ඊයේ මැදමුලනේ ප්‍රකාශය ඉදිරිපත් කිරීම සඳහා කළ සංදර්ශනයට ශ්‍රී ලනීපයේ මන්ත්‍රීවරු සියයකට අධික සංඛ්‍යාවක සහභාගී වනු ඇති බවට බලපොරොත්තු වුවත් ඒ 28 දෙනෙකුට සීමාවීම නිසා වෙනම තරග කිරීම සඳහා ගත් තීරණය යළි අකුළා ගැනීමට සිදුවිය හැකි බව එම කණ්ඩායමේ ආරංචි මාර්ග පවසයි.

උසස් පොලිස් නිළධාරින් 07 දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබාදී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී දෙමළ ජාතික ජනතා පෙරමුණ දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත්වී තනිවම තරග කිරීමට තීරණය කර ඇත.

පොසොන් පොහොය වෙනුවෙන් පැවති ශිල ව්‍යාපාරයට සහභාගි නොවූ දරුවන්ට දඩුවමක් වශයෙන් පාසලේ වැසිකිලි සේදීමක් සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් විභාග කිරීමට බොරැල්ල සීවලී මධ්‍ය මහා විද්‍යාලයට ගිය ජාතික ළමා ආරක්‍ෂක අධිකාරියේ විමර්ශන නිළධාරියාට විදුහල්පති සිඞ්නි අශෝක ලොකුකුමාර මහතා විසින් බැන තර්ජනය කර ඇතැයි ජාතික ළමා ආරක්‍ෂක අධිකාරියේ තොරතුරු අනාවරණය කරයි.

කොල්ලුපිටිය සහ හම්බන්තොට ඉදිකිරීමට නියමිතව තිබූ යැට්(Hyatt) හෝටල් ඉදිකිරීමේදී සිදු වූ වංචා දුෂණ සෙවීමට පත් කළ අධිකරණ විගණන වාර්තා අනුව මේවනවිට එය ඉදිකිරීමට වැය වෙතැයි ගණන් බලා තිබූ මුදල මෙන් දෙගුණයකට වඩා මුදලක් වියදම්ව ඇති බව හෙළිව තිබේ. ඇස්තමේන්තු  කර තිබූ  මුදල රුපියල් බිලියන 13 ක් වුවත් එය රුපියල්  බිලියන 27 දක්වා වැඩිවීම හේතුවෙන්  කැන්විල් සමාගමට  රුපියල්  බිලියන 9ක මුදල් හිඟ කමක් පවතින බව  සමාගමේ නව අධ්‍යක්ෂ මණ්ඩලය ඊයේ අනාවරණය කර තිබුණි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් නාමයෝජනා හෝ නොදීය යුතු යැයි දැඩි ස්ථාවරයක සිටින ශ්‍රී ලනීප ප්‍රධානින් කණ්ඩායමක් මේ මොහොතේදී ජනධිපතිවරයා සමඟ තීරණාත්මක සාකච්ඡාවක යෙදී සිටින බව වාර්තාවේ.

ඉදිරි මහ මැතිවරණයේදී තමන් තරග කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මීට නොබෝ වේලාවකට පෙර පැවසුවේය. මැදමුලනේ පිහිටි සිය නිවසේදී විශේෂ ප‍්‍රකාශයක් කරමින් ඔහු මේ බව කියා සිටියේය. එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයට අයත් පක්‍ෂ නායකයන්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් සභා සන්ධාන මැති ඇමැතිවරුන්, පළාත් පාලන ආයතන නියෝජිතයන් හා හිටපු මහජන නියෝජිතයෝ පිරිසක්‌ මැදමුලනට පැමිණ සිටියේය.

තමාගේ ඡන්ද පොළ පිහිටි ප්‍රදේශයේදී ඡන්දය දීමට නොහැකි වෙතැයි සාධාරණ බියක් ඇති අයෙකුට වෙනත් ඡන්ද පොළකදී ඡන්දය දීම සඳහා පහසුකම් සලසා දෙන ලෙස ඉල්ලුම් කිරීමට අවස්ථාව උදාවී තිබේ.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us