හිටපු අරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා 08 වන ඉරිදා 'සත්හඬ' පුවත්පත සඳහා ලබා දුන් සාකච්ඡාවේදී රාජපක්ෂ රෙජීමය පැවැති අවධියේදී හමුදාව, පොලීසිය හෝ ඔවුන් ගේ අනුදැනුම මත වෙනත් කණ්ඩායම් විසින් හෝ පුද්ගල පැහැර ගැනිම සිදු කළ බව පිළිගෙන තිබේ.

මාදුළුවාවේ සෝබිත හිමිගේ අභාවය ගැන 58 ලක්ෂයක ගෝත්‍රික ජනතාවක් මහත්සේ සතු‍ටු වී ඇති බව අද දිනයේ සමාජ ජාලාවල සැරි සැරීමේදී පැහැදිලිව පෙනීයයි.

ප්‍රේම්කුමාර් ගුණරත්නම් මහතා තමා පක්ෂ නායකත්වය දරණ අවදියේදී පක්ෂයේ අභ්‍යන්තර දේශපාලන මණ්ඩලයේ සිටිය බව ජවිපේ හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතා පිළිගෙන තිබේ.

පසුගියදා නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය තිලක් මාරපන මහතා සිදු කළ විශේෂ ප්‍රකාශය මුල්කරගෙන ඒ මහතාට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කරන්නේ නම් ඊට සහය දීමට එජාපයේ ඇමැතිවරු හා මන්ත්‍රීවරු ‍රැසක් සූදනමින් සිටින බව වාර්තාවේ.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාබය රාජපක්ෂ මහතා විසින් 'සත්හඬ' පුවත් පතට ලබා දුන් සම්මුඛ සාකච්ඡාවේදී 2012 වසරේදී ප්‍රේමකුමාර් ගුණරත්නම් මහතා අත්අඩංගුවට ගැනිම සඳහා තමන් තොරතුරු ලබා දුන් බවට කළ ප්‍රකාශය අසත්‍යයක් බවත් තමාගේ කිර්ති නාමයට කෙලසා දැමිමක් බවටත් චෝදනා කරමින් අධිකරණමය ක්‍රියා මාර්ගයක් ගැනිමට ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා සූදානම් වන බව එම පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි. පක්ෂයේ සෙසු නායකයන් එය සිදුකළ යුතු බවට දැඩි තීන්දුවක පසුවීම මත මෙම තීරණය ගෙන ඇති බවත් දැන ගැනීමට තිබේ.

පසුගියදා කොළඹදී HNDA සිසුන්ට එල්ල කළ පොලිස් ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා අගමැතිවරයා විසින් පත්කළ කමිටුවේ ප්‍රධානියා වන විදුලි බල අමාත්‍යංශයේ ලේකම් වන සුරේන් බටගොඩ මහතා හා එම පහර දීම සම්බන්ධයෙන් වගකිව යුත් බස්නාහිර පළාත්භාර ජේෂ්ඨ නියොජය පොලිස්ප්ති පූජිත ජයසුන්ද යන දෙන් දෙන්නා ශ්‍රී ජයවර්ධන පුර සරසවියේ එකම කාලයක ඉගෙනුම ලැබූ සමීප මිතුරන් දෙදෙනකු බව හෙළිව තිබේ.

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ මරණය මිනී මැරුමක් බව ඒ සම්බන්ධයෙන් සිදුකෙරුණු පොලිස් පරීක්ෂණ වලින් අනාවරණය වී ඇති නමුදු එය මිනීමැරුමක් බව සඳහන් කොට අවශ්‍ය අධිකරණමය ක්‍රියා මාර්ග ගැනීම නිතිපති දෙපාර්තමේන්තුව හිතා මතාම අදිමදි කරමින් සිටින බව පොලිස් මුලස්ථාන ආරංචි මාර්ග පවසයි.

කොළඹ වරාය නගරය ඉදිකිරීමේ ව්‍යාපෘතිය ඉදිකිරීමේ කටයුතු පිළිබඳව මතු වී ඇති මතභේදාත්මක තත්වයක් මත වත්මන් ආණ්ඩුව තුළ යම් අර්බුධකාරී තත්වයක් මතුව ඇතැයි වාර්තා වේ.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us