ජනපතිතුමනි, කැළණි ගඟ විතරක් නෙවෙයි දැදුරු ඔයත් විනාශයි

Published in පුවත්
Monday, 31 August 2015 14:25

කැළණි ගඟට ඩීසල් එකතුවීම සම්බන්ධයෙන් මේවන විට කෝකාකෝලා සමාගමේ බියගම කර්මාන්ත ශාලවක කටයුතු අත්හි‍ටුවා නීතිමය පියවරයන් ගැනීමට මධ්‍යම පරිසර අධිකාරිය කටයුතු කරමින් සිටීම සතුටට කරුණකි. එමෙන්ම කැළණිගඟේ ජලයට අපද්‍රව්‍ය මිශ්‍ර කරන බවට චෝදනා ලබා තිබෙන තවත් කර්මාන්ත ශාලා කිහිපයක් සම්බන්ධයෙන්ද වහා ක්‍රියාත්මක වන ලෙස ජනාධිපතිවරයා අදාල නිළධාරීන්ට උපදෙස් දී ඇති බවද වාර්තා විය.

මේ පැහඩිලිව අගේ කළ යුතුය. කොළඹ හා අවට ජනයාගේ පානියා ජල අව්‍යශ්‍ය තාවයෙන් වැඩික කොටසක් සපුරන්නේ කැළණි ගඟේ ජලයයි.  නමුත් මේ ජලයේ ආසනික් පවා අඩංගු බව පසුගියදා පරිසරවේදී කණ්ඩායමක් විසින් කළ හෙළි පරීක්ෂණ මඟින් අනාවරණය කරගෙන තිබිණි. එහෙත් කැළණි ගඟ මන්තේම නහින්න තරම් මේ මෙරට ගංඟාවක් විනාශ කෙරෙන පළමු අවස්ථාව නොවේ. 

අප ලංකා ඩේලී වෙබ් අඩවිය ලෙස මීට පෙර අවස්ථා ගනනකදී දැදුරු ඔය විනාශ කරමින් පවතින, පවතින බවත් පැවැති රාජපක්ෂ රෙජීමය විසින් ඒ සියල්ල නොසලකා හොරින් කටයුතු කළ බවත් හෙළි කළෙමු. නොර්වේ රාජ්‍යයට අයත් ව්‍යාපාරයක් වන ජිෆී ප්‍රඩක්ට්- jiffy prodouct (pvt) Ltd- ආයතනය විසින් මෙම මහා විනාශය කරමින් පවතී.

පොල්ලෙලි කොහු ආශ්‍රිත ව්‍යාපාරික කර්මාන්ත්‍යායතනයක් වන ජිෆී ප්‍රඩක්ට් ආයතනය විසින් කොබෙයිගනේ,නිකවැරටිය, දැදුරු ඔය ආශ්‍රිතව පවත්වාගෙන යන කාර්මාන්ත ශාලාව හේතුවෙන් එම ප්‍රදෙශයේ දැඩි පරිසර හානියක් සිදුව තිබේ.

තතු දත් අය පවසන්නේ මෙම කර්මාන්ත ශාලාවේ හිමිකාරිත්වයක් හෝ ලාබාංශයක් හිටපු ආර්ථික සංවර්ධන ඇමැතිවරයා වූ බැසිල් රාජපක්ෂ මහතාටද ඇති බවය. එදා කවර විරෝධයන් එල්ල වූවද ඒ සියල්ල පාලනය කළේ බැසිල් රාජපක්ෂ විසින්ය. අද කොකා කෝලා සමාගමට සෘජුවම එරෙහිව සිටින මධ්‍යම පරිසර අධිකාරියට එදා ජිෆී ප්‍රඩක්ට් ආයතනයට ද එරෙහිව සිටි නමුත් පරිසර අධිකාරියට ජිෆී ආයතනයේ එක පොල්ලෙල්ලකටවත් එරෙහිව යා නොහැකි විය. ආයතනය එරෙහිව ගත් අධිකරණමය ක්‍රියා මාර්ග පවා ඔවුන් විසින් පාලනය කළේය.

