හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද (23) උදෑසන අල්ලස් කොමිසම හමුවට පැමිණියේය. කොමිසම වෙත ගිය ගෝඨාභය රාජපක්ෂ මහතා ප‍්‍රකාශයක් ලබාදීම සඳහා වෙනත් දිනයක් ලබාදෙන ලෙස ඉල්ලීමක් කර ඇති බව වාර්තාවේ.

ඊයේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබේ.

මාස කිහිපයක් තිස්සේ දූෂිතයන් වංචාකරුවන්, අපරාධකරුවන් සම්බන්ධයෙන් ලැබී තිබු පැමිණිළි විභාග කරමින් මේ වන විට ඔවුන් නීතිය හමුවට ගෙන ඒම සඳහා වත්මන් පාලනය විසින් ගෙන යන මෙහෙය ජනතා ප්‍රසාදයට හේතු වී තිබෙන බව මේ සම්බන්ධයෙන් කළ සමීක්ෂණ වාර්තාවකින් පෙන්වා දෙයි. විශේෂයෙන් තරුණ පරපුරේ දේශපාලන මතය ප්‍රකාශයට පත් කෙරෙන ෆේස්බුක් ට්වීටර් වැනි සමාජ ජාලාවල පල වූ මත සම්බන්ධයෙන් කළේ සමීක්ෂණයකදී සාතිශය බහුතරය (සියයට 75 ක පමණ දෙනා) නීතිය ක්‍රියාත්මක කරවීම ගැන අගය කර ඇත.

මෙරට පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් යෝජනාවූ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනය ඊයේ (22දා) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කෙරුණු අතර, එය ප්‍රතිපත්තියක් ලෙස කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර ඇති බව වාර්තා වෙයි.

'රටේ ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව ඇති ප්‍රධාන තර්ජනය යටපත් නොකළහොත්, රටටත් ජනතාවටත් විජයග්‍රහණ ළඟා කරදෙන පාලනයක් කරා ගමන් කිරීමට ඔබට නොහැකි වනු ඇතැයි' අවධාරණය කරමින් වත්මන් ආණ්ඩුව බලයට පත්වී දින 10කදී තමා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ලිපියක් භාරදුන් බව ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත් වූ එම පක්ෂයේ හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතා ඊයේ (22දා) හෙළි කෙළේය.

19 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය සති දෙකක්‌ ඇතුළත අනිවාර්යයෙන්ම සම්මත කර ගන්නා බව ඉතා වගකීමෙන් සඳහන් කරන බව ජාතික හෙළ උරුමයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ ඊයේ (22 ) සඳහන් කළහ.

ඌව පළාත් මහ ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා සහ ඔහුගේ ඥති සොහොයුරකු අතර ඊයේ (22 වැනිදා) දහවල් ඇතිවූ ගැටුමකින් ඔවුන් දෙදෙනාම තුවාල ලබා රෝහල්ගත කර ඇත.කොල්ලුපිටියේ පිහිටි කොළඹ පිහිනුම් සමාජ ආපන ශාලාවේදී ඊයේ සවස 2.30 ට පමණ මෙම ගැටුම සිදුවී ඇති බව පොලිසිය පවසයි.

රජයට අද (23) දින සියය සම්පූර්ණ වේ. ජනවාරි 08 දා පැවති ජනාධිපතිවරණයෙන් මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති ධූරයට පත් වීමෙන් පසුව බිහි වූ නව රජයේ දින සියයේ වැඩ සටහනේ සියවන දිනය ද අද වේ.

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us