ගෝඨගෙයි ෆොනීගෙයි බොරු එල්ටීටීඊය තවම වැඩ. දකුණේ විනාශකාරී සිදුවීම් ‍රැසකුත් කරලා

Published in පුවත්
Monday, 31 August 2015 10:09

‘ලංකා ඊ නිව්ස්’ වෙබ් අඩවියේ ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැළිගොඩ මහතා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරන විමර්ශනවල දී ශ‍්‍රී ලංකා යුද හමුදාවේ බුද්ධි අංශය ව්‍යාජ එල්ටීටීඊ සංවිධානයක් පවත්වාගෙන ගොස් ඇති බව අනාවරණය වී ඇත.

එල්ටීටීඊ ඔත්තු සේවය වන ‘ටොසී’ හි සේවය කර පසුව යුද හමුදාවට භාර වූ පිරිසක් හා යුද හමුදාවේ බුද්ධි අංශයේ සිටින, දෙමළ භාෂාව චතුර ලෙස හසුරුවන පිරිසක් විසින් එම ව්‍යාජ එල්ටීටීඊ සංවිධානය පවත්වා ගෙන ගොස් ඇත්තේ, ආරක්ෂක අමාත්‍යාංශයේ උපදෙස් මතය.

එම ව්‍යාජ එල්ටීටීඊ සංවිධානය විසින් ගිරිතලේ කැලෑවක් තුළ කඳවුරක් පවත්වා ගෙන ගොස් ඇති අතර එම ස්ථානයට ‘ප‍්‍රගීත්’ මහතා කිහිප අවස්ථාවකම ආ ගිය බව මේ වන විට අත්අඩංගුවේ පසුවන හමුදා බුද්ධි අංශයට අනුයුක්තව කටයුතු කළ ‘තවේන්ද්‍රන් (සුමතිපාල සුරේෂ් කුමාර්) පවසා තිබෙන බව වාර්තා වේ.

මෙම ව්‍යාජ සංවිධානය අතිශය සූක්ෂ්ම ලෙස, සැක නොසිතෙන ආකාරයෙන් පවත්වාගෙන ගොස් ඇති අතර එය සැබෑ එල්ටීටීඊ සංවිධානයේ නායකයන් කිහිප දෙනකු සමඟ ද සම්බන්ධතා පවත්වා තිබේ. ඒ අනුව එල්ටීටීඊ සංවිධානය හා විශ්වසනීයව සම්බන්ධතා පවත්වා ගැනීම වෙනුවෙන් එම සංවිධානය ලබා දුන් නියෝග අනුව දකුණේ ත‍්‍රස්ත මෙහෙයුම් කිහිපයක්ම මෙම කණ්ඩායම විසින් සිදු කොට ඇති බවටත් තොරතුරු හෙළිව තිබේ.

එමෙන්ම මේ වන වන විටත් එම ව්‍යාජ සංවිධානය සැබෑ එල්ටීටීඊ සංවිධානයේ නියෝජිතයන් ලෙස පෙනී සිටිමින් ඩයස්පෝරාවේ සාමාජිකයන් හා එල්ටීටීඊ සංවිධානය සමඟ සම්බන්ධව කටයුතු කළ පුද්ගලයන් හා ගනුදෙනුවක නිරතව සිටින බවත් ආරක්ෂක අංශ තොරතුරු මාර්ග හෙළි කරයි.

කෙසේ නමුත් මෙම ව්‍යාජ එල්ටීටීඊ සංවිධානය යුද්ධයෙන් අනතුරුව දේශපාලන ඝාතන වෙනුවෙන් යොදාගෙන ඇති බව මේ වන විට තහවුරු වෙමින් පවතී. මෙම ඒකකය බුද්ධි අංශ සාමාජිකයන් 650ක් පමණ පිරිසකගෙන් සමන්විත විසිරුණු විශාල ජාලයක් ලෙස ක‍්‍රියාත්මකව තිබේ.

