කාන්තා වැසිකිලියේ කැමරා සවිකිරීම ගැන මව්බිම ලොක්කන්ට චෝදනා

Published in පුවත්
Sunday, 04 October 2015 14:48

ටිරාන් අලස් පත්තර මුදලාලිගේ 'මව්බිම' පත්තරේ සේවය කරන මාධ්‍යවේදිනියන්ගේ පහසුව තකා තිබු කාන්තා වැසිකිලියෙහි කැමරාවක් සවිකර එහි දර්ශන පටිගත කිරීම සම්බන්ධයෙන් මේවන විට ටිරාන් අලස්ටත් පත්තරේ කර්තෘ තුෂාර ගුණරත්නට හා අලෙවි අධ්‍යක්ෂක මානෙල් ධර්මකීර්තිට එරෙහිව චෝදනා එල්ලවී තිබේ.

එමෙන්ම මෙලෙස පටිගත කරන ලද දර්ශන ඇතුලත් 'චිපය' මව්බිමේ ඕඅයිසී ලෙස සැලෙකෙන 'සැලේයි ' නම් නිළධාරියා වෙත ද ලබා දී තිබූ බවත් වාර්තාවේ. මෙම පිරිස මව්බිම මාධ්‍යවේදින්ගේ නිරුවත් දර්ශන නරඹමින් විනෝද වී ඇති බවත් මේ සම්බන්ධයෙන් පොලිස් පැමිණිල්ලක් හෝ නොදැමීම නිසාත් මෙම කටයුත්ත මේ පාලනාධිකාරියේම කිසිවකුගේ වුවමනාවක් මත සිදු ඇති බවත් මව්බිම පුවත් පතේ සේවය කරන මාධවේදිනියන් කිහිප දෙනෙකු අප වෙත පවසා සිටියහ.

‍රැකියාව අහිමි වූවත් මේ කාලකණ්නි කටයුත්තට එරෙහිව නීතිමය වශයෙන් ක්‍රියා මාර්ගයක් ගැනීමටද මේවන විට තමන් කටයුතු කිරීමටද අපේක්ෂාකරන බවත් ඔවුන් පවසයි.

මීට මාස දෙකකට පෙර ද මෙලෙසම කැමරාවක් කාන්තා වැසිකිලියේ තීබී අසුවූ නමුත් එවරද ටිරාන් අලස් ඇතුලු පිරිස මේ වසන් කර තිබෙන බවත් මේවන විට හෙළිව පවතින බවත් මීට සතියකට පමණ ඉහතදී දෙවන වරටත් කැමරාවක් එහි සේවිකාවකටම අසුවීම නිසා මේ කරුණ ප්‍රසිද්ධ විය. ඉන් අනතුරුව ටිරාන් අලස් විසින් සිදු කළේ එම වැසිකිලිය පිරිසිදු කරන පිරිමි සනීපාරක්ෂක කම්කරුවාව සේවයෙන් ඉවත් කිරීමය. (සාමාන්‍යයෙන් කාන්තා වැසිකිලි පිරිසිදු කිරීම සඳහා පිරිමින් කම්කරුවන් යොදවන්නේ නැත.) ඊට පසුව මේ කම්කරුවා හා කතා බහ කළ පි‍ටු සැලසුම් අංශයේ සේවකයෙක් හා සේවිකාවක ද ‍රැකියාවෙන් නෙරපා දමා ඇත.

මේ සම්බන්ධයෙන් ආයතනය තුල කිසිවකු හෝ කතාකර තිබුනහොත් සේවයෙන් ඉවත් කරන බවටද අනියම් තර්ජනයක් සියලු සේවක සේවිකාවන් වෙත ටිරාන් අලස් හා තුෂාර ගුනරත්න විසින් සිදු කර තිබේ.මාධ්‍යවේදිනියන්ගේ නිරුවත් අගපසඟ සහිත 'චිපය' ටිරාන් අලස් හා අනෙක් අය සතුව පවතින බැවින් මේ තත්වයට එරෙහිව කිසිවකුත් කතා කිරීමට බියෙන් පසුවෙයි. ඒ යම් හෙයකින් මේ අන්තර් ජාලය හරහා ප්‍රසිද්ධ කරතැයි බිය නිසාය.

කෙසේ නමුත් මේ පාලනාධිකාරියේ සහයෙන් මිසක් වෙන කිසිවකුගේ වුවමනාවට මේ සිදු කළේ නම් මේ ගැන පොලීසියට පැමිණිලි කර, වරද කළ තනැත්තා අත් අඩ්ංගුවට ගැනීමේ හැකියාව තිබිණි. එමෙන්ම මව්බිම කාර්යාලය පුරාම CCTV කැමරා සවි කර ඇති බැවින් අදාල සැකකරුවා හෝ සැකකාරිය පහසුවෙන්ම හඳුනා ගැනීමේ හැකියාවද තිබිණි. ඒ කිසිවක් සිදු නොකට මේ කරුණ සඟවාගෙන සිටීම බරපතල සැකයකට තිඩු දෙන්නක් වන අතර මේ වරද අපරාධ ගනයෙහිලා සැලකෙන්නකි.

දරුවන්ගේ මළ කඳන් විකුණාගෙන කන මව්බිම මුදලාලිට තමන් යටතේ සේවය කරන මාන්වේදිනියන්ගේ නිරුවත වුව විකුණාගෙන කෑමේ නොහැකියාවක් නැත. රාජපක්ෂ රෙජීමය පැවැති කාලයෙහි අරලිය ගහ මන්දිරයේ ඉඳුල් කා පෝෂණය වූ ටිරාන් අලස්ලාට දැන් යන එනමං නොමැති නිසා මේ සිදු කිරීමට වුව පසු බට වන්නේ නැත.

මේ කාලකණ්නි සහගත සිදුවීම හෙළිකිරීම මඟින් මවිබිම පුවත් පතෙහි සේවය කරන අප සහෝදර මාධ්‍යවේදිනියන්ට අපහාසා උපහාස කිරීම අපගේ අපේක්ෂාව නොවන නමුත් තමන්ගේ ස්වාමී පුත්‍රයන් කළ මේ කාලකණ්නි ක්‍රියාව හෙලිකිරීම අප විසින් කළයුතු මාධ්‍ය වගකීමක් කොට සලකමු. විශේෂයෙන්ම මව්බිම වැනි පුවත් පතක් වෙන කොහේ හෝ මෙලෙස රහස් කැමරාවක් සවිකර තිබී අසුවූ විට තලු මරමින් පුවත් ඉදිරිපත් කරන ආකාරය ගැන අවබෝධයක් තිබෙන බැවින් ඔවුන්ගේ මේ තක්කඩි කාලකණ්නි ක්‍රියාව හෙලි කළ යුතුමය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us