එළෙඹන මහමැතිවරණයෙන් පසුව පත්වනු ලබන නව ආණ්ඩුවේ ප්‍රධානම වගකීම වන්නේ 20 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීම බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි.19 වැනි ව්‍යවස්ථා සංශෝධනය කෙසේ හෝ සාර්ථක කර ගත් බවද 20 වැනි සංශෝධනය විවිධ ගැටලු නිසා ව්‍යාකූල වූ බව ඔහු පැවසුවේය.

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා දිස්ත්‍රික්ක පහක් සඳහා අපේක්ෂකයින් තෝරා ගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී ඊයේ (30) ආරම්භ කළ සම්මුඛ පරීක්ෂණය සඳහා තුන්සියයකට ආසන්න අපේක්ෂක අපේක්ෂිකාවන් සංඛ්‍යාවක් සහභාගී වී ඇතැයි එහි ආරංචි මාර්ග සඳහන් කරයි.

පසුගිය ජනාධිපතිවරණ සමයේදී දේශපාලන ආධාරකරුවෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකාර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රේමලාල් ජයසේකර මහතා ඇතුළු විත්තිකරුවන් යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

මහින්ද රාජපක්‍ෂ නැතිව දිනන්න බැරිය යන්න වහා ඉහළ නැග බිම පතිතවූ මොට ඊතලයක් බවට පත්වී ඇත. ජනවාරි ජයග‍්‍රහණය වෙනදා මෙන් පශ්චාත් දේශපාලන ප‍්‍රචණ්ඩ කි‍්‍රයා ලෙස තටු ගසා ඉගිලෙන්ට පටන් ගත්තා නම් තත්වය කුමක් වේද? එහෙම වුනා නම් මේ වීරයන් තවමත් සැගවුන තැන් වලින් එළියට පැමිණි නැතුවාමය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (01) පෙරවරු 10.30 වීරකැටියේ මැදමුලන සිට ජනතාව හමුවේ විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිත බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට මහතා පැවසිය.

හිටපු ජනා‍ධිපති මහින්ද රාජපක්ෂ මහතාට ශ්‍රී.ල.නි.ප. තුළින් නාමයෝජනා දීම සිදුකළහොත් හිටපු ජනාධිපතිනිය වන චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියද අගමැති අපේක්‍ෂකත්වය සඳහා ඉදිරිපත්වන බව ඒ මහත්මියගේ ලේකම් පී.දිසානායක මහතා පවසයි.

සිය නිවසේදී මෙහෙකාර කාන්තාවකට අමානුෂික ලෙස පිස්තෝලයකින් පහරදුන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ආබෲ මහතාට එරෙහිව සිදු කෙරෙන පොලිස් පරීක්ෂණ පොලිස්පති එන්. කේ. ඉලංගකෝන් මහතා විසින් රහස් පොලිසියට බාරදී තිබේ.

බලංගොඩ නන්පෙරියල් ගල යට ලෙස හැඳින්වෙන ප්‍රදේශයේ යුධ හමුදාව විසින් පවත්වාගෙන යන හෝටලයකට පසුගිය 27 වන දින ආහාර ගැනීම සඳහා පැමිණි පුද්ගලයකු විසින් එහි සිටි රණවිරු වේටර්වරයකුට මල්ලි යැයි කියා ඇමැතීම නිසා දරුණු පහර කෑමකට කව ඇතැයි වාර්තා වේ.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us