකුණු පසිනි.
තව ද අපි‍්‍රකානු රාජ්‍යයන් බොහෝ ආර්ථික ගිවිසුම්වලින් බැඳී සිටින අතර ආනයන බදු Import duty එක සමානය. තව ද බොහෝ අප‍්‍රිකානු රාජ්‍යයන් ගොඩබිමින් එකට බැඳී ඇති අතර වාහන අන්තර් අපි‍්‍රකානු කලාපය හරහා ගමන් කරයි.
එසේම පළල් සහ දීර්ඝ පාරවල් අපි‍්‍රකාව පුරා විහිදී ඇත. එබැවින් භාවිත කරන වාහනවල එන්ජින් ධාරිතාව ඉහළ අගයක් ගන්නා අතර සමාන්‍යයෙන් ඇමෙරිකාවෙන් ආනයනය කරන වාහන අශ්ව බල 180ට වැඩිය. බොහෝ අය පාවිච්චි කරන්නේ අශ්ව බල 3000ට වැඩි වාහනය.
උදාහරණයක් ලෙස ඝානා රාජ්‍යයේ (Ghana) අශ්ව බල 3000ට අඩු වාහනයක් සඳහා ආනයන තීරු බදු 10%කි. එය 3000ට වැඩි නම් 20%කි. VAT අගය එකතු කළ බද්ද 17.5%කි. අනිකුත් බදු 1%කි.
පහත කාරනා ගැනත් අවධානය යොමු කරන්න :
එසේම වාහන ආනයනය කිරීමේ දී පහත සඳහන් කරුණු කෙරෙහි ද අවධානය යොමු කරයි.
1. පරණ වාහනයක් ආනයනය කරන්නේ නම් නිෂ්පාදිත රටෙන් Title සහතිකයක් අවශ්‍යය. (නිෂ්පාදනය කරන ලද බවට (Country ot Origin)
2. පරණ වාහන සඳහා වාහනය අවුරුදු 10කට අඩු එකක් නම් 5%ක දඩයක් ගෙවිය යුතුය. වාහනය අවුරුදු 12ක් පමණ නම් 10%ක දඩයක් ගෙවිය යුතුය.
මේ තත්ත්වය යටතේ ශ‍්‍රී ලංකාවේ වසර 20ක් පරණ වාහන අප‍්‍රිකාවට අපනයනය කරන්නේ කෙසේද යන්න ගැටලූවක් බව පැහැදිලිය.
තව ද අපි‍්‍රකාව යුරෝපයට සහ ඇමෙරිකාවට ආසන්නව පිහිටා ඇති නිසා නැව් ගාස්තු අඩු මට්ටමක පවතී. කුඩා වාහනයක් සඳහා ඇමෙරිකානු ඩොලර් 1500ක් ද ලොකු වාහනයක් සඳහා ඇමෙරිකානු ඩොලර් 2500ක් ද නැව් ගාස්තු ලෙස ගෙවිය යුතුය.
අපි‍්‍රකාව වාහන බහාලූ ඇමිණුම්වල (Container) ආනයනය නොකරන අතර වාහන 500 -700ක් ගෙන ආ හැකි විශාල නැව් එහි සතිපතා පැමිණේ.
එසේම අපි‍්‍රකාව යුරෝපීය වාහනවලට හොඳම වෙළෙඳපොළ වන අතර ඉතා හොඳම තත්ත්වයේ කාර්, වෑන්, ලොරි, බස් මහා පරිමාණයෙන් එරට විසින් ආනයනය කරනු ලබයි.
යුරෝපයේ දී හෝ ඇමෙරිකාවේ දී හොඳම තත්ත්වයේ වාහනයක් ඩොලර් 5000 - 7000 අතර මිලකට මිලදී ගත හැකි අතර තව ද එහි දී අනතුරුවලට ලක් වූ නවීන වාහන එම තත්ත්වයෙන්ම අපි‍්‍රකාව ආනයනය කරයි.
දැනට අප‍්‍රිකාවට ආනයනය කරන පරණ වාහන අලූත්වැඩියා කරන වාහන 2006 වර්ෂයට පසු ඒවා වන අතර සමහර අපි‍්‍රකානු රටවලට වසර 15ක් පමණ පැරැණි වාහන ද ආනයනය කරයි.
එසේ වුවත් ලංකාවේ පරණ වාහන (අබලි) කුමන බදු සහනයක් යටතේ අපනයනය කළත් අප‍්‍රිකාවට අපනයනය කිරීමේ දී අධික වියදමක් දැරීමට සිදුවීම වළක්වන්නට නොහැකිය.
ඒ අනුව ශ‍්‍රී ලංකා ආණ්ඩුවේ තීරණය මෙම ඉහත හඳුන්වා දීමට අනුව ප‍්‍රායෝගික නොවන බව ඉතා පැහැදිලිය.
එහෙයින් නොදන්නා අප‍්‍රිකාවක් පිළිබඳ අර්ථවිරහිත අපේක්ෂා තබා ගැනීම වෙනුවට දැනට ශ‍්‍රී ලංකාවේ ඇති ලක්ෂ පහක් පමණ වන වසර 10 - 20ට වඩා පැරැුණි වාහන පළමුව ප‍්‍රධාන නගර වෙතින් ඈත් කිරීමට දිරි දීමත් පසුව ග‍්‍රාමීය ධාවනයෙන් ඉවත් කිරීමට අවශ්‍ය දිරි දීමක් වෙනුවෙන් කි‍්‍රයා කිරීම ප‍්‍රායෝගිකය.
(ඝානා රාජ්‍යයේ සිට සේන සූරියප්පෙරුම)
srilankamirror