තාවකාලික පදිංචිකරුවන් පොලීසියේ ලියාපදිංචි කිරීම අනිවාර්ය කරයි

Published in පුවත්
Tuesday, 29 September 2015 06:37

සෑම පොලිස්‌ බලප්‍රදේශයකම සිටින තාවකාලික රැකියා කරන්නන් සහ පදිංචිකරුවන් අදාළ පොලිස්‌ ස්‌ථානයේ ලියාපදිංචි කිරීම අනිවාර්ය කරමින් පොලිස්‌ මූලස්‌ථානය ඊයේ (28 වැනිදා) නියෝගයක්‌ නිකුත් කළේය.

මෙම නියෝගය ක්‍රියාත්මක කිරීමට හේතු වී ඇත්තේ පසුගිය කාලසීමාවේදී රටේ සිදු වූ මහත් ආන්දොaලනාත්මක මිනිස්‌ ඝාතන වැඩි ප්‍රමාණයකට තාවකාලික පදිංචිකරුවන් සහ රැකියා කරන්නන් සම්බන්ධ වීම බව පොලිස්‌ ආරංචි මාර්ග කියා සිටියේය.

එක්‌ එක්‌ පොලිස්‌ බලප්‍රදේශවලට පැමිණ සිටින තාවකාලික පදිංචිකරුවන් සහ තාවකාලික රැකියා කරන්නන් පිළිබඳව අදාළ පොලිස්‌ ස්‌ථානය දැනුවත්ව සිටිය යුතු බවත් තාවකාලිකව සිටින පුද්ගලයන් අතින් එම ප්‍රදේශයේදී කිසියම් අපරාධයක්‌ සිදුවූවොත් අදාළ පොලිසිය ඊට වගකිවයුතු බවත් පොලිස්‌ මූලස්‌ථානය දැනුම් දී ඇත.

පසුගිය කාලයේ රටේ මහත් ආන්දොaලනයට ලක්‌ වූ අපරාධ අතර සේයා දැරිය ඝාතනය, පනාගොඩ කවිඳු දරුවා මරා දැමීම සිදුකරනු ලැබුවේ තාවකාලිකව පදිංචිව සිටි පුද්ගලයන් විසිනි.

කවිඳු දරුවා කපා කොටා ඝාතනය කරනු ලැබුවේ ගල්වළේ මුරකරු ලෙස සේවය සඳහා පැමිණ සිටි අයකු විසින්ය.

මෙම පුද්ගලයා දිවයිනේ ලියාපදිංචි අපරාධකාරයකු බව කිසිවකු දැන නොසිටි බව පොලිස්‌ මූලස්‌ථානය පවසයි. එමෙන්ම මොහුගේ පදිංචි හෝ වෙනත් තොරතුරු කිසිවක්‌ අදාළ ගල්වළේ හිමිකරු ද දැන සිට නැත.

කොටදෙණියාව සේයා දැරිය මරා දැමූ කොණ්‌ඩයා නමැති අපරාධකරු ද එම ප්‍රදේශයේ තාවකාලිකව නවාතැන් ගෙන සිටි අපරාධකාරයෙකි.

මොහු අපරාධ කීපයකට වරෙන්තු ලැබූවකු වුවද අදාළ පොලිසිය හෝ ප්‍රදේශවාසීන් මොහු පිළිබඳව කිසිදු තොරතුරක්‌ දැන නොසිටි බව පරීක්‍ෂණවලින් හෙළිවී තිබේ.

ගම්පහ උඩුගම්පොළ නයිවල ප්‍රදේශයේ ගොවිපළක පදිංචි මව, පියා සහ සිවු හැවිරිදි දියණිය සාහසික ලෙස ඝාතනය කළ පුද්ගලයා ද මීට ඉහත සිදුකළ මිනීමැරුමකට සම්බන්ධ සැකකරුවෙකි. මෙම පුද්ගලයා පිළිබඳව ගොවිපළේ හිමිකරු හෝ අදාළ පොලිසිය කිසිදු තොරතුරක්‌ දැන සිට නැත.

වෙන්නප්පුව ප්‍රදේශයේ කොහු මෝලක හිමිකරු ඔහුගේ බිරිඳ සහ දරුවන් දෙදෙනා ඝාතනය කර සිරුරු මට්‌ටා වළේ ගිල්ල වූ සැකකරු ද විවිධ අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලැබූ අයෙකි.

මෙම පුද්ගලයා සම්බන්ධයෙන් ද අදාළ පොලිසිය හෝ කොහු මෝලේ හිමිකරු කිසිදු තොරතුරක්‌ දැන නොසිටි බව පසුව අනාවරණය විය.

මෙවැනි අපරාධ තවදුරටත් වැළැක්‌වීම සඳහා විශේෂ ක්‍රියාමාර්ග කීපයක්‌ ගැනීමට පොලිස්‌ මූලස්‌ථානය මේ වන විට කටයුතු කර තිබේ.

එහි පළමු පියවර ලෙස තාවකාලික රැකියා කරන්නන් සහ පදිංචිකරුවන් අදාළ පොලිස්‌ ස්‌ථානයේ ලියාපදිංචි කිරීම සහ එම පුද්ගලයා පිළිබඳ සියලු තොරතුරු ලබාගැනීම සිදුකරන බව පොලිස්‌ මූලස්‌ථානය පවසයි.

divaina

Last modified on Tuesday, 29 September 2015 06:51

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us