මේ වන විට පවතින බරපතලම ගැටලුව වන්නේ නව මෛත්‍රීපාලන යුගයේදිත් මේ ජිෆී ප්‍රඩක්ට් ආයතනය කිසිදු ගැටළුවකින් තොරව පෙර චණ්ඩි කමෙන්ම දැදුරු ඔය විනාශ කරමින් කර්මාන්තය පවත්වගෙන යාමය.. මධ්‍යම පරිසර අධිකාරිය මෙම විනාශය වැලැක්වීම සඳහා කටයුතු කරනවා යැයි පෙන්වමින් සිටිනවා විනා සත්‍ය ලෙසම මේ විනාශය වැලැක්වීම වෙනුවෙන් කටයුතු කරන බවක් නොපෙන්නේ. මන්ද කොකා කෝලා සමාගමට එරෙහිව එම අධිකාරිය ක්ෂණිකව කටයුතු කළ ආකාරය හා මෙහිදී දෙකට නැවෙන ආකාරයක් පැහැදිලිව පෙන්නෙනුම් කරමින් තිබෙන නිසාය.

අප දන්නා තරමින් පරිසර විෂය භාර ඇමැතිවරයා වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාව මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් මේවන විට හෝ දැනුවත් කර නොමැත.

මේ වන වතුරුත් පරිසර අධිකාරිය සිදු කරමින් සිටින්නේ අධිකරණය හා ලියකියවිලි එහාට මෙහාට කරමින් කරන සෙල්ලමකි. කිසිදු සාධනීය කටයුත්තක් සිදුව නොමැත. එම අධිකාරියේ ඇතැම් නිලධාරීයකු පවා තර්ජනය කරන එලවා දමන ජිෆී ආයතන ලොක්කො මෛත්‍රීපාලනය සමහර නිලධාරීනට මිළදී ගෙන ඇති බවට සාධාරණ සැකයක්ද අප වෙත තිබේ.

කෙසේ නමුත් මෙම කර්මාන්ත ආයතනය විසින් කොහු පිරිසිදු කිරීමෙන් පසු එම අපජලය දැදුරු ඔයට මුදා හැරීම නිසා දැදුරු ඔය හා ඒ අවට ප්‍රදේශයන් හී භූගත ජලය අපවිත්‍ර වී තිබෙන බව ඒ සම්බන්ධයෙන් කළ පරීක්ෂණවලදී සනාත වී තිබේ. මේ සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියා මාර්ගද ගැනුන නමුත් මේවන විටත් එම සමාගම එම අප ජලය පිරිසිදු කිරීමකින් තොරව යළිත් දැදුරු ඔයට හා අවට මහ මාර්ග දෙපසට( දුහුවිලි වලක්වන්නයි කියමින්) මුදා හරිමින් සිටින බව එම ප්‍රදේශවාසීන් පෙන්වා දෙයි.

දැනට වසර 4ක් පුරා සිදුවෙමින් පවතින මේ කටයුත්ත නිසා මේවන විට කර්මාන්ත ශාලාව අවට ප්‍රදේශයේ ජනතාව විවිධ රෝගාබාධ වලට ගොදුරුව සිටී. නිල් දරු උපත්, අංගවිකල දරු උපත් මෙන්ම සත්ත්ව උපත්ද වාර්තා වී ඇත. එමෙන්ම සමේ රෝග ඉතා බහුල ලෙස ව්‍යාප්තව ඇත. වගාවන් විනාශ වී තිබේ.

නයිට්‍රෙට් රසායනය මිශ්‍ර කර්මාන්තශාලාවේ අපජලය නිසා ඇලී වර්ග වර්ධනය වීම හා මත්‍යස සම්පත විනාශ වීම මේවන විට ඇරඹී තිබේ.

 

දැදුරු ඔයට සිදුව ඇති විනාශය පහත ඇති ඡායාරූපවලින් පැහැදිලිවනු ඇත.

සැබැඳි පුවත් :

දැදුරු ඔය වනසන ජිෆීට යහපාලනයෙන් තල්ලුවක් 

ජිෆී අධිකරණ නියෝග බල්ලට දමයි. දැදුරු ඔයට වසවිස දිගටම මුදාහරියි (video)

බැසිල්ගේ ජිෆී තහනම් කරනු ! ජනතාව පාරට බසියි
දැන්වත් දැදුරු ඔය වනසන බැසිල්ගේ ජිෆී ගැන තීරණයක් ගන්නවාද?

 

daduru-oya

daduru-oya-2

Leave a comment

worky

worky1

ld add copy

Gossip

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

Connet With Us