එක්සත් ජාතින්ගේ සමුළුවට ගොස් පැමිණි ජනාධිපති කළ සම්පූර්ණ ප්‍රකාශය

Published in පුවත්
Saturday, 03 October 2015 20:13

ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඇතුලු සියලූම සහෝදර මැති ඇමතිවරුනි, ඒ වගේම මේ සාකච්ඡාවට සහභාගීවන සියලූම ජනමාධ්‍යවේදීන්, ජනමාධ්‍ය ආයතන ඒ සියලූදෙනාටම මම ස්තූතිවන්ත වෙනවා මෙම අවස්ථාවට සහභාගීවීම පිළිබඳව.

ජනමාධ්‍යවේදින් සහ ජනමාධ්‍ය ආයතනවල සියලූ නියෝජිතයින් සහ සියලූ මැති ඇමතිවරු සියලූදෙනා ඉතා ගෞරවයෙන් සහ ආදරයෙන් මේ අවස්ථාවේදී පිළිගනු ලබනවා.

අද මෙම හමුවීම මම හිතන්නේ ඓතිහාසික වැදගත්කමක් දරනවා. එක්සත් ජාතීන්ගේ 70 වන මහා සමු`ථවට සහභාගීවීමෙන් පසුව ඒ තුළ ලබාගත් ජයග්‍රහණත්, ඒ වගේම පසුගිය දිනවල ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසන් සභාව තුළ සම්මත වූ යෝජනා සහ එම වැඩපිළිවෙල පිළිබඳවත් මූලික වශයෙන්ම අදහස් දැක්වීම මෙහි අරමුණ වෙනවා.

ඒ නිසා මෙම අවස්ථාව පිළිබඳව කථා කරන විට ඉතා පැහැදිළිව සඳහන් කරන්නට ඕන එක්සත් ජාතීන්ගේ 70 වන මහා සමු`ථව එහි මහ ලේකම් බැන් කී මුන් මැතිතුමා ඇතුලු ඒ කාර්ය මණ්ඩලත් ඒ වගේම බැන් කී මුන් මැතිතුමා සමඟ මම සහභාගී වූ සාකච්ඡාවේදීත් එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමිසන් සභාවේ කොමසාරිස්වරයාත් එම සාකච්ඡාවට සහභාගි වුණා. ඒ වගේම හමුවූ සියලූම රාජ්‍ය නායකයින් අප වෙත දැක්වූ යහපත් ප්‍රතිචාරය, මිත්‍රශීලිභාවය, ඉහළම පිළිගැනීම අපේ රටේ සහ ජනතාවගේ ඉතාමත් වැදගත් භාග්‍යවන්ත වූ සුබවදී වූ පසුබිමක් සහ තත්ත්වයක් කියන එක ප්‍රකාශ කරන්න ඕන.

ඒ නිසා අපි මූලික වශයෙන්ම මේ එක්සත් ජාතීන්ගේ මහ සමුලුව තුළ අප ලබා ගත් ජයග්‍රහණ, ඒ වගේම ජිනීවා මානව කොමිසම හරහා පසුගිය වසර කිහිපය තුළ සිදුවූ සිදුවීම්, ඉදිරිපත් වූ අදහස් හා යෝජනා මේ සියල්ල සැළකිල්ලට ගත් විට මම විශ්වාස කරනවා අපේ රජය ඉතා හොඳ ජයග්‍රහණයක් ලබලා තිබෙනවා කියලා. එක්සත් ජාතීන්ගේ මහා සමුලුවට මම සහභාගී වුණේ රාජ්‍ය නායකයා ලෙස පළමු වතාවට. නමුත් පසුගිය දශක කිහිපයේ ඇතැම් විට ඇමතිවරයෙක් විදිහට එහෙම නැත්නම් නියෝජිතයෙක් විදිහට එක්සත් ජාතින්ගේ මහ සමුලුවට සහභාගී වූ කෙනෙක් නිසා ඒ පිළිබඳ තිබෙන අත්දැකීම් ප්‍රමාණය හා සන්සන්දනය කිරීමේදී ප්‍රධාන වශයෙන්ම දීර්ඝ කාලයකට පසුව අපේ රට, අපේ ජනතාව ශ්‍රී ලංකා ජන රජය පිළිබඳව දැක්වූ ඉතාමත් සුබවාදී ආකල්ප අපි අගය කළ යුතු වෙනවා.


ඒ නිසා එක්සත් ජාතින්ගේ මහ ලේකම් බැන් කී මුන් මහතා ඇතුථ ඒ කාර්ය මණ්ඩලවලටත්, ඒ වගේම අපට ඉතාමත් යහපත් ප්‍රතිචාරයක් දැක්වූ සියලූම රාජ්‍ය නායකයින්ටත්, ඒ වගේම ජිනීවාහි මානව හිමිකම් කොමිසමේ මහ කොමසාරිස්තුමාටත් මම මුලින්ම ස්තූතිවන්ත විය යුතු වෙනවා.
මෙම පසුබිම ඇති කිරීමට අපි මූලික වශයෙන් රජයක් ලෙස ක්‍රියා කිරීමේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා විශේෂයෙන්ම විශාල වැඩ කොටසක් කරනු ලැබුවා. මම එය ඉතාමත් අගය කරනවා. ඒ වගේම විදේශ අමාත්‍ය මංගල සමරවීර මැතිතුමත්, අමාත්‍ය මණ්ඩලයත් ඒ වගේම අපේ තානාපතිවරු, මා සමඟ සහභාගී වූ උතුරු නැගෙනහිර ආණ්ඩුකාරතුමාලා දෙපළ එක්සත් ජාතීන්ගේ සංවිධානය නියෝජනය කරන අපේ නේවාසික කොමසාරිස්තුමා ඒ සෑම කෙනෙක්ම ඒ වගේම විදේශ කටයුතු අමාත්‍යාංශය සහ ඒ පසුබිම ගොඩනැඟීමට අනුග්‍රහය දැක්වූ, සහයෝගය දැක්වූ සියලූදෙනාට මම විශේෂ ස්තූතිය පිරිනමනු ලබනවා.

අපි පැහැදිළිවම දන්නවා රටක් පාලනය කිරීමේදී ඒ රටට යහපත් දැක්මක් අවශ්‍ය වෙනවා. ඒ දැක්ම තුළ යහපත් පාලනයක් අවශ්‍ය වෙනවා. අතීතයේ ශ්‍රේෂ්ට නායකයින් අපේ රට පාලනය කළ රට එක්සේසත් කළ අවස්ථාවන් වගේම යුද්ධය කියන එක අපේ ඉතිහාසය තුළ අපට අලුත් දෙයක් නොවේ. අපි දන්නවා යුද්ධයන් පිළිබඳ කථා කරන විට අපේ රටේ ඉතිහාසයත්, ඒ වගේම අසල්වාසී අපේ මිත්‍ර රාජ්‍යයක් වූ ඉන්දියාවේ ඓතිහාසික තොරතුරු පිළිබඳ තිබෙන අපේ දැනුමත් එක්ක අපි වඩාත් යුද්ධය ගැන තොරතුරු දන්නවා.

