නියෝජ්‍ය කථානායකධුරය තිලංගට !

Published in පුවත්
Tuesday, 01 September 2015 08:55

නව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක ධුරය සඳහා ජාතික ලැයිස්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතාගේ නම ජනාධිපතිවරයා විසින් යෝජනා කර ඇති බව වාර්තාවේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේෂ්ඨයන් සමඟ පැවැති සාකච්ඡාවකදී නියෝජ්‍ය කථානායකධුරය සඳහා ප්‍රථමයෙන් යෝජනා වී තිබුණේ හිටපු නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්කොඩි මහතාගේ නම වුවත් ඔහු ඊට කැමැති වූයේ නැත. ඔහු කැබිනට් ඇමැතිධුරයක් හෝ නියෝජ්‍ය ඇමැතිධුරයක් බලාපොරොත්තු වන බව දන්වා තිබේ . ඒ අනුව පත්කළ මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතාගේ නම යෝජනා වූ නමුත් ඔහුද ඒ ප්‍රතික්ෂේප කළ අතර ඔහු විසින් එජාපයේ පත්කළ මන්ත්‍රී අතුරලියේ රතන හිමි මේ සඳහා සුදුසු බව යොජනා කර ඇත. එහෙත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා ඇත්තේ නියෝජ්‍ය කථානායක ධුරය ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට හිමි විය යුතු බවත්ය. ඉන් අනතුරුව ජනාධිපතිවරයා තිලංග සුමතිපාල මහතා ගේ නම යෝජනා කර ඇති අතර ඊට ජේෂ්ඨයන්ගේ කැමැත්ත හිමිව තිබේ.

තිලංග සුමතිපල මහතා විසින්ද ඊට කැමැත්ත ප්‍රකාශ කර ඇති බවද වාර්තාවේ. මැතිවරණයෙන් පරාජය වී පසුව ජාතික ලැයිස්තුවෙන් ඇතුලත් කර ගන්නා ලද මන්ත්‍රීවරුන්ට ඇමැතිකම් ලබා නොදෙන බවට ජනාධිපතිවරයා තීරණය කර ඇති නිසා සුමතිපාල මහතාට ඇමැතිවරයකු වීමේ වරම අහිමිව ඇත.

පාර්ලිමේන්තුවේ කථානායකධුරය සඳහා එජාපයේ පත් කළ මන්ත්‍රී කරූ ජයසූරිය මහතාගේ නම මේවන විට යෝජනා වී ඇති අතර ඒ සඳහා සියලු පාර්ශ්වයන්ගේ කැමැත්ත හිමිව ඇත.

Last modified on Tuesday, 01 September 2015 09:02

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us