මෙන්න, මහින්දගේ පොළව යට මාළිගාවේ ඡායාරූප ! ඒකේ නැකත හදල තියෙන්නෙත් සුමනදාස. Featured

Published in පුවත්
Friday, 23 October 2015 22:20

කොළඹ කො‍ටුව ජනාධිපති මන්දිරය (රජ ගෙදර) හා සම්බන්ධකොට එම පරිශ්‍රයේ පොළව යට ඉදි කොට ඇති අධි සුඛෝපභෝගී මන්දිරය ඉදිකිරීම සඳනා නැකත් බැලීම,  බහිරව පූජා පැවැත්වීම, වාස්තු දෝශ බැලිම ආදිය සිදු කොට තිබෙන්නේ රාජකීය දෛවඥාඥයා ලෙස වැඩ සිටි සුමනදාස අබේගුණවර්ධන මහතා විසින් බව ජනාධිපති මන්දිරයේ සේවකයෝ පවසති.

නමුත් ඒ නැකැත් බැලිල්ලෙන් මහින්ද රාජපක්ෂට එම මන්දිරය අතහැර යෑමට සිදුවීම පමණක් නොව ජීවිත කාලය පුරා ජනාධිපති පු‍ටුවේ වාඩිවී සිටීමට තිබු හීනයත් අහවර වූ බව එම මන්දිරයේ සේවකයෝ පවසති.

ඒ කොහොම නමුත් මෙම පොළව යට මාළිගාව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අනු දැනුම පරිදිය පසුගිය යුධ සමයේදී ඉදිකිරීම් කටයුතු ආරම්බ කර තිබේ. එහි කටයුතු අවසන් කර ඇත්තේ යුද්ධයත් අවසන් වී වසර කිහිපයකටත් පසුවය.

එල්ටීටීඊයෙන් එල්ල වූ ගුවන් ප්‍රහාර තර්ජනය නිසා මෙය රාජපක්ෂ පවුලේ ජීවිත ආරක්ෂාව පතා ඉදි කළ බංකරයක් ලෙස එහි ඉදිකිරීම කළ ආරක්ෂක අංශ සාමාජිකයන්ට පවසා තිබු නමුත් ආරක්ෂක විශේෂඥයන් පෙන්වා දෙන්නේ කොළඹ මර්මස්ථාන වන වරාය හා නාවික හමුදා කඳවුර ආදීය පිහිටා තිබෙන තැනක මෙසේ ආරක්ෂක බංකරයක් ඉදිකිරීම විකාර සහගත බවය. මේ වෙනත් වුවමනාවක් වෙනුවෙන් මිසක මෙය එල්ටීටීඊයෙන් ආරක්ෂාවීම සඳහා ඉදිකළ ආරක්ෂක බංකරයක් ලෙස හැඳින්විය නොහැකි බව ඔවුන්ගේ මතයයි. එසේම හිටපු ජනාධිපතිවරයා හා එම පවුලේ සාමාජිකයන් පදිංචිව සිටියේ මෙම ජනධිපති මන්දිරයේ නොව අරලියගහ මැදුරේය. එල්ටීටීඊ ඉලක්කයක් බවට පත්ව තිබුනේද අරලිය ගහ මන්දිරයය. ඔවුන් එල්ල කළ ගුවන් ප්‍රහාර කිහිපයද එම මන්දිරය ඉලක්ක කර ගත් බව පැහැදිලි කරුණකි. එම තත්වයන් අනුව මෙම පොළව යට මාලිගාව ඉදි කළ යුතුව තිබුණේ අරලිය ගහ මන්දිරයේ පොළව යටය.


ඒ කෙසේ නමුත් අප වෙත ලැබි ඇති තොරතුරු අනුව මම පොළව යට මාලිගාව ලෙස අප විසින් හඳුන්වනු ලබන මන්දිරය පොළව යටට මහල් දෙකකින්ද පොළවෙන් මතුපිට මහල් 2 කින්ද යුක්තය. එක් මහල වපසරිය වර්ග අඩි 3000 ක් පමණ වන අතර මහල් හතරම වර්ග අඩි 12,000ක් පමණ වේ. විදුලි සෝපානයක්ද මේ මහල් 4 සම්බන්ධකර ක්‍රියාත්මක වන අතර මුළු ගොඩ නැගිල්ලම ස්වයංක්‍රීය වායුසමිකරණ පද්ධතියකින් සමන්විතය. ඒ පැය 24 මුලුල්ලේ නොකඩවා ක්‍රියාත්මක වේ.

