ජනාධිපතිතුමනි, දැදුරු ඔය වනසන 'ජිෆී'ට රන් සම්මාන දෙන්නේ ඇයි?

Published in පුවත්
Thursday, 17 September 2015 08:35

දැදුරු ඔය හා ඒ ආශ්‍රිත පරිසර පද්ධතියට දැඩි හානියක් සිදුකරන ජිෆී සමාගම හොඳම අපනයන සමාගමට හිමි රන් සම්මාන ලබාදීමට තෝරාගෙන ඇති බවත් එවැනි පරිසර දූෂණයට සෘජුවම වගකිවයුතු සමාගමක් සඳහා ජාතික මට්ටම් සම්මාන ලබාදෙන්නේ කුමන පදනමක් යටතේද යන්න ගැටලුකාරී බවත් පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක රවීන්ද්‍ර කාරියවසම් මහතා පවසයි. අද (16) සවස කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව පැවසීය.


මෙම මාධ්‍ය හමුවට රවීන්ද්‍ර කාරියවසම් මහතා සමග සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ වෑකඳවල රාහුල හිමි, පරිසර සංරක්ෂණ භාරයේ කැඳවුම්කරු සජීව චාමිකර මහතා සහ දැදුරු ඔය සුරැකීමේ ඒකාබද්ධ ජනතා සංවිධානයේ සභාපති එස.එම්.ඒ.පී. මංචනායක මහතා ඇතුළු පරිසරවෙදීන් පිරිසක් සහභාගි විය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ රවින්ද්‍ර කාරියවසම් මහතා,

දැදුරු ඔය හා ඒ ආශ්‍රිත පරිසර පද්ධතිය මේ වනවිට විශාල හානියකට පත්වෙලා තිබෙනවා. ඒකට හේතු ගණනාවක් තිබෙනවා. බරපතලම හානිය සිදුකරන්නෙ කොබෙයිගනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කෙංගමුව ග්‍රාම නිළධාරී වසමට අයත් ප්‍රදේශයේ පිහටා ඇති ජිෆී කියන නෝර්වේජියානු කොම්පැනියක් නිසා දැදුරු ඔයට සහ ඒ ආශ්‍රිත පරිසර පද්ධතියට දැඩි හානියක් සිදුවෙලා තිබෙනවා. මේ නෝර්වේජියානු සමාගම ලෝකයේ රටවල් 42 ක ව්‍යාපාර කටයුතු කරගෙන යන බහුජාතික සමාගමක්. මේ සමාගම කොහුබත් ආශ්‍රිත නිෂ්පාදන සිදුකරන්නෙ. මේ නිෂ්පාදන කටයුතුවලට නයිට්‍රේට් කියන රසායනිකය භාවිතා කරනවා. මේ නයිට්‍රේට් රසායනිකය භාවිතා කරන නිසා දැඩි පරිසර හානියක් මේ ප්‍රදේශවල සිදුවෙලා තිබෙනවා. මේක වසර ගණනාවක් තිස්සේ සිදුවෙමින් පවතිනවා. මේ නයිට්‍රේට් පරිසරයට මුදාහැරීම නිසා එම ප්‍රදේශවල ළිංවල ජලය දූෂණය වෙලා තිබෙනවා. ජලය අපවිත්‍රවීම නිසා මෙතෙක් කාලයක් වාර්තා නොවුණු ලෙඩරෝග මේ වනවිට එම ප්‍රදේශවලින් මේ වනවිට වාර්තා වෙමින් පවතිනවා. යන ප්‍රදේශවලින් මෙම රෝගීන් වාර්තා වෙනවා.

මේ සම්බන්ධයෙන් 2013 අගෝස්තු මාසයේදී මධ්‍යම පරිසර අධිකාරිය නිරීක්ෂණ චාරිකාවක් සිදුකරල තිබෙනවා. ඒ ජනතාව එම අධිකාරියට පැමිණිලි කිරීමෙන් අනතුරුව. එම නිරීක්ෂණ චාරිකාවෙන් අනතුරුව වාර්තාවක් නිකුත් කරල තිබෙනවා. එම වාර්තාවෙ සඳහන් වෙනවා දැදුරු ඔයේ ජලය දූෂණයට පත්වෙලා එහෙම නැත්නම් ජලය හරහා විදුලිය ගමන්කිරීමේ වේගය පහත වැටී ඇති බව. මේ නිසා ජලයෙහි ඔක්සිජන් ප්‍රතිශතය පහළ ගොස් ඇති බවත් ඒ නිසා ජලජ ජීවීන් සහ ජලජ පැලෑටි විනාශ වීමේ අවධානමක් මතුව ඇති බව එම වාර්තාවේ සඳහන්. තවදුරටත් මේ වාර්තාවේ ජිෆී සමාගම ඔවුන්ගේ ගබඩාවල තිබෙන නයිට්‍රේට් ප්‍රමාණය කෙතෙක්දැයි කීමට අපොහොසත් වූ බවත් එම සමාගමට අයත් කම්හලේ නයිට්‍රේට් භාවිතයේදී එම නයිට්‍රේට් අංශු පරිසරයට මුසුවීම සිදුවන බවත් සඳහන් වෙනවා.

