අත්අඩංගුවට ගත් පරිසරවේදීන්ව නිදහස් කරයි

Published in පුවත්
Saturday, 03 October 2015 17:07

දැදුරු ඔය විනාශ කරන ජිෆී සමාගම සම්බන්ධයෙන් තොරතුරු රැස්කිරීමට ගිය පරිසරවේදී රවීන්ද්‍ර කාරියවසම් ඇතුළු පිරිස කුරුණෑගල, කොබෙයිගනේ පොලිසිය මීට ස්වල්ප වේලාවකට පෙර නිදහස්කර තිබේ. ජිෆී සමාගමේ පරිපාලනෙන් එල්ල වු බලපෑම මත ඔවුනේ අත් අඩංගුවට ගෙන තිබුණු අතර මාධ්‍ය මඟින් මෙම තොරතුරු අනාවරණය කිරීමෙන් පසුව පරිසර අමාත්‍ය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කාර්යාලයෙන් කළ විමසීමකින් පසුව ඔවුන්ව වහාම නිදහස් කිරීමට පොලිසිය කටයුතු කර තිබේ.

එමෙන්ම පරිසරවේදීන්ගේ කටයුතු තවදුරටත් බාධාවකින් තොරව කරගෙන යාමටද පොලිසිය ඉඩකඩ ලබා දෙන බවත් පොරොන්දු වී ඇත.

කෙසේ නමුත් දැදුරු ඔය විනාශ කරන ජීෆී සමාගමේ ඉහළ නිලධාරීන් ‍රැසක් ඒ මොහොත වන විටත් පොලීසියේ ඉහළ නිළධාරියකු සමඟ සාකච්ඡා කරමින් පරිසරවේදින් සතුව තිබූ වීඩියෝපට ලබා ගැනීමටද උත්සහ කර ඇත. එහෙත් පොලීසියට එම වීඩියෝ පට ආපසු පරිසරවේදීන් වෙත මුදා හැර ඇති බවත් වාර්තාවේ.

පසුගිය කාලයේ කොබෙයිගනේ පොලීසියේ ඉහළ නිළධාරීන් මෙම සමාගමේ අල්ලසට යටවී ක්‍රියා කරමින් සිටින බවට දිගින් දිගටම චෝදනා එල්ල වී තිබිණි.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us