අශෝක අධිරාජයා කාළිංග යුද්ධයෙන් පසුව තමයි බුදු දහම වැළඳගෙන මුලු මහත් භාරතයම බෞද්ධ රාජ්‍යයක් බවට පත්කරනු ලැබුවේ. ඒ වගේම තමයි අපේ රටේ දුටුගැමුණු මහ රජතුමා යුද්ධයෙන් පසු තමන් ප්‍රධාන වශයෙන්ම සටන් කරපු එළාර රජතුමාගේ සොහොන හදලා ප්‍රතිවාදියාට ගෞරව කිරීමට රටවැසියාට අණ කරනු ලැබුවා. අපි දන්නවා චණ්ඩාශෝකලා ධර්මාශෝකලා වුණා. එක් එක් පාලන කාලය තුළ රටවල් කරන රාජ්‍ය නායකයින් තමන්ගේ රටේ සහ ජනතාවගේ යහපත සඳහා කරනු ලබන පරිවර්තනයන් අපේ ඓතිහාසික තොරතුරු සමඟ සැළකිල්ලට ගැනීම ඉතාමත් අවශ්‍ය වෙනවා.
ඒ නිසා අපි මූලික වශයෙන්ම අපේ ඓතිහාසික තොරතුරු සියල්ලත් එක්ක අපේ රටේ අනාගතය සඳහා අප සැම විටම අනුගමනය කරන්නේ ඉතාමත්ම අවිහිංසාවාදී ප්‍රතිපත්තියක් කියන එක පැහැදිළි කරන්නට ඕන. එම අවිහිංසාවාදී ප්‍රතිපත්තිය ධර්මානුකූල වූ ධාර්මික ප්‍රතිපත්තියක් තුළ රටේ රාජ්‍ය පාලනය වගේම විදේශ ප්‍රතිපත්තිය තුළ අප සැමවිටම ගරු කරන්නෙත්, ක්‍රියාත්මක කරන්නෙත් ඉතා පැහැදිළි වූ මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තියක්. සියලූම රාජ්‍යයන්, රාජ්‍ය නායකයින්, ජාත්‍යන්තර සංවිධාන අප සමඟ මිත්‍ර වීම, මිත්‍ර කර ගැනීම, සුහදවීම ඉතාම අත්‍යාවශ්‍ය වෙනවා. ඒ සෑමවිටම අපි ලෝකය දිනාගැනීමට උත්සාහ කරනවා.

මේ ලෝකය දිනා ගන්න සැමවිටම අපි විශ්වාස කරනවා අපිට රටේ ජනතාවගේ අනාගතය දිනා ගන්න පු`ථවන් කියලා. අපි මේ සෑම කැපවීමක්ම කරන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයද, බලවත් රාජ්‍යයන්හි රාජ්‍ය නායකයින්ද, සංවර්ධනය වූ රටවල රාජ්‍ය නායකයින්ද, ජාත්‍යන්තර විවිධ සංවිධානද ඒ සෑම කෙනෙක් එක්කම අපි සාකච්ඡා කරන්නේ, සුහද වෙන්නේ, මිත්‍රශීලී වන්නේ රටේ ජනතාවට වඩා හොඳ අනාගතයක් ලබාදීම සඳහා.

ඒ නිසා මුලික වශයෙන්ම පහුගිය කාලසීමාවන් ගත්විට අපිට 2009 මැයි 18 වෙනිදා ප්‍රභාකරන් සහ ම්ලේච්ඡ ත්‍රස්තවාදීන් අවසන් ගමන් ගිහිල්ලා අපේ රට සාමකාමී වීම පිළිබඳව ඔබ අපි දන්නවා ඒ යුද්ධය ජයග්‍රහණය කරන්න මානුෂීය මෙහෙයුම් සඳහා පැහැදිලිවම අපට උදව් කළ රටවල් ගණනාවක් තිබෙනවා. ඉන්දියාව, චීනය, පාකිස්ථානය, ඇමරිකාව, බි්‍රතාන්‍ය මේ වගේ ප්‍රබල රටවල් ගණනාවක් අපට ත්‍රස්තවාදය පරාජය කිරීම සඳහා උදව් කළා. නමුත් යුද්ධය අවසන් වුණාට පස්සේ ප්‍රධාන වශයෙන්ම අවසාන කාල පරිච්ඡේදය මුල් කරගෙන ජාත්‍යන්තර ප්‍රඥප්තීන්ට අනුව යුද්ධයක තිබිය යුතු ක්‍රමවේදයන් අපි හරිහැටි අනුගමනය කරලා නැතිව මානව හිමිකම් කඩ කිරීම් කරලා තිබෙනවා කියන චෝදනාව අපට එල්ල වුණා.

මෙහිදී ප්‍රධාන වශයෙන්ම තවත් පසුබිමක් ඇතිවුණා මේ රට කඩන්න තැත් කළ මිලේච්ඡ ත්‍රස්තවාදීන් ඊළාම්වාදීන් විදිහට කටයුතු කරලා රටින් පිට ඉතුරුවුණ අය එහිදී මූලික වශයෙන්ම ඒ මානව හිමිකම් කඩවුණා කියන චෝදනවා ඔවුන්ගේ අතට අරගෙන අපේ රජයට, අපේ ආරක්ෂක හමුදාවලට සහ අපේ රටේ ජනතාවට බරපතළ අපහසුතාවයන් ඇති කිරීමට කටයුතු කරනු ලැබුවා. ඒ අපහසුතාවයන් ඇති කිරීම කොතෙක් දුරදිග ගියාද කියනවා නම් ඔබ දන්නවා ජිටීවාහි මානව හිමිකම් කොමිසම් සභාව හරහා අපිට විරුද්ධව යෝජනා සම්මත වුණා.

පසුගිය වසර කිහිපයම අපේ රට ජාත්‍යන්තරයේ පරාජයට පත්වුණා. ලෝකය අපි නිසා දෙකට බෙදුනා. එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් දෙකට බෙදුනා. මානව හිමිකම් කොමිෂන් සභාවේ සාමාජික රටවල් දෙකට බෙදුණා. අපි ලෝකය හමුවේ පසුගිය අවුරුදු ගණනාවක් පරාජයට පත්වුණා රටක් සහ රාජ්‍යයක් විදිහට.

එය අපට කිසිසේත් සුබවාදී තත්ත්වයක් නොවෙයි. ඒ පරාජයට පත්වීමත් සමඟ අපට එල්ල කරන ලද ඒ චෝදනා සමඟ එල්ල කරන ලද යෝජනා එක්ක අපිට අපේ රට අනාගතයේ බරපතළ ආර්ථික, දේශපාලන, සාමාජික ජාත්‍යන්තර වශයෙන් අපහසුතාවයන්ට පත්වන පසුබිමක් ගොඩනැඟුණා. අපිට ආර්ථික සම්බාධක පනවන තත්ත්වයකට මුල් ආරම්භයක් ඇති වුණා.

