මහින්ද රාජපක්ෂ පාලන කාලයට වඩා මෛත්‍රීපාල රජය බලයට පත්වීමෙන් පසු කාලය තුල මානව හිමිකම් ක්ෂේත්‍රයේ වර්ධනයක් සිදුව ඇතැයි ඇමරිකානු වාර්තාවක් පෙන්වා දෙයි. ඇමරිකානු විදේශ කටයුතු අමාත්‍යංශයේ 2015 වර්ෂයේ මධ්‍යම කමිටු වාර්තාවට අනුව මානවහිමිකම් ක්ෂේත්‍රය සම්බන්ධව ඉදිරි පියවරයන් සහ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම සඳහා ව්‍යවස්ථාමය ක්ෂේත්‍රයේ ප්‍රතිසංසකරණ ක්‍රියාත්මක කර ඇතිබව සඳහන් වේ.

පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්ව සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව අඩු කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

අනුරාධපුරයේ දී අද (17) පැවැත්වෙන සන්ධානයේ මංගල මැතිවරණ රැළියට තමා සහභාගී නොවන බව ඇමැති දුමින්ද දිසානායක මහතා කියයි.

මහින්ද රාජපක්ෂ මහතාට හිටපු ජනාධිපතිවරයා ලෙස රජයෙන් ලබා දී තිබෙන වාහන 21 ක් ඔහුගේ මැතිවරන ප්‍රචාරක කටයුතු වෙනුවෙන් යොදා ගනිමින් සිටී. මෙම වාහන සඳහා ඉන්ධන ලබා දිමට රජයේ වියදමින් ලැබෙන අතර ඔහුගේ ආරක්ෂාවට යොදවා තිබෙන පොලිස් නිළධාරීන් 104 හා හමුදා නිළධාරීන් 105 දෙනාද මේවන විට මැතිවරණ කටයුතු සඳහා යොදවා ඇත. මීට අමතරව තවත් ආරක්ෂක නිළධාරීන් 85 දෙනෙකු ද තමාට අවශ්‍ය බව රාජපක්ෂ මහතා රජයෙන් ඉල්ලිමක් කර ඇත.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා යනු හොරු සමඟ ජීවත් වන නායකයෙකු බවත් මෙවරත් හොර නඩයක් පිරිවරා ගෙන මැතිවරණයට පැමිණ අැති බව අර්ජුන රණතුංග මහතා ප්‍රකාශ කළේය.ඔහු මේ බව පැවසුවේ ඊයේ (16) මහර පැවැත්වුණු උත්සවයක් අමතමිනි.

දේශපාලන පක්ෂ වල අර්බුද තිබුණත්, පසුගිය මැතිවරණයේදි මෙන් ෆේස්බුක් ප්‍රෝඩාවට යට නොවී ඡන්ද භාවිත කරන්නැයි හිටපු විපක්ෂ නායක නිමල් සිරිපාලද සිල්වා පැවැසීය. ඊයේ (16දා) බදුල්ල නිදහස් පක්ෂ කාර්යාලයේ පැවැති තරුණ හමුව අමතමින් ඔහු එම අදහස් දැක්වීය.

ජාතීන් සහ ආගම් නියෝජනය කරන සියලූ දේශපාලන පක්‍ෂ තහනම් කරන්නේනම් ඒ හරහා ජාතික සංහිදියාව ගොඩනැගිය හැකි බව රංගිරි දඹුලූ රජමහා විහාරාධිපති පූජ්‍ය ඉනාමළුවේ ශී‍්‍ර සුමංගල හිමියන් පවසයි.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා රාජපක්ෂ රෙජීමයේ පැහැරගෙන ගොස් අතුරුදන් කර මේ මස 18 වෙනි දිනට දින 2000ක් සම්පූර්ණවෙයි.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us