එතකොට දැදුරු ඔයට සහ ඒ අශ්‍රිත පරිසර පද්ධතියට දැවැන්ත හානියක් සිදුකරන මෙම ජිෆී සමාගමට තමයි පසුගිය 2012 වසරේ සිට හොඳම අපනයනකරුට හිමි රන් සම්මානය හිමිවෙලා තියෙන්නේ. මෙම සම්මාන උළෙල පවත්වන්නේ ශ්‍රී ලංකා ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලය (National Chamber of Exporters of Sri Lanka - NCE) විසින්. ඒ වගේම මේ වසරේදීත් එම රන් සම්මානය සඳහා අඛණ්ඩව සිව්වැනි වරටත් ජිෆී සමාගම තෝරාගෙන තිබෙනවා. පරිසර අමාත්‍යවරයා වන ජනාධිපතිවරයා අතින් මෙම සම්මානය ලබාදීම සඳහා මේ වනවිට වැඩකටයුතු සූදානම් කරමින් පවතිනවා. එතකොට තියන ප්‍රශ්නෙ තමයි මේ වගේ දැවැන්ත පරිසර විනාශයක් කරන ජල දූෂණය කරන ජනතාව ලෙඩකරන සමාගමකට ඇයි මේ වගේ සම්මාන දෙන්නෙ කියන එක.

පරිසර සංරක්ෂණ භාරයේ කැඳවුම්කරු, පරිසරවේදී සජීව චාමිකර මහතා,

ජිෆී සමාගම එහෙම නැත්නම් ජීෆී ප්‍රඩක්ස් ශ්‍රී ලංකා සමාගම දැදුරු ඔය නිම්නයේ පිහිටා තිබෙන සමාගමක්. දැදුරුඔයට දූෂිත ජලය පිරිපහදුවකින් තොරව මුදාහරින සමාගමක් විදියට තමයි මේ සමාගම හඳුන්වන්න තිබෙන්නෙ. මේ සමාගම කොහුබත් ආශ්‍රිත නිෂ්පාදන සිදුකරන සමාගමක්. මේ සමාගම කොහුබත්වල තිබෙන සෝඩියම් සහ පොටෑසියම් කියන අයන ලංකාව තුළදිම ඉවත් කරල තමයි අපයනය කරන්නෙ. ඒවා ප්‍රධාන වශයෙන් අපනයනය කරන්නෙ නොර්වේ රටට. සෝඩියම් සහ පොටෑසියම් අයන ඉවත්කිරීම සඳහා ප්‍රධාන වශයෙන් භාවිතා කරන්නෙ කැල්සියම් නයිට්‍රේට් කියන රසායනිකය. මෙම කැල්සියම් නයිට්‍රේට් භාවිතා කිරීමෙන් පසු ඉතිරි වන අපවිත්‍ර ජලය සමාගම විසින් සෘජුවම මුදාහරින්නේ ස්වභාවික පරිසරයට. මේ සඳහා ඔවුන් ක්‍රම තුනක් අනුගමනය කරනවා. එකක් තමයි රාත්‍රී කාලයේදී හොර රහසේ සෘජුවම දැදුරු ඔයට මුදාහැරීම. ඊට අමතරව වැසිකාලවලදී වැසි ජලයට මුදාහැරීම සිදුකරනවා, ඒ වගේම කම්හල ආශ්‍රිතව ඇති මාර්ග පද්ධතියේ දූවිල්ල අවම කිරීමට මාර්ගවලට මේ අපවිත්‍ර ජලය මුදාහරිනවා. කුමන ක්‍රමයට මේ ජලය මුදාහැරියත් ඔවුන් සිදුකරන්නේ පරිසරය හා ජලය දූෂණය කිරීම. ඒ දූෂිත ජලය තමයි ඒ අවට ඉන්න ජනතාව ඔවුන්ගේ දෛනික කටයුතුවලට භාවිතා කරන්නෙ. මේක ලොකු ගැටලුවක් බවට පත්වෙලා තිබෙනවා. එක පැත්තකින් පානීය ජලය දූෂණය වෙලා තිබෙනවා. තවත් රතුපස්වලක් බවට මෙම ප්‍රදේශ පත්වෙමින් තිබෙනවා. මීට අමතරව කොහුබත්වල ශුද්ධ අංශු වාතයට මුසුවෙලා තිබෙනවා. මේ නිසා ජනතාව අතර ශ්වසන ආබාධ පැතිරෙමින් තිබෙනවා.