මහින්ද රාජපක්ෂ මහත්මයාගේ කාලයේදීම ජීඑස්පී සහනය අයින් කළා. ඒ ආර්ථික සම්බාධකවල එක් පියවරක්. තවත් පැත්තකින් යුරෝපීය සංගමයට අයත් රටවල් අපේ මාලු මිලදී ගැනීම ප්‍රතික්ෂේප කළා. ඒ ආර්ථික සම්බාධක පැනවීමේ මූලික අවස්ථා දෙකක්.

මේ අතරවාරයේ තමයි පසුගිය ජනවාරි 08 වෙනිදා ජනාධිපතිවරණය ආවේ. ඒ සඳහා පොදු අපේක්ෂකයා විදිහට මම ඉදිරිපත් වුණහම මගේ ප්‍රතිවාදී අපේක්ෂකයා සහ ඔහුට සහයෝගය දුන් අය කිව්වා මේ මෛත්‍රීපාල සිරිසේන හදන්නේ ජනාධිපති වෙලා ආණ්ඩුවක් අරගෙන යුද්ධය කරපු අය විදුලි පුටුවට ගෙනියන්නයි හදන්නේ කියලා කිව්වා. නමුත් රට තුළ තිබූ දේශපාලන, ආර්ථික, සමාජයීය සහ සංස්කෘතික තත්ත්වයන් ජනතාව හොඳින් අවබෝධ කරගෙන ඒ ඉතාම අසාර්ථක හඬගෑම් ප්‍රතික්ෂේප කරලා මේ රටේ ජනාධිපතිවරයා විදිහට මාව පත් කරගත්තා. ඒ පත් කර ගැනීමත් සමඟ මමත් අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමා, අපේ ඇමති මණ්ඩලය, අපේ රාජ්‍ය තාන්ත්‍රිකයින් මේ ගොඩනැඟී තිබු අයහපත් ජාත්‍යන්තර තත්ත්වය අපේ රටේ අනාගතය සඳහා සුබවාදී ලෙස සකස් කර ගැනීම සඳහා විශාල කැපවීමක් කරනු ලැබුවා. ඒ කැපවීමේ ප්‍රතිඵලවල මුල් පියවරක් තමයි මැතිවරණයේදී දුන් ප්‍රතිඥා අනුව විධායක ජනාධිපතිවරයාට තිබෙන අසීමිත බලතල 19 වන සංශෝධනයෙන් අපට කළහැකි උපරිම ප්‍රමාණයෙන් ඉවත් කිරීම. අනිත් බලතල පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණය කිව්වා ඒවා වෙනස් කරනවා නම් ජනමත විචාරණයකට යන්න ඕන. ජනමත විචාරණයක් නැතිව පාර්ලිමේන්තුවකට කළහැකි දේ මෙන්න මේ ප්‍රමාණය කියලා දැණුම් දුන්නා ශ්‍රේෂ්ඨාධිකරණය. ඒ තීන්දුවත් එක්ක අපට කළහැකි උපරිම ලෙස පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 225 න් 215 ක් අත උස්සලා 19 වන සංශෝධනය සම්මත කළා.

ජාත්‍යන්තරය තුළ අප කෙරෙහි විශාල පැහැදීමක් ඇති වුණා. අප කෙරෙහි තිබූ අප්‍රසාදය වේගයෙන් වෙනස් වෙන්න පටන් ගත්තා. ස්වාධීන කොමිසන් සභා, පොලීසිය, අධිකරණය ඒ විවිධ අංශ පිළිබඳව ඒ ස්වාධීන කොමිෂන් සභා 19 වන සංශෝධනයත් එක්ක ජාත්‍යන්තර වශයෙන් අපේ රටට කීර්තියක් දෙන්න, ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස, මූලික අයිතිවාසිකම් සහ මානව හිමිකම් ආරක්ෂා කරන සියලූ රාජ්‍යයන්හි ප්‍රසාදයට පත්වුණා. අපි රට තුළ ඉතා නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය අනුගමනය කළා. අතුරුදහන්වීම් නැහැ. ඝාතන නැහැ. පහරදීම් නැහැ. නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය සියලූ අංශවලින් අපි ශක්තිමත් කරනු ලැබුවා. ඒ තුළ ලෝකයේ අපි පිළිබඳ ඇති වුණු පිළිගැනීම ඉතාම විශිෂ්ටයි.
අපි සාමාන්‍යයෙන් පෞද්ගලිකවම දන්නවා කෙනෙක් අපි සමඟ අමනාපයෙන් ඉන්නවා නම් ඒ අමනාපය දුරු කර ගන්න හොඳම දේ තමයි අප විසින්ම මිත්‍ර වීම. යම් කෙනෙකුට වැරැද්දක් සිදුවෙලා තිබෙනවා නම් ඒ වැරැද්ද නිවැරදි කර ගැනීම. ඒ නිසා අපි ප්‍රධාන වශයෙන්ම අනුගමනය කළ ඒ විදේශ ප්‍රතිපත්තියත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වෙනස්කමුත්, රට තුළ පසුගිය මාස කිහිපය තුළ කරන ලද පරිපාලනමය වෙනස්කම්, අධිකරණයේ ස්වාධීනත්වය තහවුරු කිරීම වැනි කරුණු හේතුවෙන් ලෝකය තුළ අපිව පිළිගැනීමකට ලක් කළා. ඒ පිළිගැනීමත් එක්ක එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ අප කෙරෙහි ප්‍රසාදයක් ඇති වුණා.

ඒ වගේම අයහපත් ප්‍රතිඵල පසුගිය වසර කිහිපය තුළ ඇති වෙන්නත් හේතු තිබුණා. එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකාවේ කාර්යාලය ඉස්සරහට ගිහිල්ලා ලංකාවේ ඇමතිවරු උපවාස කළා. ලෝකයේ රටවල් 193 ක සාමාජිකත්වය දරණ මහා බලවත් සංවිධානයට ලෝකයේ බලවතුන්වත් අභියෝග කරලා නැහැ.
එක්සත් ජාතීන්ගේ සංවිධානය අපහාසයට උපහාසයට ලක් කරලා උපවාස කරනකොට ඒ අයට ගිහිල්ලා තැඹිලි පෙව්වා. එක්සත් ජාතීන්ගේ සංවිධානය ඒ තුළ අපිට යහපත් ප්‍රතිචාර දක්වයි ද, ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස අගය කරන රටවල් මානව හිමිකම් සහ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කරන රටවල් බලවත් ලෙස කිපෙන්න පටන් ගත්තා අර අවුරුදු හතළිස් ගාණක් ආඥාදායකයෙක් විදිහට වැඩ කරපු ගඩාපි මහත්තයත් එක්ක ගිහිල්ලා කරට අත දා ගත්තහම. පහුගිය කාලයේ ඇතැම් අය අනුගමනය කළේ එවැනි චරිත.

