වරාය සභාපතිලෙස පත්කිරීම සඳහා යෝජනා වී තිබු නම් කිහිපයක් අතරින් වඩා සුදුසුකම් ඇති තැනත්තා ලෙස ප්‍රියත් බන්දු මහතා සැලකිල්ලට භාජනය වී තිබේ.
කෙසේ නමුත් රාජපක්ෂ යුගයේදී වරායේ විවිධ අක්‍රමිකතා සම්බන්ධයෙන් ඔහුගේ නමද ගෑවී තිබිණි.
වත්මනේ වරාය අධිකාරිය අයත්වන්නේ වරාය හා නාවික කටයුතු අමාත්‍යංශයටය එහි අමැතිධුරය ධරන්නේ අර්ජුන රණතුංග මහතා වන අතර නියොජ්‍ය අමැතිධුරය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා දරයි.
මේ වන විට ඇමැතිවරුන්ට අයත විෂය පතයන් හා ආයතන ගැසට් කර අවසන් වූවද එම ආයතන සඳහා සභාපතිවරු හා අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් පත් කිරීම අර්බූදයක් වී ඇති බවත් වාර්තාවේ. ඊට හේතුව වී ඇත්තේ හිටපු නිලධාරීන් එම තනතුරු වලින් ඉවත්ව නොයාමය.