දූෂිතයන් ජාතිවාදීන් එක් කරගත් අලුත් විපක්ෂ කල්ලියක් බිහිවේ.

Published in පුවත්
Monday, 31 August 2015 09:52

එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ හවුල්කාර පක්‍ෂ හා ජාතික ආණ්‌ඩුවට සම්බන්ධ නොවන දූෂිත හා ජාතිවාදී ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් එක්‌වී අලුත් පක්‍ෂයක්‌ පිහිටුවා ගැනීමට කටයුතු කරගෙන යන බව වාර්තාවේ. මෙම පක්‍ෂය පිහිටුවා ගැනීමෙන් පසු ඔවුන් පාර්ලිමේන්තුවේ විපක්‍ෂයේ කාර්යභාරය බලහත්කාරයෙන් ඉටුකිරීමට අපේක්‍ෂා කරන බවද සඳහන් වේ.

මේ කල්ලිය පාර්ලිමේන්තු විපක්‍ෂයේ කාර්යභාරය ඉටුකිරීමේදී විපක්‍ෂ නායක ලෙස කුමාර වෙල්ගම මහතාගේ නම, නව පාර්ලිමේන්තුවේ කථානායක වෙත භාර දීමට කටයුතු කරන බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි. නව පක්‍ෂයට ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් 50-60 අතර ප්‍රමාණයක්‌ සම්බන්ධ වන බව මේ වන විටත් තහවුරු කරගෙන ඇති අතර මේ කල්ලිය පාර්ලිමේන්තුවේ විපක්‍ෂයේ කාර්යභාරය ඉටු කිරීමේදී විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක තනතුර හවුල්කාර පක්‍ෂයකට හිමි වන බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම කණ්ඩායම නිර්මාණය කිරීම සඳහා  කුරුණෑගල දිස්ත්‍රික් එජනිස මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතගේ පූරණ ආශිර්වාදය හිමිව ඇති අතර මෙම කණ්ඩායම ගොඩ නැගීමේ මෙහෙයුම් කටයුතු කොළඹ දිස්ත්‍රික් එජනිස මන්ත්‍රී විමල් වීරවංශ විසින් ඉ‍ටුකරයි

නීත්‍යානුකූලව හා සදාචාරසම්පන්නව පාර්ලිමේන්තු සම්ප්‍රධාය අනුව විපක්ෂනායක ධුරය හිමිවිය යුත්තේ දෙමල ජාතික සන්ධානයට. එහෙත් දෙමළ ජාතිකයකු අතට එමධුරය පත්වීම වලක්වා ගැනීම පර්ලිමේන්තුව නියෝජනය කරන සියළු පක්ෂවල අභිප්‍රාය බවට පත්ව තිබේ. මේ නිසා කවර දුෂිතයකු කෝ වේවා සිංහල බෞද්ධයකුට එම අවස්ථාව ලබා දීමට එම පක්ෂ වල කැමැත්ත ද පළ ඇත.

ජනතා විමුක්ති පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික්මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතා විපක්ෂ නායක ධුරය හිමි විය යුත්තේ දෙමළ ජාතික සන්ධානයට බව සෘජුව කියා සිටි නමුත් එම පක්ෂය නිළ වශයෙන් එම මතය ප්‍රකාශ කර නොමැත.

Last modified on Monday, 31 August 2015 09:58

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us