ඔබට මතක ඇති යුද්ධය තියෙන කාලේ, ප්‍රබල රාජ්‍ය තාන්ත්‍රිකයින් අපේ රටට ආපුහම සාමය ඇති කරන්න, යුද්ධය වළක්වන්න සාකච්ඡා කරන්න මේ රටේ ප්‍රධානින් කොළඹින් පිට ගිහිල්ලා ඇඹිලිපිටිය ප්‍රදේශයට ගිහිල්ලා ඒ අය ගෙන්න ගෙන ගියාට පස්සේ කිව්වා අපි ඒ අයට මයියොක්කා කවලා යැව්වා කියලා. මේ තත්ත්වයන් ගත්තහම මම හිතන්නේ අපි හිතා මතාම ජාත්‍යන්තරය නැති කරගත්තා. ලෝක බලවතුන් නැති කරගත්තා.

අපි අද මේ සියල්ලෙන් බලාපොරොත්තු වෙන්නේ රටේ ජනතාවට යහපත් අනාගතයක් ඇති කිරීම. ප්‍රධාන වශයෙන්ම අපේ රටේ කිසිවෙක් මානව හිමිකම් කොමිසන් සභාවේ කරුණු හරහා පසුගිය කාලයේ ඇති වූ තත්ත්වයන් සමඟ ජාත්‍යන්තර මැදිහත්වීමක් හෝ ජාත්‍යන්තර පර්යේෂණයක් පවත්වනවාට කැමති වෙන්නේ නැහැ. ඉතාම පැහැදිළිව කියන්නට ඕන අපේ අලුත් ආණ්ඩුව විදිහට අපේ වැඩපිළිවෙලත් එක්ක අපි මානව හිමිකම් කොමිසන් සභාවට මුහුණ දීලා, ජාත්‍යන්තරයට මුහුණ දීලා, එක්සත් ජාතීන්ගේ සංවිධානයට මුහුණ දීලා ජාත්‍යන්තරයේ හොඳ හිත දිනාගෙන කිසිඳු බලපෑමක් නොකර පසුගිය මාස කිහිපය තුළ අපේ වැඩපිළිවෙල පිළිබඳ ඇතිවූ පැහැදීම තුළ මේ රටේ වසර හත, අටක් කථා කරපු විදුල පුටුව මාතෘකාවෙන් අපි අයින් කරගෙන තිබෙනවා. දැන් ආයි විදුලි පුටුවක් ගැන කථා කරන්න කාටවත් බැහැ.

ඒ වගේම දැන් සති කිහිපයකට පෙර මානව හිමිකම් කොමිසන් සභාවේ හයිබි්‍රඞ් අධිකරණය පිළිබඳව කථා කරනවා. හයිබි්‍රඞ් එක අපි අයින් කරගෙන තිබෙනවා. අපි ඉතාම පැහැදිළිව දේශීය යාන්ත්‍රණයක් තුළ, අපේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට යටත්ව මේ සම්බන්ධයෙන් කටයුතු කිරීම අපේ පැහැදිළි ප්‍රතිපත්තියක්. අපිට කවුරුවත් නියෝග කරලා නැහැ. හැබැයි ජනවාරි 08 වෙනස නොවූනා නම් තත්ත්වය බොහෝම ප්‍රබලයි. අපි දන්නවා එදා ජාත්‍යන්තරයේ මොනවාද සාකච්ඡා වුණේ කියලා. ජනවාරි 08 මේ රටේ සිදුවූ පරිවර්තනය සමඟ අපිට උදාවීමට තිබූ ඉතාමත් අභාග්‍යසම්පන්න යුගයක් අපි ඉවත් කරලා තිබෙනවා. ඒ අභාග්‍යසම්පන්න අසුබවාදී යුගය අපි නිමා කරලා තිබෙනවා. රටේ ජනතාවට නිදහසේ, සතුටින් ප්‍රජාතන්ත්‍රවාදය භුක්ති විඳිමින් නිදහසේ ජීවත්වීමේ පරිසරය අපි ගොඩනඟලා තිබෙනවා.

ඒ නිසා මෙවැනි තත්ත්වයන් ප්‍රධාන වශයෙන් සැළකිල්ලට ගැනීමේදී මම කියන්නට ඕන අපිට මේ විවිධ ක්ෂේත්‍ර හරහා කටයුතු කරන විට ජාත්‍යන්තරය පිළිගත් මූලික සිද්ධාන්ත වලට අපි ගරු කළ යුතුයි. සත්‍ය සෙවීම, යුක්තිය, හානිපුරණය වැනි සංකල්ප වලට මූලිකත්වය දීලා අපි ක්‍රියා කළ යුතුයි. අපිට ඉදිරිපත් වෙලා තියෙන්නේ යෝජනාවක්. නියෝගයක් නොවේ. එම නිසා පසුගිය සති දෙකකට කලින් ආපු යෝජනාව දැන් තවත් වෙනස් වුනා. අපිට ඉදිරියේදි මේ කටයුතු වලදි සියලූ දෙනාම කැපවීමෙන් ඉතා සුබවාදී ලෙස මේවාට මුහුණ දෙන්නට පු`එවන්. ඒ මුහුණ දීමේදී අපි ගෙනයන වැඩපිළිවෙල තමයි ඉතා වැදගත් වන්නේ.

මානව හිමිකම් කොමිෂන් සභාවේ මේ යෝජනාව තුළත් ඉල්ලා සිටින්නේ කුමක්ද? රටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන්න. නිදහස තහවුරු කරන්න. මානව හිමිකම් තහවුරු කරන්න. මූලිික අයිතිවාසිකම් තහවුරු කරන්න. මෙන්න මේ ඉල්ලීම් එක්ක තමා අනෙකුත් කාරණා ගොනු වන්නේ. ඒ නිසා ඒ විදිහට ක්‍රියා කිරීමේදී නිරායාසයෙන්ම සාමය හා සංහිඳියාව සියලූ වාර්ගික ආගම් කණ්ඩායම් අතර ගොඩනැගිම අපේ මූලික කාර්යයක්. සංහිඳියා පිළිවෙත ශක්තිමත් කිරීම අපේ ආණ්ඩුවේ මුලික ප්‍රතිපත්තියක්. ඒ තුළ ශ්‍රී ලාංකික ජාතියට ප්‍රධාන වශයෙන්ම ශක්තිමත් ගොඩනගා ගැනීමක් අපිට ඉදිරියේදී කරන්න පු`එවන්කම තිබෙනවා.

