යහපාලන ආණ්ඩුවෙත් චීන කොමිස් මගඩි. ඩොලර් මිලියන 25ක ගැහිල්ලක් මාට්‍ටු

Published in පුවත්
Saturday, 10 October 2015 18:18

කාත්තන්කුඩි අපජලය බැහැර කිරීමේ ව්‍යාපෘතිය (Kattankudy Division Sewerage Disposal Project) ක‍්‍රියාත්මක කිරීම සඳහා ටෙන්ඩර් ලබා දීමේ දී ඇමෙරිකානු ඩොලර් මිලියන 25ක ටෙන්ඩර් මගඩියක් සිදු කර ඇත.

වත්මන් ආණ්ඩුව විසින් මහා පරිමාණ ව්‍යාපෘති ක‍්‍රියාත්මක කිරීම සඳහා පත් කර ඇති විශේෂ ප‍්‍රසම්පාදන කමිටුව මෙම වංචනික ක‍්‍රියාව සිදු කර තිබේ.

ඉකුත් ආණ්ඩු සමයේ කාත්තන්කුඩි ජල ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කිරීම සඳහා ටෙන්ඩර් කැඳවනු ලැබූ අතර එහි දී චීනයේ Hunan Engineering සමාගම ඇමෙරිකන් ඩොලර් මිලියන 78.9කුත් ප‍්‍රංශයේ Ellipse Projects සමාගම ඩොලර් මිලියන 67.2කුත් වන සේ මිල ගණන් ඉදිරිපත් කර තිබිණි.

තත්ත්වය මෙසේ තිබිය දී එවකට පැවති ආණ්ඩුවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ස්ථාවර ප‍්‍රසම්පාදන කමිටුව විසින් කාත්තන්කුඩි ජල ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කිරීම සඳහා ටෙන්ඩරය ලබා දී තිබුණේ චීනයේ Hunan සමාගමටය.

ඒ සඳහා කැබිනට් අනුමැතිය ලබා දී තිබුණේ 2014.06.19 වන දිනය.

එවකට ආණ්ඩුව විසින් චීන සමාගම වෙත ටෙන්ඩරය ප‍්‍රදානය කර තිබුණේ ඇමෙරිකන් ඩොලර් මිලියන 69කටය. ඒ බව අදාළ කැබිනට් පත‍්‍රිකාවේ ද සඳහන් වේ.

හිස් ලියුම් කවරයක් !

එහෙත් ඉකුත් ආණ්ඩුවට මෙම ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කිරීමට අවස්ථාවක් නොලැබුණු අතර මේ නිසා වත්මන් ආණ්ඩුවේ විශේෂ ප‍්‍රසම්පාදන කමිටුව චීන සහ ප‍්‍රංශ යන සමාගම් දෙකට යළිත් මිල ගණන් ඉදිරිපත් කිරීමට අවස්ථාවක් ලබා දී තිබිණි.

විශේෂ ප‍්‍රසම්පාදන කමිටුව විසින් ලියාපදිංචි තැපෑලෙන් අදාළ සමාගම් දැනුවත් කරන්නට කටයුතු කර තිබූ අතර එහි දී ප‍්‍රංශ Ellipse Projects සමාගමට යවා ඇති ලිපි කවරයේ කිසිදු ලිපියක් තිබී නැත.

හිස් ලිපි කවරය ලැබීම සම්බන්ධව විමසා බැලීමේ දී දැනගන්නට ලැබී ඇත්තේ කාත්තන්කුඩි ජල ව්‍යාපෘතිය සඳහා ටෙන්ඩර් කැඳවීමට එවන ලද ලිපිය ලිපියක් රහිත හිස් කවරයක් ලෙස ලැබී ඇති බවයි.

ප‍්‍රසම්පාදන කමිටුවට මේ බව දැනුම් දී ඇතත් ඵලක් නොවූ අතර වත්මන් ආණ්ඩුවේ විශේෂ ප‍්‍රසම්පාදන කමිටුව විසින් යළිත් වරක් මෙම ටෙන්ඩරය චීන Hunan සමාගමට ලබා දී ඇත.

එසේ ලබා දී ඇත්තේ ඇමෙරිකානු ඩොලර් මිලියන 92.9කටය. ප‍්‍රංශ Ellipse සමාගම ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කිරීමට ඩොලර් මිලියන 67කට එකඟතාව පළ කර සිටිය දී චීන Hunan සමාගමට ඩොලර් මිලියන 92.9කට ව්‍යාපෘතිය ප‍්‍රදානය කිරීම බරපතළ සැකයට තුඩු දෙන්නක් වන අතර මේ නිසා ඩොලර් මිලියන 25ක දැවැන්ත කොමිස් මගඩියක් සිදු කර ඇති බව පැහැදිලිය.


Hunan සමාගමේ මෙරට නියෝජිතයා ලෙස කටයුතු කරන්නේ සුප‍්‍රකට Acsses සමාගමේ හිමිකරු සුමල් පෙරේරාගේ බෑනණුවන්ය. ඉකුත් ආණ්ඩු සමයේ චීන සමාගම් විසින් සිදු කළ බොහෝ ව්‍යාපෘති ක‍්‍රියාත්මක වී ඇත්තේ මේ දේශීය ඒජන්තයා හරහාය.

(සත්හඬ)

Last modified on Saturday, 10 October 2015 18:28

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us