ශ්‍රී ලංකාවේ ප්‍රථම විශ්ව විද්‍යාලයීය ගුවන් විදුලි සේවය - Campus Radio

Published in පුවත්
Wednesday, 16 September 2015 13:41

කොළඹ විශ්ව විද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපයේ 2011 වර්ෂයේදී ආරම්භ කරන ලද Campus Radio නාලිකාව ලෝක බැංකු ආධාර ව්‍යාපෘතියකින් ආරම්භ කරන ලදී.

මෙය අන්තර්ජාල ගුවන් විදුලි සේවාවක් වන අතර මෙහි කළමනාකාරීත්වය දරන්නේ කොළඹ විශ්ව විද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපයේ ජනමාධ්‍ය විශේෂවේදී උපාධිය හදාරන ගුවන්විදුලි මාධ්‍ය අංශයේ සිසු සිසුවියන් විසිනි. මෙම සිසු සිසුවියන් සඳහා මග පෙන්වීම ආචාර්ය ප්‍රදීප් වීරසිංහ මහතා සහ කාථිකාචාර්ය සජිතා ලක්මාලී මෙනෙවිය විසින් සිදු කරයි.

වාණිජ නාලිකා මෙන් විනෝදය සැපයීමට වඩා ග්‍රාහකයා විචාරශීලි පුරවැසියකු බවට පත් කිරීමේ වැඩසටහන් ඉදිරිපත් කිරීම මෙහි අරමුණයි. මහජන සේවා මාධ්‍ය සංකල්පය මුල්කර ගත් මෙම ගුවන් විදුලි නාලිකාව සිය වැඩසටහන් www.campusradio.lk යන වෙබ් අඩවිය ඔස්සේ සිය විකාශනය මෙහෙයවයි.

සතියේ දිනවල


උදෑසන 07.00 - 08.00 දක්වා - උදා සරසවිය
දහවල් 12.45 - 1.30 දක්වා - කැම්පස් කැන්ටිම
සවස 5.45 - 7.30 දක්වා - සැදෑ සරසවිය (බදාදා හැර)
බදාදා සවස 5.45 - 8.30 - විචාර කවය

යන වැඩ සටහන් වලට සවන් දිය හැක.
තවද කොළඹ විශ්ව විද්‍යාලයේ සියලු පීඨවල අධ්‍යන කටයුතු කරන සිසු සිසුවියන්ගේ සංගීතමය දක්ෂතා ඇගයීම සඳහා “සවරංජලී” නම් ප්‍රාසාංගික තරගයක් පැවැත්වීමට මේ වන විට Campus Radio මඟින් බලාපොරොත්තු වේ.

campusradio2

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us