ඒ වගේම මේ හානිපූරණය ඉතා වැදගත් කාරණයක්. තිස් අවුරුදු යුද්ධයේදී ඒවාට මුහුණදුන් සියලූම ජන කොටස් වලට වන්දි ගෙවීම, ඉඩම් හා නිවාස අහිමි වූවන්ට ඒවා ලබා දීම, සිවිල් පරිපාලනය ශක්තිමත් කිරිම, උතුරු නැගෙනහිර ප්‍රදේශවල ඒවා තහවුරු කිරීම. මේ යටතේ කටයුතු කිරීමේදී උතුරු නැගෙනහිර ජනතාවට විතරක් නොවේ කොළඹ ඇතු`එ දකුණේ ජනතාවටත් විශාල වශයෙන් දේපල, ජීවිත විනාශ වූ බව අපි කවුරුත් දන්නවා. ඒ සියලූ දෙනාට ඒ සම්බන්ධයෙන් ඒ විදිහටයි කටයුතු කෙරෙන්නේ.

මේ වනවිට සිදුවූවායි කියන අපරාධ සහ මානව හිමිකම් උල්ලංඝනය පිළිබඳව වාර්තා 5 ක් අප සතුව තිබෙනවා. දරුෂ්මාන් වාර්තාව, එල් එල් ආර් සී වාර්තාව, උදලාගම වාර්තාව, පරණගම හා ඩෙස්මන් සිල්වා වාර්තාව මේවා මානව හිමිකම් කවුන්සලයට ඉදිරිපත් කළ වාර්තා පමණක් නොවේ. ප්‍රධාන වශයෙන්ම ශ්‍රී ලංකා හමුදාව මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කළ වාර්තාත් අප සතුයි. මේ සියල්ලම අධ්‍යයනය කර ඒවායින් අපට පිළිගත හැකි දේ තිබේ නම් ඊට අනුව කටයුතු කිරීමට පු`එවන්කම තිබෙනවා.

මානව හිමිකම් කොමිෂන් සභාව හරහා ආ මේ යෝජනාවේ කරුණු මම ජනාධිපතිවරයා විදිහට බලන්නේ ඉතාම උපේක්ෂා සහගතවයි. මධ්‍යස්ථභාවයකිනුයි මම බලන්නේ. ඒ යෝජනාවේ කරුණු අපි ක්‍රියාත්මක කිරීම, ඒ ක්‍රියාත්මක කිරිමේදී යම් ගැටලූ වේ නම්, ක්‍රියාත්මක කරගෙන යන කොට කළ නොහැකි දේ තිබේනම් රටේ ජන මතය, රටේ සංස්කෘතිය මේ තත්ත්වයන් වලදී අපි ඒවා නැවත මානව හිමිකම් කොමිෂන් සභාවට ඉදිරිපත් කරනවා. මෙන්න මේ කරුණු අපිට තිබෙනවා. අපි එක්සත් ජාතීන්ගේ මහා ලේකම්තුමාට අපි ඉදිරිපත් කරනවා. එම නිසා අපි පියවරෙන් පියවර, ක්‍රමයෙන් ක්‍රමය, අඩියෙන් අඩිය මේ වැඩපිළිවෙල ඉස්සරහට ගෙනහිල්ලා මේ රටට රටේ ජනතාවට සිදුවීමට නියමිතව තිබූ මහා විපත්තියක් සහ මහා ඛේදවාචකයක් මේ රටෙන් අවසන් කිරීමේ වගකීම පැහැදිලිව මමත් අගමැතිතුමත්, අපේ ආණ්ඩුවත් භාර ගන්නවා කියන එක මම මේ අවස්ථාවේදී ප්‍රතිඥාවක් දෙනවා.

මගේ රටේ ආදරණීය ජනතාවට මේ රටේ සියලූ දෙනාට මම කියනවා මේ ප්‍රශ්නය අපි ඉතාම අවිහිංසාවාදී ලෙස, යුක්ති සහගත ලෙස, නීතිගරුක ලෙස මේ කාරණය අපි ඉටු කරනවා. අපේ ආදරණීය ජනතාවට සහ රටට අපහසුවක් නොවන ආකාරයේ, හිරිහැරයක් නොවන ආකාරයට අද ජීවත්වන ජනතාවට සහ හෙට උපදින දරුවන්ට අපි ඉතා සුභවාදී වැඩපිළිවෙලක් මේ තුළ ක්‍රියාත්මක කරනවා.
මෙවැනි යෝජනා මානව හිමිකම් කොමිෂන් සභාව මීට පෙර රටවල් ගණනාවකට යවලා තිබෙනවා. මේක මේ ලෝකේ ඉස්සෙල්ලාම අපිට විතරක් ආව යෝජනාවල් නොවේ. ලෝකයේ රටවල් ගණනාවකට යවලා තිබෙනවා. සමහර රටවල්වල අවුරුදු 25, 30, 40 ගිහිල්ලා මේ කරුණු ඉස්මතු කරගෙන ක්‍රියාකරන්න පටන් ගෙන තිබෙනවා. නමුත් අපි එසේ දීර්ඝ කාලීන අනාගතයකට මේ රටට, ආණ්ඩුවට ජනතාවට බරක් වෙන්න මේ ප්‍රශ්නය ඉඩ තියන්නේ නැහැ කියන එක බොහෝම පැහැදිලිව කියනවා.

ඒ වගේම විශේෂ දේශීය නීති මණ්ඩලයක් පත්කරනවා. යුධ සමයේදී අපගේ හමුදාව තුළින් සහ එල්.ටී.ටී.ඊ තුළින් සිදුවී ඇති මානව හිමිකම් කඩකිරීම ගැන සොයා බලා කටයුතු කිරීම ඒ යටතේ කළ හැකියි. මේ සියල්ල සිදුවිය යුත්තේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව බව මම දැඩි ලෙස අවධාරණය කරනවා.