මෙම ගොඩනැගිල්ලේ සිට වරාය දෙසට උමගක් ද සැලසුම් කර තිබෙන අතර එහි කටයු‍තු අඩක් නිමකර නවතා දමා ඇත. මෙහි ඉදිකිරීම් කටයුතු සිදු කරනු ලැබුවේ නාවික හමුදා හා යුධ හමුදා සෙබළු හා නිළධාරීන් පිරිසකගෙන් සමන්විත විශේෂ ඒකකයක් මඟිනි. එහෙත් එම ඉදිකිරීම කටයුතුවලට අදාල ලියකියවිලි වියදම් ලැයිස්තු හෝ කිසිදු ලියැවිල්ලක ආරක්ෂක අමාත්‍යංශය සතුව නොමැති බව අප විසින් කල සොයා බැලීමක්දී අනාවරණය විය. මේ ඉතා රහසිගතව සිදු කළ ඉදිකිරීමක් වන අතර මේ දැවැන්ත ඉදිකිරීමක් මෙතරම් රහසිගතව සිදු කළේ කෙසේදැයි යන්නද ප්‍රශනකාරීය.

මෙහි බිත්තියක පලල අඩි 4 කට වැඩි වන අතර ඒ සම්පූර්නයෙන් යකඩ කම්බි යොදා වැර ගන්වන ලද කොන්ක්‍රීට් වලින් සමන්විතය. කොන්ක්‍රීට් ස්ලැබ් (තට්‍ටු) ද අඩි 4ක පමණ පළලින් යුතුය.

අප සතුව තිබූ තොරතුරු අනුව මේසා විශාල ඉදිකිරීමක සඳහා වන දළ වියදම රුපියල් බිලියන 3ක් හෝ ඊට වැඩි විය යුතු බව ගොඩනැගිලි ඇස්තමේන්තුකරුවන් පෙන්වා දෙයි.

එමෙන්ම මෙම ගොඩනැගිල්ලේ මහල් හතරේම තිබෙන්නේ ඉතාලියෙන් ගෙන්වන ලද ගෘහභාන්ඩ, බිම් ඇතිරුම්(කාපට්) හා නාම කාමර කට්ටලයන්ය.

හිටපු ජනාධිපතිවරයා මෙම ඉදිකිරීම සිදු කළ නමුදු ඔහු මෙම ගොඩනැගිල්ලට පැමිණ තිබෙන්නේ දින දෙකක් පමණි. ඒ ඉදිකිරීම් සිදු කෙරෙමින් පැවැති අවධියේදී හා ඉදිකිරීම් සිදු කිරීමෙන් අනතුරුවය. මේ නිවස පාවිච්චි කර තිබෙන්න නාමල් රාජපක්ෂ විසින්ය. ඔහුගේ රග්බි මිතුරන් හා සමීපතම මිතුරු මිතුරියන්ගේ ජනප්‍රිය නවා නැනක් වූ මේ නිවස ජනාධිපති මන්දිරයේ සේවයකන් විසින් හඳුන්වන්නේ නාමල් බේබිගේ 'රගර් ගෙදර'ලෙසය.

රාජපක්ෂලා වෙනුවෙන් ඉදිවුණු කන්කසන්තුරේ සුපිරි මාලිගාවක් ආරුගම්බේ මාලිගාවක් ගැනද පසුගිය කාලයේ හෙළිවිය.

මේ යන විදිහට තව තවත් මාලිගා තව කොහේ කොහේ මතුවේවිදැයි අප දන්නේ නැත. තංගල්ලෙ කාල්ටන්, නිවස පරිශයය ගැනද සැකසහිත කරුනු තිබෙන බව අප විසින් පසුගිය පෙබරවාරී මාසයේදී තොරතුරු හෙලි කළෙමු. ඒ අධි තාක්ෂණික සන්නිවේදන උපකරණ ‍රැසක් කාල්ටන් නිවසට ගෙන ගිය බවට වන තොරතුරු කිහිපයකි .

