තාජුඩීන්ගේ මරණය, ඝාතනයක් බව කියන්න නීතිපති පැකිලේ.

Published in පුවත්
Saturday, 07 November 2015 09:29

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ මරණය මිනී මැරුමක් බව ඒ සම්බන්ධයෙන් සිදුකෙරුණු පොලිස් පරීක්ෂණ වලින් අනාවරණය වී ඇති නමුදු එය මිනීමැරුමක් බව සඳහන් කොට අවශ්‍ය අධිකරණමය ක්‍රියා මාර්ග ගැනීම නිතිපති දෙපාර්තමේන්තුව හිතා මතාම අදිමදි කරමින් සිටින බව පොලිස් මුලස්ථාන ආරංචි මාර්ග පවසයි.

මෙම ඝාතනය සම්බන්ධයෙන් චෝදනා ලැබූවන් අතර නාමල් රාජපක්ෂ මහතා හා කැප්ටන් තිස්ස නැමැති මේවන විටත් උතුරේ හමුද කඳවුරක සේවය කරන කූප්‍රකට මහින්දවාදී නිළධාරියාද වන බව එම ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහන් කරයි. කැප්ටන් තිස්ස යනු ගෝඨාභයගේ සුදු වැන් බලකායේ ප්‍රධානියෙකි. එමෙන්ම ඔහු පසුගිය රාජපක්ෂ පාලන යුගයේදී ජනාධිපති බිරිඳ ශිරන්ති රාජපක්ෂගේ ආරක්ෂකයන් කණ්ඩායමේ සිටි පුද්ගලයකු බව ද තොරතුරු අනාවරණය වී ඇත.තජුඩීන්ගේ මරණය ශ්‍රී ලංකා රගර් පරිපාලනය සම්බන්ධයෙන් වූ ගැ‍ටුමක් දුරදිග යාම නිසා වූවක් බවටද තොරතුරු ලැබී ඇතැයි ද දැන ගන්නට ලැබී තිබේ.

මේ අතර ඝාතනය කර මෝටර් රථයට දමා ගිනිතබන ලද තාජුඞීන්ගේ මෘත ශරීරයේ කලවා අස්ථි යුගලය අතුරුදන්වී ඇතැයි අනාවරණය වෙයි.

හිටපු රගර් ක‍්‍රීඩකයාගේ මෘත ශරීරය නැවත ගොඩගෙන එම මරණය පිළිබඳ පරීක්ෂණ පැවැත්වීමේ දී මේ පිළිබඳ ව කරුණු අනාවරණය වී ඇති අතර, මෙම අස්ථි අතුරුදන් වීම බොහෝ දුරට පළමු මරණ පරීක්ෂණයේ දී සිදු වන්නට ඇතැයි සැක පළ වේ.

හිටපු රගර් ක‍්‍රීඩකයාගේ මෘත දේහයේ කලවා අස්ථි යුගලය ඉවත් කිරීමට බොහෝ දුරට හේතු වන්නට ඇත්තේ මෙම ඝාතනයේ සුල මුල අනාවරණය වීම වැළැක්වීම වන්නට හැකි බව පවසන පරීක්ෂණ කණ්ඩායම් කලවා යුගලයට වෙඩි තැබීමක හෝ උල් ආයුධයකින් ඇනීමක් හෝ සිදු කළා නම් එම ප‍්‍රහාරවල ලකුණු කලවා අස්ථි මත සටහන් වී තිබීම මෙම අස්ථි යුගලය අතුරුදන් කිරීමට හේතුව වන්නට ඇති බවද ප‍්‍රකාශ කරයි.

මෙම අභිරහස් මරණය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන රහස් පොලිස් නිලධාරීන්ට ආරක්ෂ අමාත්‍යංශයේ ප්‍රධාන නිළධාරියකුගෙන් ද දිගින් දිගටම බලපෑම් එල්ල වී ඇතැයි පොලිස් මුලස්ථාන ආරංචිමාර්ග සඳහන් කරයි.

Last modified on Saturday, 07 November 2015 09:33

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us