‘තවේන්ද්‍රන්’ වමාරයි

එල්ටීටීඊ ඔත්තු සේවය වන ටොසී හි ප‍්‍රධානියකු වන ඥානවේල් යටතේ සේවය කර ඇති ‘තවේන්ද්‍රන්’, 2009 ජුනි මාසයේ දී පමණ හමුදා අත්අඩංගුවට පත්වීමෙන් පසු යුද හමුදා බුද්ධි අංශය සමඟ එක්ව මෙහෙයුම් රැසක් සිදු කර ඇත.

ඔහු මේ වන විට එල්ටීටීඊ සංවිධානය සමඟ මෙන්ම, යුද හමුදා බුද්ධි අංශය සමඟ එක්ව සිදු කළ මෙහෙයුම් රැසක් හෙළිකර ඇති අතර, ඔහු සමඟ සම්බන්ධතා පැවැත්වූ දකුණේ සංවිධාන, පුද්ගලයන් කිහිප දෙනකු හා ප‍්‍රසිද්ධ මාධ්‍ය ආයතනයක් පිළිබඳව ද තොරතුරු අනාවරණය කර ඇත.

‘තවේන්ද්‍රන්’ විසින් හෙළිකර ඇති තොරතුරු මත පදනම්ව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් හා හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතාගෙන් ද ළඟදීම ප‍්‍රශ්න කිරීමට නියමිතය.

එසේම ඉදිරි දින කිහිපය තුළ දී හිටපු යුද හමුදාපති ජගත් ජයසූරිය, යුද හමුදා බුද්ධි අංශයට සම්බන්ධව සිටි මේජර් ජෙනරාල් කපිල හෙන්දාවිතාරණ, බි‍්‍රගේඩියර් වන්නිආරච්චි, මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර, මේජර් ජෙනරාල් ජන්මික ලියනගේ යන අයගෙන් ද කටඋත්තර ලබා ගැනීමට නියමිත බව පොලිස් මූලස්ථාන ආරංචිමාර්ග පවසයි.

හමුදාව දෙදරයි!

ප‍්‍රගීත් එක්නැළිගොඩ මහතා අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පසුගිය 24 දා අත්අඩංගුවට ගනු ලැබූ යුද හමුදා බුද්ධි අංශයේ ලූතිනන් කර්නල් කුමාර රත්නායක, ලූතිනන් කර්නල් සිරිවර්ධන, මාණ්ඩලික සැරයන් රාජපක්ෂ සහ කෝප‍්‍රල් ජයලත් යන සිව් දෙනාගෙන් තවදුරටත් රඳවාගෙන ප‍්‍රශ්න කිරීම සඳහා බ‍්‍රහස්පතින්දා (27) ආරක්ෂක ලේකම්වරයාගේ අනුමැතිය හිමි විය.

මීට ඉහත දී මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් යුද හමුදාවේ සාජන් මේජර්වරයකු සහ ‘තවේන්ද්‍රන්’ ඇතුළු දෙමළ ජාතිකයන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබිණි.

එල්ටීටීඊ සංවිධානය යුදමය වශයෙන් පරාජය කිරීමට විශාල කාර්යභාරයක් ඉටු කළ හමුදා බුද්ධි අංශ නිලධාරීන් මෙසේ පාවා නොදෙන්නැයි හමුදා ප‍්‍රධානීන් රජයෙන් ඉල්ලීමක් කර ඇතැයි ද වාර්තා වේ. එසේ නොවුණහොත් උතුරේ යුද මෙහෙයුම් සම්බන්ධයෙන් අතිශය වැදගත් රහස් රාශියක් අනාවරණය වීමට ඉඩ ඇති බවට ඔවුන් රජයට අනතුරු හඟවා ඇත.

මේ සම්බන්ධයෙන් ‘සත්හඬ’ කළ විමසීමක දී පොලිස් මූලස්ථානයේ ජ්‍යේෂ්ඨ නිලධාරියකු කියා සිටියේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරන පරීක්ෂණවලට රජයෙන් බලපෑමක් නොවුණහොත්, යුද සමයේ සිදු වූ අපරාධරැසක් අනාවරණය කර ගැනීමත්, ඊට නායකත්වය දුන් පුද්ගලයන් හෙළිදරව් කර ගැනීමටත් හැකිවනු ඇති බවයි.

 

 

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us