එහිදී රටේ ස්වෛරීභාවය, ස්වාධීනත්වය කිසිලෙසකින් ප්‍රශ්න කිරීමට ඉඩ නොතබා මේ කටයුතු අපි කරන්නේ කියලා පැහැදිළිවම කිවයුතුයි. එහිදී චෝදනාවට ලක්වන පුද්ගලයින් හට තම නිදහසට කරුණු කීමට ඇති අවස්ථාව උදාවෙනවා. එය ශ්‍රී ලංකා හමුදාවට මෙන්ම එල්.ටී.ටී.ඊ යටත් එය විවෘතයි.
ඒ වගේම රටකට සහ එහි ජනතාවට එරෙහිව ත්‍රස්තවාදී සංවිධානයක් මරාගෙන මැරෙන බෝම්බකරුවන් යොදා ගනිමින් ප්‍රහාර එල්ල කරන්නේ නම් මෙම ත්‍රස්ත සංවිධානය මුලිනුපුටා දැමීම සඳහා අදාළ ආණ්ඩුවට සහ රජයට වගකීමත් තිබෙනවා. මරාගෙන මැරෙන ඉලක්ක 05කට මුහුණ දුන් කෙනෙක් මම. ඒ අත්දැකීම මට තිබෙනවා. ඒ තුළ මේ රටේ ජීවිත හානීවීම්, ආර්ථිකය හානීවීම් ඇතිවුණා. බරපතළ හිංසාකාරී තත්ත්වයන් ඇති වුණා. මට පුද්ගලිකව ඒ ගැන අවබෝධයක් තියෙනවා.
යුධ අපරාධ සහ මානව හිමිකම් උල්ලංඝනය වීම් ගැන ප්‍රශ්නය ශ්‍රී ලංකාවේ ඒකියභාවය සහ භෞමික අඛණ්ඩතාවය ගැන පූර්ණ වශයෙන් අපට හිතවත් සියලූ ජාත්‍යන්තර ප්‍රජාවගේ ඒකමතික සහය සහ විශ්වාසය හිමිකර ගැනීමට අපේ ආණ්ඩුව කටයුතු කරනවා. ඒ වගේම මම සඳහන් කරනවා මේ කටයුතු වලදී මම කිසිම ආකාරයක තනියම තීන්දු ගන්න කෙනෙක් නෙමෙයි. අගමැතිතුමත්, මමත්, විදේශ ඇමතිතුමත්, ඇමති මණ්ඩලයත් අපේ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් ඒ සෑම කෙනෙකුගේම අදහස් අපි ඉතාම සැලකිල්ලට ගන්නවා.

මම බලාපොරොත්තු වෙනවා ළඟදීම ඉදිරි දින කිහිපය තුළ මේ පිළිබඳව උනන්දුවක් දක්වන සියලූ දෙනාට සහභාගී විය හැකි, මේ රටේ පිළිගත් දේශපාලන පක්ෂ සියල්ලටම මම ආරාධනා කරනවා සර්ව පාක්ෂික දේශපාලන නායකයින්ගේ හමුවක් පවත්වා මේ පිළිබදව අදහස් හුවමාරු කරගැනීමට. සාකච්ඡා කරගැනීමට. ඒ සියලූ දෙනාගේ අදහස් අපි සැළකිල්ලට ගන්නවා. ඒ වගේම මේ රටේ සියලූ බෞද්ධ, හින්දු, මුස්ලිම්, ඉස්ලාම් කතෝලික ඒ සියලූ ආගමික නායකයින්ට මම ගෞරවයෙන් ආරාධනා කරනවා මේ යෝජනා සම්බන්ධයෙන් උන්වහන්සේලාගේ අදහස් බෙදාහදාගැනීම සඳහා සාකච්ඡා කිරීම සඳහා ආගමික නායකයින්ගේ සමු`ථවක් මම ඉතාම ඉක්මනින් කැඳවනවා. ඒවගේම මේ පිළිබඳව උනන්දුවක් දක්වන ඒ සෑම කෙනෙකුටම මම ආරාධනා කරනවා ශ්‍රී ලාංකික දේශීය හා විදේශීය උගතුන්ගේ සහ බුද්ධිමතුන්ගේ අදහස් මේ කරුණු වලදී සැළකිල්ලට ගැනීම සඳහා ඔවුන්ගේත් හමුවක් පැවැත්වීමට මම බලාපොරොත්තු වෙනවා.

ඒ නිසා මේ සියල්ලට ඉතා පැහැදිලිව ඉඩකඩ තබලා අපි කටයුතු කරන්න ඕනෑ. මෙයින් අපි අදහස් කරන්නේ වසර 05 ක් තුළ අප රටට එරෙහිව ගොඩනැගු යුධ අපරාධ ඉදිරියේ ජනවාරි 8 අපේ රටේ ජනතාව ගොඩනැගූ යහපාලන මූලධර්මවලට අනුගත නව පාලනය වගේම නැවත අගෝස්තු 17 වෙනිදා මහ මැතිවරණය නිර්මාණය කළ සම්මුතිවාදී ආණ්ඩුවෙන් අපේ රටට හිතවත් ජාත්‍යන්තර ප්‍රජාව බලාපොරොත්තු වන ආකාරයට මෙතැන් සිට අප රට තුළ ක්‍රියාත්මක ප්‍රජාතන්ත්‍රවාදය, යහපාලනය, ජාතික ප්‍රතිසංවිධානය හා සංහිඳියාව පෙරදැරි කර ගෙන අපේ වැඩපිළිවෙල ගමන් කිරීමයි.
මේ ඊයේ පෙරේදා යෝජනාත් දැනට සතියකට දෙකකට කලින් ජිනීවාහි යෝජනාත් මේවා ඉදිරිපත් වුණාම මේ රටේ ඇතැම් ජාතීවාදී අන්තවාදීන් මම දැක්කා කරලා තියෙන ප්‍රකාශ.

මම දැක්කා අන්තර්ජාලය තුළ තිබෙනවා අපි ඊනියා දේශප්‍රේමියෝ කියලා. මම ඇමරිකන් ගැත්තෙක් කියලා. අපි මැතිවරණය කරගෙන යන කොටත් කිව්වා. ආණ්ඩුව කරගෙන යන කොටත් කිව්වා. ඇමරිකන් කුමන්ත්‍රණයක් කිව්වා. රෝ කුමන්ත්‍රණයක් කිව්වා. මේ ජාත්‍යන්තර කුමන්ත්‍රණකාරයොයි කියලා කිව්වා. අපි පසුගිය මාස නවයේ වැඩ කරලා තියෙන ආකාරයත්, ඉදිරියේදි වැඩ කරන ආකාරයටත් අපේ වැඩකිරීම් තුළ අපේ ක්‍රියාපිළිවෙත සහ අපේ ප්‍රතිපත්ති තුළ බොහොම පැහැදිලිව අපි පෙන්නන්නම් අපි කවුද කියන එක. මෙවැනි චෝදනා විවේචනය කරන්න මේ රටේ නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය තුළින් ඉඩ තිබෙනවා. අපි බොහෝම අවිහිංසාවාදී ක්‍රියාමාර්ගයක ඉන්නේ. ඒ නිසා එවැනි ඉතාම අසාධාරණ පහත් පෙළේ චෝදනා විවේචනය කරන අයට අපි අනුකම්පා කරනවා. අපි ගෙනියන මේ පු`ථල් ජාතික වැඩපිළිවෙලෙන් රටේ බෙදීමක් ඇති කරන්නේ නැතුව අපිත් එක්ක එකතු වෙන්නැයි කියලා සියලූ දෙනාට ආරාධනා කරනවා.

