ගෝඨලාගේ බොරු එල්ටීටීඊය ගැන හමුදා නිළධාරීන් හෙළිකරන්න යයි

Published in පුවත්
Tuesday, 01 September 2015 09:08

යුද්ධය පැවති සමයේ යුද හමුදා සන්නද්ධ බුද්ධි අංශය මගින් ව්‍යාජ එල්.ටි.ටි.ඊ. ඔත්තු සේවයක්‌ බිහි කර ක්‍රියාත්මක කරනු ලැබූ "ඔපරේෂන් ඩබල් එඡ්" මෙහෙයුම පිළිබඳවත්, ඒ සමග සම්බන්ධතා පැවැත්වූ පුද්ගලයින් පිළිබඳවත් ඉදිරි සතියේදී රටට අනාවරණය කිරීමට යුද හමුදාව තීරණය කර ඇතැයි ආරක්ෂක අමාත්‍යංශ ආරංචිමාර්ග සඳහන් කරයි.

මෙම ව්‍යාජ එල්.ටි.ටි.ඊ. ඔත්තු සේවය හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත පිහිටුවා ඇති අතර, මේවනවිටත් එය ක්‍රියාත්මක වේ.

'ලංකා ඊ නිව්ස්' වෙබ් අඩවියේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ප්‍රගීත් එක්‌නැලිගොඩ මහතා අතුරුදහන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන සිටින 'තවේන්ද්‍රන්' නමැති අයකු විසින් මෙම ව්‍යාජ එල්.ටි.ටි.ඊ. ඔත්තු සේවය පිළිබඳව මෙන්ම, එහි රහසිගත මෙහෙයුම් රාශියක් හෙළිදරව් කර ඇත.

යුද හමුදාව ව්‍යාජ එල්.ටි.ටි.ඊ. බුද්ධි අංශයක්‌ අරඹා ක්‍රියාත්මක කළ "ඔපරේෂන් ඩබල් ඒඡ්" මෙහෙයුමේදී, මෙම තවේන්ද්‍රන් නමැත්තා එහි ක්‍රියාකාරි සමාජිකයකුව සිටිමින් හමුදාවේ සහායට කටයුතු කර තිබේ. තවේන්ද්‍රන් එල්.ටි.ටි.ඊ. බුද්ධි අංශයේ හිටපු සාමාජිකයෙකි.

රහස්‌ පොලිසිය සිදු කරන විමර්ශනයට අනුව මෙම තවේන්ද්‍රන් නැමැත්තා ඇතුළු යුද හමුදා සන්නද්ධ බුද්ධි අංශයේ රාජකාරි කළ හමුදා නිලධාරින් පස්‌ දෙනකු දැනට අත්අඩංගුවට ගෙන සිටියි.

ලුතිතන් කර්නල්වරුන් දෙදෙනකුද මෙසේ අත්අඩංගුවට ගෙන සිටින අතර "ඔපරේෂන් ඩබල් ඒඡ් මෙහෙයුමේ"දී ඔවුන් දෙදෙනා විසින් සුවිශේෂී කාර්යභාරයක්‌ සිදු කළ බව උසස්‌ හමුදා නිලධාරියෙක්‌ "දිවයින" පුවත්පතට පවසා ඇත.

ප්‍රගීත් එක්‌නැලිගොඩ මහතා අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් සිදු කරන රහස්‌ පොලිස්‌ විමර්ශන සඳහා මේවනවිට යුධ හමුදාව සහාය දක්‌වන බවත්, එම පරීක්‍ෂණවල තත්ත්වය අනුව ඉදිරියේදී "ඔපරේෂන් ඩබල් එඡ්" මෙහෙයුම් සමහරක් අනාවරණය කිරීමට තිරණය කර තිබෙන බව ද ඉහත හමුදා නිලධාරියා තවදුරටත් කියා තිබේ.


srilankamirror

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us