මේ කර්මාන්ත ශාලාව අයෝජන මණ්ඩලයේ අනුමත කර්මාන්ත ශාලාවක්. මේක ආරම්භ කරන්නේ 2008 වසරේදී. ඒ පරිසර ආරක්ෂණ බලපත්‍රය සහිතවයි. තිබෙන ප්‍රධාන ගැටලුව තමයි මෙවැනි පරිසර දූෂණ සිදුකරන සමාගමකට කොහොමද පරිසර ආරක්ෂණ බලපත්‍රයක් ලබාදෙන්නෙ කියන එක. මේ සියලු කටයුතු සිදුකරන්නෙ වයඹ පලාත් පරිසර අධිකාරිය කියන ආයතනය මගින්. මේ ආයතනය ලංකාවෙ තියන අති දූෂිත ආයතනයක්. වයඹ පළාත් පරිසර අධිකාරියට නීත්‍යනුකූල අයිතියක් නැහැ මෙවැනි පරිසර ආරක්ෂණ බලපත්‍ර නිකුත් කරන්න. මෙම බලපත්‍ර නිකුත් කරන්නෙ මධ්‍යම පරිසර අධිකාරියේ නිර්දේශ මත.

මෙම සමාගම සිදුකරන පරිසර දූෂණ ක්‍රියාකාරකම් නිසා මධ්‍යම පරිසර අධිකාරියේ නිර්දේශ ලබාගන් බැරි නිසා තමයි දූෂිත වයඹ පළාත් පරිසර අධිකාරිය හරහා මෙම කටයුතු සිදුකරන්නෙ. අපරාධ නඩු විධිවිධාන සංග්‍රහයේ 98 වැනි වගන්තිය උල්ලංඝනය කරමින් තමයි මේ කම්හල පවත්වාගෙන යන්නෙ. ඒ වගේම දණ්ඩ නීති සංග්‍රහයේ 261 සහ 270 කියන වගන්ති අනුව කිසිදු ආයතනයකට බැහැ ඔවුන්ගේ අපද්‍රව්‍ය පොදු දියපහරකට මුදාහරින්න. ඒ වගේම ජාතික පරිසර පනත, ආයෝජන මණ්ඩල පනත ආදී පනත් කිහිපයක් උල්ලංඝනය කරමින් තමයි මේ කර්මාන්ත ශාලාවේ කටයුතු සිදුකරන්නෙ. නමුත් වයඹ පළාත් පරිසර අධිකාරිය ව්‍යාජ ලෙස නීත්‍යනුකූල නොවන ලෙස මෙම ආයතනයට නීත්‍යනුකූලභාවයක් ලාබදීල තිබෙනවා. අපිට තියන ගැටලුව තමයි මෙවැනි ආකාරයේ පරිසර හානියක් පරිසර දූෂණයක් සිදුකර සමාගමකට කොහොමද ජාතික මට්ටමේ සම්මාන උළෙලක ප්‍රධාන සම්මානයක් හිමිවෙන්නෙ කියන එක. අපි 2013 වසරේ සිට මේ සම්බන්ධයෙන් ආදාල ආයතන දැනුවත් කරනවා. ඉදිරියේදීත් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට අපි බලාපොරොත්තු වෙනවා.

පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ වෑකඳවල රාහුල හිමි

ජල ප්‍රවාහයක් කියන්නෙ ජලජ පැලෑටිවල වගේම ජලජ ජීවීන්ගේ වාසභූමියක්. ඒ වගේම සියලු ජීවීන්ට ජලය කියන්නේ ඉතා අත්‍යවශ්‍ය සාධකයක්. මෙම බහුජාතික සමාගම් ජලයේ ජීවය මරාදැමීම මේ සිදුකරන්නෙ. ජිෆී ආයතනය විතරක් නෙවෙයි බොහෝ බහුජාතික සමාගම් මේ වනවිට අපේ මව්බිම කසල බැහැර කරන කසල මධ්‍යස්ථානයක් බවට පත්කරගෙන තිබෙනවා.

අපේ සංස්කෘතික කියන්නේ ජලය හා තදින් බැඳුණු සංස්කෘතියක්. මේ සමාගම් උත්සාහ කරන්නෙ ජලයත් එක්ක බැඳුණු ජීවනරටාව බිඳදමන්න. මෙවැනි සමාගම්වලට සම්මාන ලබාදීමෙන් පාලකයන් සිදුකරන්නෙ ඔවුන්ට උඩගෙඩිදීමක්. සමාගම්වල කොන්ත්‍රාත්තුව පාලකයන් මනාව ඉටුකරමින් සිටිනවා. අපි හැමදෙනාගෙම වගකීම තමයි මේ වෙනුවෙන් ක්‍රියාකාරීව මැදිහත්වීම.

දැදුරුඔය සුරැකීමේ ඒකාබද්ධ ජනතා සංවිධානයේ සභාපති එස්.එම්.ඒ.පී. මංචනායක මහතා

දැදුරු ඔය සුරැකීමේ ඒකාබද්ධ ජනතා ව්‍යාපාරය බිහිකිරීමට මූලික හේතුවක් වුනේ මේ ජිෆී සමාගම ඒවගේම මීට පෙර වැලි ගොඩදමන ජාවාරම්කරුවන් දැදුරු ඔයට සහ ඒ ආශ්‍රිත පරිසර පද්ධතියට විශාල හානියක් සිදුකළා. මේ අකටයුතුකම් මැඩලීමට තමයි අපේ සංවිධානය පිහිටුවා ගත්තේ.

දැදුරු ඔය කියන්නෙ වයඹ හදවත. වයඹ ජනතාවගෙන් බහුතරයක් තමන්ගෙ එදිනෙතා කටයුතුවලට බීමට, නෑමට ආදී කටයුතුවලට දැදුරු ඔයේ ජලය තමයි භාවිතා කළේ. දැනට අවුරුදු කීපයකට පෙර දැදුරු ඔය ජලයේ පැහැය වෙනස් වෙන්න පටන් ගත්තා. ඒ වගේම ජලයේ බැඳෙන දියසෙවල විශාල ලෙස වෙනස් වෙන්න පටන් ගත්තා. දැදුරු ඔයේ නෑවට පස්සෙ කැසීම් ආදී සම ආශ්‍රිත රෝග ඇතිවුණා.

ජිෆී ආයතනය දිනකට ජලය ලීටර් ලක්ෂ අටක් විතර දැදුරු ඔයෙන් කම්හලේ කටයුතුවලට පොම්ප කරනවා. එම ජලයට කැල්සියම් නයිට්‍රේට් දාල ඒ හරහා තමයි කොහුබත් පිරිසිදු කරන්නෙ. අපි මේ සම්බන්ධයෙන් නිරීක්ෂණය කළා. අපිට තහවුරු වුනා දැදුරු ඔයේ ජලය දූෂණයට මේ කම්හලේ කටයුතු සෘජුව බලපාන බව. අපි මේ සම්බන්ධයෙන් ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය, පොලීසිය, ග්‍රාමසේවා නිළධාරීවරයා, ප්‍රාදේශීය සභාව ආදී පුද්ගලයන් හා ආයතන මෙන්ම මධ්‍යම පරිසර අධිකාරියත් දැනුවත් කළා. ඒ වගේම අපි වයඹ පළාත් පරිසර අධිකාරිය දැනුවත් කළා. ඒත් මෙම කිසිම ආයතනයක් මේ සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගත්තෙ නෑ.