මේ අභියෝගය අපි දැක්කා. ජනවාරි 08 ට කලින් මීට වඩා බරපතළ අභියෝගයකට අපි මුහුණ දුන්නා. පසුගිය මාස කිහිපයේ වැඩ කරගෙන යන කොට මේ අභියෝගය අපි තේරුම් ගත්තා. අපේ වැඩපිළිවෙල තුළ ඒ අභියෝගය අපේ වාසිදායක පැත්තට හැරෙනවායි කියලා අපි දැක්කා. ඒවගේම ප්‍රධාන වශයෙන් මේ වැඩපිළිවෙල තුළ අපි කිව්වා අපිට ඉදිරියේදී ජිනීවා හරහා එන යෝජනාවලට මුහුණ දෙන්න රටේ සියලූදෙනා එකට සමගියෙන් කටයුතු කරමු කියලා. බෙදෙන්නේ නැතිව, වෙන්වෙන්නේ නැතිව එක ආණ්ඩුවක් විදිහට එක රටක් විදිහට සමස්ත ජනතාවක් විදිහට රටේ සියලූ දේශපාලන පක්ෂ එකට මුහුණ දීලා මේ ප්‍රශ්ණයට මුහුණ දෙමුයි කියලා පසුගිය මාස කිහිපය තුළ අපි ප්‍රකාශ කළා.

ඒ නිසා අද සමහර අය කරන විවේචන දිහා දැක්කහම ඒගොල්ලෝ විවේචන පටන් අරන් තිබෙන්නේ මේ ඊයේ පෙරේදා ජීනීවා යෝජනා සම්බන්ධයෙන් ප්‍රශ්නයේ අග ඉඳලා. මුලත් නැහැ මැදත් නැහැ. අගින් පටන් අරගෙන තිබෙනවා. හැබැයි ප්‍රශ්නයක් දෙස බැලීමේදීත් ප්‍රශ්නයක් විග්‍රහ කිරීමේදීත් ප්‍රශ්නයකට විසඳුම් උත්තර සැපයීමේදීත් ඒ විසඳුම් ක්‍රියාත්මක කිරීමේදීත් මුල, මැද සහ අග ඉතාමත් පැහැදැලිව තේරුම් ගැනීම ඉතාමත් අත්‍යවශය යි. බුදුන්වහන්සේගේ බෞද්ධ දර්ශනය තුළ හේතුඵලවාදය තුළ අපිට යම් සු`ථ අවබෝධයක් ඒ පිළිබඳව තිබෙනවා. ඒ හේතුඵලවාදය තුළ අපි දන්නවා ප්‍රශ්නයක් ඇති වීම, ඊළඟට එහි ඵලය, ඊට මුහුණ දීම මේ කියන කරුණු සම්බන්ධයෙන්. මේ තිබෙන කාරණා රට සහ රටේ ජනතාව වෙනුවෙන් විසඳන්න අපි ප්‍රමාද වෙන්නේ නැහැ.

අප්පමාදෝ අමත පදං - පමාදෝ මච්චුනෝපදං
අප්පමත්තාන මීයන්තී - යේ පමත්තා යතා මතා

ඒවගේම තමයි සියලූ ප්‍රතිවාදීන් දෙස බැලීමේදී, සියලූ ප්‍රශ්නවලදි,

නහී වේරේන වේරානී - සම්මන්තීද කුදාචනං
අවේරේනච සම්මන්තී - ඒසධම්මෝ සනත්තනෝ

අපි විශ්වාස කරනවා ධාර්මික පාලනයක් තුළ ඉතා පැහිදිලිව මේ සියලූ දේවල්වලට අපිට ආශිර්වාදය ලැබෙනවයි කියලා.

,ධම්මෝ හවේ රක්ඛතී ධම්මචාරී,. ධර්මයෙන් කෙනෙක් ජීවත්වෙනවා නම්, ධර්මයෙන් ක්‍රියාකරනවා නම් ධර්මය විසින්ම ඔවුන්ව ආරක්ෂා කරනවා. ඒ නිසා අපිට මූලික වශයෙන්ම මේ කරුණු සියල්ල සැළකිල්ලට ගැනීමේදී අපි අනුගමනය කරන ප්‍රතිපත්තිය මම පැහැදිළි කළා. ඒ අනුව මේ කාරණා වලදි කියන්නට ඕනැ මේ තත්ත්වය වඩාත් පැහැදිළි වන්නේ එදා යුධ අපරාධ එල්ල වන විට බලයේ සිටි ආණ්ඩුව හා එහි නායකයින් අද බලයේ නොසිටිය ද අදාල යුධ අපරාධ චෝදනාවන්ට වගකිව යුත්තේ අද දවසේ බලයේ සිටින ආණ්ඩුව. අද දවසේ බලයේ ඉන්න ආණ්ඩුවයි මේකට වග කියන්න ඕනෑ. මේක බොහෝම පැහැදිළිව තේරුම් ගන්නට ඕනෑ. ඒ නිසා මෙයින් පැහැදිළි වෙන්නේ යුධ අපරාධ පිළිබඳව චෝදනා මූලිකවම එල්ල වී ඇත්තේත් වගකිව යුතු වන්නේත් සිටින ආණ්ඩුව සහ රාජ්‍ය පාලනය මේවාට මුහුණදීම අවශ්‍යයයි කියන එක. අපි මූලික වශයෙන් මේ තත්ත්වයන් සැළකිල්ලට අරගෙන කටයුතු කිරීම ඉතාමත් අවශ්‍යය යි.

මේ ජිනීවාහි ඊයේ පෙරේදා සම්මත වෙච්ච අවසන් යෝජනාව පිළිබඳව, අපේ රට කඩන්න ඊළාම්වාදීන් ලෙස තවමත් කටයුතු කරන රටින් පිට ඉන්න ලෝකයේ ප්‍රබල ඊළාම්වාදී සංවිධාන 37 ක් මේ යෝජනාවට විරුද්ධ වෙලා තිබෙන බව අමතක කරන්න එපා. මහින්ද රාජපක්ෂ මහත්මයා නම් කිව්වේ, ඊළාම්වාදය ඉවරයි. එල්.ටී.ටී.ඊ.ය ඉවරයි. ඔක්කොම ඉවරයි කියලා. නමුත් 2009 මැයි 18 වෙනිදා අවසන් වුණේ, මේ රට තුළ යුද්ධ කරපු, ආයුධ අතට ගත් පිරිස් පමණයි. එය භෞතික වශයෙන් තමයි අපට අවසන් කරන්න පුලුවන් වුණේ. මතවාදී ලෙස ඊළාම්වාදීන් රටින් එපිට ඉන්නවා. ඔවුන් ප්‍රබල සංවිධාන හදාගෙන අදත් මුදල් එකතු කරනවා. ඒ ප්‍රබල සංවිධාන මේ ඊයේ පෙරේදා සම්මත වෙච්ච ජිනීවා යෝජනා වලට දැඩි විරෝධය පළ කරලා ඔවුන් කියනවා අපි ඒවාට විරුද්ධයි. ශ්‍රී ලංකා ආණ්ඩුවට රජයට ජාත්‍යන්තර පරීක්ෂණයක්ම අවශ්‍යයයි කියලා ඒගොල්ලෝ කියනවා.

