පාර්ලිමේන්තු මහ මැතිවරණයේ දී තමාට අයත් ඡන්දපළේදී ඡන්දය ලබාදීමට නොහැකි වේ යැයි සාධාරණ බියක් ඇති ඡන්ද හිමියන්ට වෙනත් ඡන්ද මධ්‍යස්ථානයකදී ඡන්දය ලබාදීමේ පහසුකමක් මෙවර හිමිවේ.

හදිසියේ ඇතිවූ රෝග තත්ත්වයක් හේතුවෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහතා රෝහල් ගතකර තිබේ.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් එකම වේදිකාවක පැමිණියහොත් දේශපාලනයෙන් විශ‍්‍රාම ගැනීමට ගත් තීරණය තාවකාලිකව කල් දමන බව ඌව ප‍්‍රධාන අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතා පවසයි.

කිලී මහරාජාගේ රුකඩයක් වන ප්‍රජාතනත්‍රවාදි පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් පළාත් සභා මන්ත්‍රී සුසිල් කි‍ඳෙල්පිටිය ට එම පක්ෂයෙන් නාම යෝජනා ලබා නොදීමට ෆීල්ඩ් මර්ෂල් සරත් ෆොන්සේකා මහතා තීරණය කර තිබේ.

සජීව චාමිකර-පරිසර සංරක්ෂණ භාරය

අම්පාර දිස්ති‍්‍රක්කයේ ලාහුගල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ශාස්ත‍්‍රවෙල ග‍්‍රාම නිලධාරී වසමේ පිහිටි පොදුවේ පානම ලෙස හැදින්වෙන ශාස්ත‍්‍රවෙල, රාගම්වෙල, එගොඩයාය, හොරේකන්ද හා උල්පස්සයාය යන ප‍්‍රදේශවල ජීවත් වූ ජනතාව ගේ ජනාවාස, කෘෂිකාර්මික ඉඩම්, විහාරස්ථාන සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන වනාන්තර, කඩොලාන වනාන්තර, කලපු හා වෙරළ තීරය ඇතුළු ව අක්කර 1220 ක පමණ භූමි ප‍්‍රමාණයක් නාවික හමුදාව හා ගුවන් හමුදාව විසින් ප‍්‍රදේශයේ ජීවත් වූ ජනතාව බලහත්කාරයෙන් ඉවත් කර 2009 වසරේ සිට අනවසරයෙන් අත්පත් කර ගෙන සිටී.

මිනී මැරුමක් සම්බන්ධයෙන් බන්ධනාගාරගත කර සිටින හිටපු නියෝජ්‍ය ඇමැති ප්‍රේමලාල් ජයසේකර මහතා මෙවර මහා මැතිවරණයට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග කිරීමට නාම යෝජනා පත්‍රයට අත්සන් කර තිබේ.

වමේ කෙන්ද්‍රයේ සභාපති ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා ජනාධිපති උපදේශක තනතුරෙන් ඉවත් වීමට තීරණය කර ඇතැයි වාර්තාවේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම තනතුරට පත් කිරීම වෙනුවෙන් විශාල සේවයක් කළ වික්‍රමරතන මහතා ජනාධිපති උපදෙශකයකු ලෙසද පත් කර ගන්න ලදී.

මේ වන විට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නාම යෝජනා සඳහා අත්සන් කළ අපේක්ෂකයන් අතර 'යහපාලනය සඳහා වූ ජාතික පෙරමුණ'ට උදව් උපකාර කරන කණ්ඩායමක් සිටීම නිසා මහින්ද රාජපක්ෂ ඇතුළු මහින්දවාදී කණ්ඩායම මැතිවරණ ව්‍යාපාරය සම්බන්ධයෙන් අවුල් සහගත තත්වයක පසුවන බව දැනගැනීමට තිබේ.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us