විශේෂයෙන් වයඹ පළාත් පරිසර අධිකාරිය ගැන කියන්න ඕන. මෙම අධිකාරිය පළාත් සභාව හරහා පිහිටුවා ඇති වගකිවයුතු අධිකාරියක්. නමුත් ඔවුන් ජනතාව වෙනුවෙන් නෙවෙයි පෙනීසිටින්නෙ සමාගම් වෙනුවෙන්. ජිෆී සමාගමට අමතරව නිකෝ කියන ඊයම් උණුකරන සමාගමක් මේ ප්‍රදේශයේ තිබෙනවා. මේ කම්හලේ ඊයම් කිලෝ 23,000 ක් විතර දවසකට උණු කරනවා. තව තියනවා යකඩ උණු කරන සමාගමක්. මේ සියලු ආයතනවලට පරිසර බලපත්‍ර ලබාදීල තිබෙන්නේ මේ වයඹ පළාත් පරිසර අධිකාරියෙන්. මේ සමාගම් දෙකෙනුත් දැඩි පරිහර හානියක් සිදුවෙනවා. අපිට තිබෙන ප්‍රශ්නෙ තමයි මේ සමාගම්වලට කොහොමද පරිසර බලපත්‍ර ලබාදෙන්නෙ කියන එක.



සත්හඬ පුවත්පතේ මාධ්‍යවේදී දයා නෙත්තසිංහ


අපි මේ සමාගම් සහ එහි ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් විශාල වශයෙන් පුවත්පත් හරහා කරුණු හෙළිකරල තිබෙනවා. පසුගිය කාලයේ දිගින් දිගටම මෙවැනි සමාගම් හරහා දැඩි පරිසර හානියක් සිදුකරමින් තිබුණා. නමුත් ඒ සම්බන්ධයෙන් පාලකයන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගත්තෙ නෑ. සිදුවූ පරිවර්තනයත් සමග දැන් පරිසර ඇමතිවරය ලෙස කටයුතු කරන්නෙ රටේ ජනාධිපතිවරයා. ඒ නිසා එතුමට හරි ලේසියෙන් මේ ආයතන සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වල අදාල ආයතනවල ක්‍රියාකාරීත්වය ගැන ක්‍රියාමාර්ග ගන්න පුලුවන්.

මේ ජිෆී කියන නෝර්වේජියන් සමාගම මුලින් ආවෙ ඉන්දියාවට. නමුත් ඉන්දියාව ඔවුන්ව ප්‍රතික්ෂේප කළා. ඉන් පසුව තමයි ඔවුන් ලංකාවට ආවෙ. කොහුබත් බහුල ලෙස සපයාගත හැකි පොල් ත්‍රිකෝණය ආශ්‍රිතව ඔවුන් මෙම සමාගම ස්ථාපිත කළා. සමාගම රටේ ජනතාව ගැන හෝ පරිසරය ගැන හෝ කිසිවක් නොතකා කටයුතු කරනවා. මොකද බහුජාතික සමාගම්වලට ජනතාව හෝ පරිසරය හෝ සම්බන්ධයෙන් වගකීමක් නෑ, ඔවුන්ට අදාල වන්නේ මුදල් හා ලාභය පමණයි. මෙම කම්හල ආරම්භ කිරීමේදී ඔවුන්ට අවසර ලැබුනේ දිනකට ජලය ලීටර් ලක්ෂ දෙකක් භාවිතා කිරීමට පමණයි. නමුත් වර්තමානය වනවිට ජලය ලීටර් ලක්ෂ අටක් දක්වා ඔවුන්ගේ ධාරිතාව වැඩිකරල තිබෙනවා. මේ සම්බන්ධයෙන් පරිසරවේදීන්, ජනමාධ්‍යවේදීන්, සිවිල් සමාජ පුරවැසියන් විදියට හැමදෙනාම හඬක් නගන්න ඕන.

සැබැඳි ලිපි : 

දැදුරු ඔය වනසන ජිෆීට ජනපතිගෙන් රන් සම්මානයක් 

Coca පෙන්නුවේ Cola විතරද? 

ජනපතිතුමනි, කැළණි ගඟ විතරක් නෙවෙයි දැදුරු ඔයත් විනාශයි 

දැදුරු ඔය වනසන ජිෆීට යහපාලනයෙන් තල්ලුවක් 

ජිෆී අධිකරණ නියෝග බල්ලට දමයි. දැදුරු ඔයට වසවිස දිගටම මුදාහරියි (video)

බැසිල්ගේ ජිෆී තහනම් කරනු ! ජනතාව පාරට බසියි
දැන්වත් දැදුරු ඔය වනසන බැසිල්ගේ ජිෆී ගැන තීරණයක් ගන්නවාද?

cens 4cens 6cens 5

cens 3

Last modified on Thursday, 17 September 2015 08:41

Leave a comment

worky

worky1

ld add copy

Gossip

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

අනං මනං

Connet With Us