යහපාලනය, ධම්මික පෙරේරාගේ බැංකු ණය මිලියන 130 ක් කපා හැරේ

Published in පුවත්
Saturday, 03 October 2015 08:58

මෙරට අංක එකේ ව්‍යාපාරිකයකු වූ ධම්මික පෙරේරාට අයත් වැලිබල් ෂිපිං ලංකා සමාගම විසින් ලංකා බැංකුවෙන් ලබ ගන්න ලද ඩොලර් මිලියන 1.6 ක (රුපියල් මිලියන 200ක ට ආසන්න)ණය මුදලෙන් රුපියල් මිලියන 130,කට ආසන්න මුදලක් කපා හැරීම සූදානමක් ගැන වාර්තාවේ.

වැලිබල් ෂිපිං ලංකා සමාගම විසින් මීට වසර ගනනාවකට පෙර ලංකා බැංකුවෙන් මෙම ණය මුදල ලබාගෙන ඇති නමුත් එම මුදල් නැවත ගෙවීම පැහැර හැර තිබේ. ඒ අනුව ලංකා බැකු පරිපාලනය 2011 වසරේදී මෙම සමාගම්ට එරෙහිව නඩු පවරා ඇති අතර පසුව 2012 වසරේදී මේ ණය වෙනුවෙන් ඇපවූ වැලිබල් ලංකා සමාගමට එරෙහිවද නඩු පැවැරීමක් සිදු කොට තිබේ. මෙම සමාගම් දෙකම එකම ව්‍යාපාරිකයාට අයත් වීමද විශේෂ කරුණකි.

කෙසේ නමුත් පසුගිය ජුලී 23 වන දින මෙම නඩුව විභාගවන අවස්ථාව වන විටත් මේ ණය හා පොලිය ගෙවීම මෙම ආයතන දෙක කටයුතු කර තිබුණේ නැති අතර මේ සමස්ත ණය මුදලම කපා හැරීම සඳහා ලංකා බැංකුවේ පරිපාලනයට ඉහළින් උපදෙස් ලැබී ඇති බව එම බැංකු ආරංචි මාර්ග පවසයි.

මේ සම්බන්ධයෙන් අදාල ව්‍යාපාරික සමාගමේ ප්‍රධානියකුගෙන් කළ විමසීමේදී ප්‍රකාශ කළේ මෙම ණය මුදල ලබා ගනු ලැබුවේ සමාගමට අයත්ව තිබු නැව බැංකු ඇපයට තබා බවත් මේ වන විට එම සමාගම විකුණා දමා ඇති බවත්ය.එම නැවද සමාගම මිලදී ගත් ව්‍යාපාරිකයා විසින් විකුණා දමා ඇති බැවින් එම ණය මුදල ගෙවීමට සමාගම බැඳී නැති බවත්ය.

එහෙත් ලංකා බැංකුව විසින් මෙම ණය මුදල ගෙවිය යුතු බව සඳහන් කරමින් යැවූ ලේඛන වල හා ඒම සමාගම විසින් එවූ පිලිතුරු ලිපිවල මෙවැනි ගනුදෙනුවක් පිලිබඳ සටහන්ව නැත. එමෙන්ම 2015 ජුනී 29 වන දින ලංකා බැංකුව අදාල ඇපකාර සමාගම වන වැලිබල් ලංකා සමාගමට මෙම ණය මුදල ජුලි 23 වන දිනට ගෙවා නිම කරන්නේ නම් නඩු දෙකම ඉවත් කර ගන්නා බව දන්වා ඇත. ඊට පිලිතුරු ලෙස ඇපකාර සමගම විසින් කරනු ලැබූ ඉල්ලීම් ප්‍රකාරව බැංකු අධ්‍යක්ෂ මණ්ඩලය මේ ණය මුදලෙන් මිලියන 50කින් කපා දමමින් මිලියන 80 ක් දක්වා අඩු කිරීමට එකඟ වී තිබේ. නඩු දිනයට දින 3 ක් තිබියදී යළිත් ණය මුදල මිලියන 75 දක්වාද අඩු කිරීමට ද නඩු දිනට පෙර දින ශ්‍රි ලංකා මහ බැංකුව මැදිහත් වී අමරිකානු ඩොලර්වලින් ලබාදී තිබු මේ ණය මුදල ශ්‍රී ලංකා රුපියල් වලින් ගෙවීමේ සහනයක්ද ලබා දී තිබේ. එහෙත් මේ දක්වා හෝ ඉන් සතයකුදු ගෙවීමට සමාගම කටයුතු කොට නැත.

මෙම ණය මුදලෙන් මිලියන 55 කපා හැරීම, ලංකා බැංකුවේ අධ්‍යක්ෂ මන්ඩලය ඒකමතිකව ගත් තීරණයක් බව එම ලංකා බැංකුවේ සභාපති රෝලන්ඩ් පෙරෙරා මහතා ගෙන් කල විමසීමකදී තහවුරු කරන ලදී

කෙසේ නමුත් මෙලෙස ණය මුදල කපා හැරීමට ලංකා බැංකු පාලනාධිකාරිය ගන්න උත්සාහය සම්බන්ධයෙන් මුදල් ඇමැතිවරයා විරෝධය පළ කළ බවද වාර්තාවන නමුත් ආණ්ඩුවේ ඉහළම බලධරයකු විසින් ලංකා බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය ගන්නා ලද තීරණයට විරුද්ධ නොවිය යුතු බව ඇමැතිවරයාට දැනුම් දී ඇත.

කෙසේ නමුත් වත්මනෙහි ලංකා බැංකුව පැවැරී ඇත්තේ රාජ්‍ය ව්‍යවසායක ඇමැති කබීර් හෂිම් මහතාටය. මේ සම්බන්ධයෙන් අප විසින් ඔහුගෙන් කළ විමසීමේදී ඔහු පවසා සිටියේ තමන්ට මේ බව දැන් ගැනිමට ලැබුණු බවත් මෙලෙස ණය කපා හැරීමට ඉඩ දිය නොහැකි බවත්ය. මේ ගැන පරික්ෂා කිරීම සඳහා තමා මේවන විටත් ලංකා බැංකුවේ අධ්‍යකෂ මණ්ඩල වාර්තා කැඳවා ඇති බවත් ඔහු පැවසීය.

මේ අතර දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ අදාල ව්‍යාපාරිකයා විසින් එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා එම පක්ෂයේ ප්‍රබලයකුට මිලියන 15 ක මුදලක් ලබා දී ඇති බවය.

- සත්හඬ පුවත්පත ඇසුරෙනි

Last modified on Saturday, 03 October 2015 09:01

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us