දැදුරු ඔය වැනසූ ජිෆී ලොක්කා, යහපාලනයට අල්ලස් දෙයි Featured

Published in පුවත්
Saturday, 03 October 2015 09:56

දැදුරු ඔයට විෂ රසායන සහිත අපජලය මිශ්‍රකරමින් දැදුරු ඔයත් ඒ අවට ජන ජීවිතයත් විනාශ කරන කොබෙයිගනේ පිහිටි නොර්වේ කර්මාන්ත ශාලාවක් වන ජිෆී ආයතනයේ මව් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ඩෛ‍ෆින් ඇලෙක්සැන්ඩ්ර් මහතා පසුගියදා මෙරටට පැමිණ යහපාලන නායකයන් හමුවී ජිෆී ආයතනයට එරෙහිව තිබෙන චෝදනාවලින් නිදහස් වීමේ උත්සාහයක් ගෙන තිබේ.

මේ වන විටත් ශ්‍රි ලංකාවේ ‍රැඳී සිටින මොහු යහපාලන රජයේ ප්‍රධානින් හා මාධ්‍ය ආයතන ප්‍රධානින් හමුවී සමාගමට එරෙහිව තිබෙන චෝදනාවලින් නිදහස් කර දෙන මෙන් ඉල්ලා තිබේ. ඒ වෙනුවෙන් වරප්‍රසාද ‍රැසක් ද යෝජනා කර තිබේ.

ඇලෙක්සැන්ඩර් මහතා පසුගිය 29 වන දින වයඹ මහ ඇමැති ධර්මසිරි දසනායක හා නියෝජ්‍ය ඇමැති සුජීව සේනසිංහ මහතාව ‍රැගෙන මෙම කර්මාන්ත ශාලා පරිශයට ගොස් ඇති අතර කර්මාන්ත ශාලාවෙන් පරිසරයට හානිවන කිසිවක් සිදු නොවන බව තහවුරු කිරීම සදහා උත්සහ කර තිබේ. ඒ බව කවර හේතුවක් මත හෝ මේ ඇමැතිවරු පිළිගෙන ඇති බවද වාර්තාවේ.

මෙම ජිෆී ව්‍යාපෘතිය මෙරට පවත්වාගෙන යාම සඳහා හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා විශාල සහයක් දක්වා තිබිණි. එවකට මේ කර්මාන්ත ශාලාව පරික්ෂා කිරීමට මධ්‍යම පරිසර අධිකාරියට හෝ ඉඩක් ලබා නොදීමට ඔහු විසින් කටයුතු කරනු ලැබීය. එසේ වූවත් දැදුරු ඔයේ ජල සාම්පල ලබාගෙන මධ්‍යම පරිසර අධිකාරිය විසින් සිදු කළ පරීක්ෂණයේදී සාමන්‍ය ජලයේ තිබිය යුතු කැල්සියම් නයිට්‍රේට් ප්‍රතිශතයට වඩා දෙසීය ගුණයකින් පමණ එම රසායනය අඩංගු බව අනාවරණය කරගෙන තිබිණි. කැල්සියම් නයිට්‍රේට නැමැති විෂ රසායනය ඔයට මිශ්‍ර වන්නේ ජිෆී කර්මාන්ත ශාලාවේ කොහු කෙඳි පිරිසිදු කර ඉවතලන අප ජලය සමඟය.

සැබැඳි ලිපි :

ජනාධිපතිතුමනි, දැදුරු ඔය වනසන 'ජිෆී'ට රන් සම්මාන දෙන්නේ ඇයි? 

දැදුරු ඔය වනසන ජිෆීට ජනපතිගෙන් රන් සම්මානයක් 

ජනපතිතුමනි, කැළණි ගඟ විතරක් නෙවෙයි දැදුරු ඔයත් විනාශයි

දැදුරු ඔය වනසන ජිෆීට යහපාලනයෙන් තල්ලුවක් 

ජිෆී අධිකරණ නියෝග බල්ලට දමයි. දැදුරු ඔයට වසවිස දිගටම මුදාහරියි (video)

බැසිල්ගේ ජිෆී තහනම් කරනු ! ජනතාව පාරට බසියි
දැන්වත් දැදුරු ඔය වනසන බැසිල්ගේ ජිෆී ගැන තීරණයක් ගන්නවාද?

jiffy-sujuwa-2

jiffy-dayfin

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us