රනිල් - මංගල ගැටුම් මවන්නේ ලංකාදීපේ වඳුරා

Published in පුවත්
Saturday, 10 October 2015 10:03

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හා විදේශ කටයුතු ඇමැති මංගල සමරවෙර මහතා අතර ගැටුමක් ඇති බවට මාධය ඔස්සෙ ප්‍රචාරය වන පුවත් ශ්‍රිලංකාවේ ප්‍රධාන ජාතික පුවත්පතක ජේෂ්ඨ මාධ්‍යවේදියකු විසින් සිදුකරන බව හෙළිව තිබේ.

මෙම පුද්ගලයා, මංගල සමරවීර මහතා හා දේශපාලන අරවුලක සිටින අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රධානියකු වුවමනාව මත මෙම කටයුතේ නිරතව ඇති බව මේවන විට අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට ද වාර්තාවක් ලැබී ඇත. මාධ්‍යවේදීන් අතර ‘වඳුරා‘යන ආන්වර්ථ නාමයෙන් හැඳින්වෙන මෙම මාධ්‍යවේදියා අදාල අසත්‍ය පුවත් වාර්තා අග්‍රාමාත්‍ය කාර්යලයේ පරිගනක හා එම ඊමෙල් ලිපිනයන් යෝදා ගනිමින් මේ සිදු කර තිබේ. ඔහු විසින් අනෙක් ජාතික පුවත්පත් හී ආධුනික මාධ්‍යවේදින්ටද හා වෙබ් මාධ්‍යවේදින්ට මෙම පුවත් ලබා දී ප්‍රසිද්ධ කරවා ගෙන ඇත.

මෙලෙස පසුගියදා ප්‍රසිද්ධ කෙරුණු ව්‍යාජ පුවත අනුව අගමැතිවරයාගේ ජපන් සංචාරයට, ඇමරිකාවේ එක්සත් ජාතීන්ගේ සැසියට සහභාගී වී එම කටයුතු අවසන් කර සිටි විදේශ ඇමැතිවරයා සහභාගී කර නොගත් බවත් ඒ හේතුවෙන් කලකිරීමට පත් විදේශ ඇමැතිවරයා ලන්ඩන් නුවරට වී කාලය ගතකළ බවටත් බවත් ව්‍යාජ පුවතක් බෙදාහැර තිබිණි. එහෙත් විදේශ ඇමැතිවරයා ලන්ඩන් නුවරට ගියේ ජනාධිපතිවරයාගේ හා අගමැතිවරයාගේ දැනුම් දීමට අනුව විශේෂ රාජන්ත්‍රික කටයුත්තක් සඳහා බව අප කළ විමසීමකදී අගමැති කාර්යාලයේ ලේකම්වරයකු පැවැසීය. ජපන් සංචාරයේ අවසන් දිනයේදී ජපානයට පැමිණි විදේශ ඇමැතිවරයා, අගමැති වරයා සමඟ ජපාන රජයේ ඉහළම නියෝජිතයන් සමග පැවැති රාත්‍රී බොජන සංග්‍රහයේදී ජනවාරි 08 වන දින ශ්‍රී ලංකාවේ සිදුකළ ප්‍රජාතන්ත්‍රාවාදී පෙරළියේ සුවිශේෂී කාර්ය භාරක් ඉටු කළ පුද්ගලයා වන්නේ මංගල සමරවීර මහතා බව පවසමින් සමරවීර මහතාගේ ගේ කාර්යභාරය වර්ණනා කිරීමද සිදු කර තිබේ.

මේ වන විට ජිනීවා ප්‍රශ්නය අවසන් කර ගැනීමට හැකිවීම නිසා විදේශ අමාතයංශය ශ්‍රී ලංකාවේ අනාගත සංවර්ධන ඉලක්කයන් සපුරා ගැනිම වෙනුවෙන් ප්‍රතිසංස්කරණයට ලක් කරමින් තිබේ. නියෝජ්‍ය විදේශ ඇමැතිවරයා ලෙස ආර්ථික ප්‍රතිපත්ති සම්බන්ධ විශේෂඥයකු වන හර්ෂද සිල්වා මහතාව පත් කෙරුණේද ඒ වෙනුවෙනි. කෙසේ නමුත් මෙම ව්‍යාජ පුවත් බෙදා හරින්න මාධයවේදියා රජයේ ආයත්නයක ඉහල තනතුරක් බලාපොරොත්තුවෙන් සිටින බවත් දැන ගැනීමට තිබේ.

සත් හඬ පුවත්පත ඇසුරෙනි

Last modified on Saturday, 10 October 2015 10:05

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us