මහින්ද, බුද්ධි අංශ 'පීචං' කර දමයි. මහා බංකර් හැදුවේ දුන්නු තොරතුරු නිසාලු.

Published in පුවත්
Sunday, 25 October 2015 18:31

ජනාධිපති මන්දිරයේ තිබුණේ භූගත මන්දිරයක් නොව යුද සමයේදී සාකච්ඡා පැවැත්වූ බංකරයක් බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා අද (25දා) ප්‍රකාශ කළේය.

නාරාහේන්පිට අභයාරාමයේදී පැවැති හමුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ යුද සමයේදී එල්ල වූ තර්ජන හේතුවෙන් එවැනි බංකරයක අවශ්‍යතාව දැනී තිබුණු බවත්, ඒ අනුව එය ඉදි කළ බවත්ය.

“මෙතෙන්ට අහසින් ඇවිත් ප්ලේන්වලින් ගැහුවා කියලා අද තරුණයන්ට අමතක වෙලා. කොළඹට ගැහුවා. කොටින්ට ප්ලේන් තියෙනවා, නැව් තියෙනවා කිව්වාම අපි ඒකට සූදානම් වුණා' යනුවෙන් හෙතෙම වැඩිදුරටත් පවසා සිටියේය.

එහෙත් අප වෙත ඇති තොරතුරු අනුව මෙහි සාකච්ඡා, සාමාගම්, සාජ්ජ පවත්වා ඇත්තේ නාමල් රාජපක්ෂ හා ඔහුගේ මිතුරු මිතුරියන්ය. මහින්ද රාජපක්ෂ මහතා මෙහි පැමිණ ඇත්තේ එක දිනක් පමණි. ඒ ද විනාඩි කිහිපයකටය.

රාජපක්ෂ පදිංචිව සිටි අරලිය ගහ මන්දිරයේ ආරක්ෂක බංකර් තිබීම පිළිගත හැකිය. ආරක්ෂක මණ්ඩල සාක්ච්ඡා ආදිය එහි පැවැත්වීමත් සිදු විය හැකිය. එහෙත් ආරක්ෂක බංකර් වෙනුවට සුඛෝපභෝගී බංකර් මාළිගා තැනීමේ අවශ්‍යතාවය කුමක්ද යන්න රාජපක්ෂවරු පැහැදිලි කරන්නේ නම් මැනවි.

මේ තනිකරම ඒකාධිපති මානසික අවශ්‍යතාවයක් සන්තර්පනය කර ගැනීම වෙනුවෙන් මහජනතාවගේ මුදල් නැති බංගස්ථාක කිරීමක් පමණි.

රාජපක්ෂ පවසන ලෙස '..කොටින්ට නැව් තියෙනවා ප්ලේන් තියෙනවා කිව්ව්වාම අපි එකට සූදානම් වුණා..' කියන කතාව මේ රටේ ආරක්ෂක බුද්ධි අංශ 'පීචං'කර දැමීම වෙනුවෙන් හිතා මතාම කියපු කතාවක් වැනිය. රාජපක්ෂ මහතාට කොටින්ට ප්ලේන් තියෙනවා, නැව් තියෙනව කියා කවුරු විසින් පැවැසූවත් ඒ බුද්ධි අංශවලට ඒ නැව් හෝ ප්ලේන් ගැන නිවැරදි තොරතුරක්, මේ ලෝක දැනුමක් තිබී නැති බවත් මේ කතාවෙන් පැහැදිලිය. එහෙව් බුද්ධි අංශයක් සමඟ මේ යුද්ධය ජය ගැනීමත් අපූරු වැඩකි.

ඊටත් වඩා පසුගිය කාලයේ සිදුව තිබෙන දේශපාලන ඝාතන, මාධ්‍යවේදී ඝාතන ආදි රාජපක්ෂලාගේ දේශපාලන අපරාධ සියල්ල කර තිබෙන්නේ මේ බුද්ධි අංශ විසින් බව දැන් අනාවරණය වී තිබේ. ඒ අනුව මේ බුද්ධි අංශ යුද්ධය වෙනුවෙන් කිසිවක් කර නැති ගානය. කොටින්ගේ ප්ලේන් ගැන නැව් ගැන රාජපක්ෂ මහතාට ලබා දී තිබෙන වාර්තා බුද්ධි අංශ විසින් ලබා දුන් ඒවා නම්, ඒ පට්ට පල් බොරු ගොඩකි. මන්ද මේ බංකර තනා ඇත්තේ එසේ මෙසේ ප්‍රහාරයකින් බේරීමටද නොවේ. දීර්ග කාලයක් තිස්සේ කෙරෙන දැවන්ත ගුවන් ප්‍රහාරයන්ට ඔරොත්තු දෙන ලෙසය. එල්ටීටීඊයේ කුරුම්බැට්ටි ගුවන් ප්‍රහාරයෙන් පසුව තමන්ට බුද්ධි අංශ ලබා දුන් තොරතුරු බොරු බව රාජපක්ෂ මහතා හොඳින්ම අවබෝධ කර ගන්නට ඇත. අද බුද්ධි අංශ 'පීචං'වෙන විදිහේ කතාවක් කීවේ ඒ විය හැකිය.

 

Last modified on Sunday, 25 October 2015 19:31

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us