'..චීන සමාගම විසින් ආනයනය කරන ලද වීඩියෝ සම්මන්ත්‍රණ සඳහා වූ නවතම උපාංග කට්ටල අටක්, විශාල ප්‍රමාණයේ LCD දර්ශන පුළුල් තිර හතරක් , නවීන මාදිලියේ විදුලි සංදේශ උපකරණ කට්ටල අති විශාල ප්‍රමාණයක්, ඕනෑම දුරකතන පද්ධතියක් හරහා සිදුකරන දුරකතන සංවාද වලට රහසෙන් සවන්දිය හැකි උපකරණ පද්ධතියක්.. තංගල්ලේ කාල්ටන් නිවෙස වෙත ගෙන ගොස් ඇත....'
'.. එමෙන්ම මෙම චීන සමාගම විසින් 2011 වසරේ නොවැම්බර් මාසයේදී කාලටන් නිවසේ හා මැදමුලන නිවසේ අලුත් වැඩියාව සඳහා වූ පිඟන් ගඩොල්, වායුසමීකරණ උපකරණ, ගෘහභාණ්ඩ ආදියද චීනයෙන් ආනයනය කර ඇත...'

ඒ කෙසේ වූවත් මේ සියල්ල මෙරට මහජනතාවගෙන් එකතු කරන බදු මුදලෙන් කරනු ලැබූ ඒවා බව මහජනතාව දැන් ගත යුතුව තිබේ.මේවාට දැන් ණය ගෙවන්නේ මහජනතාවය.

රාජපක්ෂලගේ බිලියන් ගනනින් වන ගිණුම් ඇත්තේ පිටරටවලය. වුන් මේ ණය ගෙවන්නේ නැත. තවත් බලා ඉන්නේ තව තවත් හොරා කන්නෙ කොහොමද කියාය. මේ හොර තක්කඩි රාජපක්ෂලා මත්තේ නැහෙන තකතීරූ ජනතාවක් මේ රටේ කරුමයට දෝ තවමත් ඉතුරුව සිටී. වත්මන් පාලකයොන්ටද දැන් රාජපක්ෂලා ගැන වගේ වගක් නැති ගානය. යහපාලනය ගැන සිහින දැක්ක වුන් කිහිප දෙනෙකු මේ හොර තක්කඩියන් නීතියේ ‍රැහනට හසු කිරීමට ගන්නා උත්සාහයටවත් මේ යහපාලකයන්ගෙන් සහයක් නැත. එතනත් යන්නේ ගේමකි. ඊට රටේ ජනතාව ඉඩ දිය යුතු නොවේ. යහපාලනය අවශ්‍ය වූයේ රටේ ජනතාවට මිසක් මෛත්‍රීට රනිල්ට හෝ වෙනත් දේශපාලන නායකයන්ට නොවේ. දේශපාලකයන්ට හැමදාම යහපාලනය තිබිණි. එය නැති වුණේ ජනතාවටය. ඒ වෙනුවෙන් ජනතාව නොකඩවා අරගල කළ යුතුය. ඒ බව අපි එදත් කීවෙමු. අදත් කියමු.

 

සැබැඳි පුවත් : කොළඹ ජනාධිපති මන්දිරය යට තවත් සුඛෝපභොගී මාළිගාවක් !

mr-palace-1

mr-palace-2

mr-palace-3

mr-palace-4

mr-palace-5

mr-palace-6mr-palace-7mr-palace-8mr-palace-9mr-palace-10mr-palace-11mr-palace-12mr-palace-13mr-palace-14mr-palace-15mr-palace-16mr-palace-17mr-palace-18mr-palace-19mr-palace-20mr-palace-21mr-palace-22mr-palace-23mr-palace-24mr-palace-25mr-palace-26mr-palace-27mr-palace-28mr-palace-29

Last modified on Saturday, 24 October 2015 16:43

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us