ඉන්දියාවේ වයිකෝ ඔබ දැක්කා මාධ්‍ය තුළ අපි දැක්කා චෙන්නායි වල ඉන්දියාවේ එක්සත් ජාතීන්ගේ ලේකම් කාර්යාලය ඉස්සරහා පෙළපාලි යනවා. විරෝධතා කරනවා. මේ යෝජනා වලට විරුද්ධයි. ජාත්‍යන්තර පරීක්ෂණයක් දෙන්න කියලා ඉල්ලනවා. ඒ නිසා මේ තත්ත්වය අපි සැළකිල්ලට ගැනීම ඉතාමත්ම අවශ්‍යය යි. ඒ තුළ තමයි අපිට ප්‍රධාන වශයෙන් අපි බලාපොරොත්තු වන කරුණු ඉෂ්ට කර ගන්න පු`ථවන්කම තිබෙන්නේ. ඒ නිසා මූලික වශයෙන්ම අපිට 2015 ඔබට මතකයි මාර්තු මාසයේ ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණු යෝජනා අපිට පු`ථවන්කම තිබුණා කල් දාන්න. අපේ අලූත් ආණ්ඩුව ඇවිල්ලා. ඒ අලූත් ආණ්ඩුව විදිහට අපිට ඒකට ඉඩ දුන්නා. කල් දැම්මා. දැන් මේ යෝජනා ගැන කතා කරන කොට මේවා ගැන විවේචනය කරන අය සම්බන්ධයෙන් මම තව යමක් කියන්නට ඕනෑ.

මහින්ද රාජපක්ෂ මහත්මයාට තව අවුරුදු 02 ක් බලයේ ඉන්න තිබෙද්දි අවුරුදු දෙකකට කළින් ඇයි ඡන්දයකට ගියේ. මහින්ද රාජපක්ෂ මහත්මයා අදවත් ඒකට උත්තරයක් දෙන්නේ නැහැ. සමහර අය කියන්නේ සාත්තර කාරයෝ තමයි එහෙම කිව්වේ කියලා. හැබැයි සාත්තරකාරයෝ කියපු දේ අහන්නත් හේතුවක් තියෙන්න ඕනැනේ. ඉතින් ඡන්දේ තිබ්බේ නැත්නම් මේ සැරෙත් එක්සත් ජාතීන්ගේ සංවිධානයට යන්නේ එතුමානේ. ඉතින් ඒක නිසා ඒ් සාස්තරකාරයින්ටත් මම ස්තූතිවන්ත වෙනවා. රටට අවශ්‍ය වෙනසට මාව ජනාධිපති කරන්න ජනතාවට ඉඩකඩ ලබාදුන්නාට. ඒ අනුව ඒ අය හොඳට ජ්‍යෙතිෂ්‍යය ඒගොල්ල බලලා තිබෙනවා. ඉතින් ඒත් එක්කම මේ සියල්ල ගත්තහම අපිට මේ පසුබිමත් එක්ක වඩා යහපත් තත්ත්වයකින් කටයුතු කළ හැකි වෙනවා. ප්‍රධාන වශයෙන් අපේ ඉල්ලීම් අනුව මාර්තු මාසයේ එන්න තිබුණු යෝජනා කල් දැමීම තුළ ශ්‍රී ලංකා රජය විදිහට මානව හිමිකම් කොමිෂන් සභාව අපේ මූලික ඉල්ලීමක් ඉෂ්ට කරලා තියෙනවා. ඒ නිසා අපිට පු`ථවන් ඉදිරියේදි පියවරෙන් පියවර මේ කටයුතු කරන්න.

මේ සියල්ලත් එක්ක ගත් විට මම විශ්වාස කරනවා. අපි මේ ජිනීවා යෝජනාව සමග උතුරේ සහ දකුණේ යුධ අපරාධ ප්‍රධාන වශයෙන්ම ජාතිවාදයේ මල්ඵල ගැනීමේ යුගය අවසන් කළ යුතුයි කියලා. ජනතාව ජනවාරි 08 වැනිදා මේ රටේ නව යුගයක් උදා කළා. ඒ නිසා අපි අලූත් යුගයක්, නව දේශපාලන ගමනක් අලූත් රටක් විදිහට ලෝකයා ඉදිරියේ, ජාත්‍යන්තරය ඉදිරියේ නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය ඇතු`ථ සියල්ල ආරක්ෂා කරනවා. ඒ නිසා ජනතාවට සතුටින් නිදහසේ ප්‍රජාතන්ත්‍රවාදී ලෙස සාධාරණ සමාජයක ජීවත්වීමේ අයිතිය තහවුරු කරමින් රටට ඉතාමත්ම සුබවාදී අනාගතයක් ලබාදීමටත් ජාත්‍යන්තර වශයෙන් අපිට ඉදිරිපත් වී ඇති යෝජනාවලට අපි මුහුණ දීලා මම කලින් කියපු ආකාරයට නීත්‍යානුකූලව සාධාරණ ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ, දේශීය යාන්ත්‍රණයක් තුළ අපි පැහැදිලිවම මේ කාරණය විසඳගෙන මේ රටට, ජනතාවට මම කළින් කිව්වා වගේ බරක් නොවන ආකාරයට ඉදිරියේදි මේ ප්‍රශ්නයට අයහපතක්, අසුබවාදී දෙයක්, ඛේදවාචකයක් නොවන ආකාරයට ස්ථිරවම අපි කටයුතු කරන බව ප්‍රකාශ කරමින් විශේෂයෙන්ම මේ කටයුතු වලදි සැමවිටම ඉතා ඉහළ කැපවීමකින් කටයුතු කරන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාට විශේෂ ස්තූතියක් පිරිනැමිය යුතුයි. විදේශ ඇමතිතුමා මංගල සමරවීර මැතිතුමා, අපේ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්, අපේ ඇමති මණ්ඩලය, ඒවගේම මීට අනුග්‍රහය දැක්වූ සෑම කෙනෙකුටමත් ඒවගේම නිතර අපේ නිවැරදි දේ අප විසින් ඉදිරිපත් කරන සත්‍ය දේ සඳහා අපිට සහයෝගය දෙන මේ රටේ රාජ්‍ය හා රාජ්‍ය නොවන සියලූ ජනමාධ්‍ය ආයතන ජනමාධ්‍යවේදීන් ඒ සියලූදෙනාටත් මගේ ගෞරවණීය ස්තූතිය පුද කරනවා.
ස්තූතියි.

තෙරුවන් සරණයි.

 

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 70 වන සැසිවාරයට සහභාගීවීම සහ ඒ තුළින් ලබා ගත් ජයග්‍රහණය පිළිබඳවත් ජනාධිපතිතුමා ඊයේ (2015.10.02) මාධ්‍ය අමතමින් කළ විශේෂ ප්‍රකාශය

 

Leave a comment

ld add copy

Gossip

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us