දහනයේදී කාබන්ඩයොක්සයිඞ් මුදාහරින ඉන්ධන භාවිතය අවම කළ හැකි නම් වඩා සෞඛ්‍ය සම්පන්න පරිසරයක් බිහිකර ගත හැකි බව ඉන්දීය හිටපු ජනාධිපති ආචාර්ය අබ්දුල් කලාම් මහතා පවසයි. ‘‘දැනුම පදනම් කරගත් ආර්ථිකයක් සඳහා වූ බලශක්ති ප‍්‍රවේශය’’ මැයෙන් කොළඹදී ඊයේ (26)ආරම්භ වූ සමුළුව අමතමින් ඔහු ඒ බව පැවසුවේය.

එළඹෙන මහා මැතිවරණයේ සටන් පාඨය රනිල් ද මහින්ද ද යන්න බව ඩලස් අලහප්පෙරුම ප්‍රකාශයට පත් කර හමාරය. මහින්ද රාජපක්ෂ ගැන අධි තක්සේරුවක් ලබාදෙන මහින්ද කල්ලියේ පතාකයන් වන දිනේෂ්, වීරවංශ හා ගම්මන්පිල ඝෝෂක ත්‍රිත්වය මේ දවස්වල නිහඬය. ජනවාරි ඇද වැටීමෙන් පසුව, මේ ඝෝෂකයන් මහින්ද උස්සා තැබීමට ගත් වෙහෙස අප්‍රමාණය. ඒ සියලු උත්සාහයන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සිය ඇඟිලි තුඩින් නිෂේධ කර හැරියේය.

ජවිපෙ හිටපු නායක සෝමවංශ මහතා විසින් අද දින සිය දේශපාලන පක්ෂය 'ජනතා සේවක පක්ෂය' ලෙස නම් කළ බව පැවැසීය. 

එළැඹෙන මහා මැතිවරණයට සෑම පක්ෂයකින්ම තරග වදින අපේක්ෂකයන් සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් දියත් කිරීමට අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය කටයුතු කරමින් සිටී.

ශ්‍රී-ලංකා යුධහමුදාවේ රත්නායක මුදියන්සේලාගේ සුනිල් රත්නායකට වසර 13කට ප්‍රථම සිදුකරන ලද සමූල ඝාතනයක් සම්බන්ධයෙන් පෙරෙයිදා(25) මරණ දඬුවම හිමිවුනි. මේ සම්බන්ධයෙන් නොයෙකුත් පුද්ගලයන් නොයෙකුත් ආකාරයේ ප්‍රකාශ නිකුත්කරමින් සිටිති.

ළග එන මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයට බහුතර බලයක් ලබාදෙන්නේ නම්, රාජ්‍ය සේවකයන්ට ලබාදී ඇති වැටුප් වර්ධකය මූලික වැටුපට එකතු කරන බව ගයන්ත කරුණාතිලක මහතා පැවසුවේය.

A5 මාර්ගයේ බදුල්ල - චෙන්කලාඩි දක්වා කොටස සංවර්ධන කිරිමට අදාළ ප්‍රතිපාදන ලබා ගැනීම සඳහ සහ බස්නාහිර පළාතේ තෝරාගත් මාර්ග කිහිපයක සංවර්ධන කටයුතු සඳහා වන ගිවිසුම් දෙකකට ශ්‍රී ලංකා රජය සහ ශ්‍රි ලංකා රජය සහ අන්තර්ජාතික සංවර්ධනය පිළිබඳ ඔපෙක් අරමුදල අත්සන් ඊයේ (26) ඔස්ට්‍රියාවේ වියානා නුවර දී අත්සන් තැබීය.

අද (26) ට යෙදී ඇති ලෝක මත්ද්‍රව්‍ය විරෝධී ජාත්‍යන්තර දිනයට සමගාමීව නීති විරෝධී මත්පැන් හා මත්ද්‍රව්‍ය අත් අඩංගුවට ගැනීමේ මෙහෙයුම් පුළුල් කර ඇති බව පොලිස් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us