හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ලබන 24 වැනිදාත් ඔහුගේ සොයුරු හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ 22 වැනිදාත් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට කැඳවා ඇත. 

පරාජිත, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සිය කොළඹ නිවස්නය හා දේශපාලන මෙහෙයුම් මධ්‍යස්ථානය ලෙස භාවිතා කිරීමට සැලසුම් කර තිබු පීකොක් මන්දිරය ඔහුට නොලැබෙන බව එහි හිමිකරු ව්‍යාපාරික ඒ එස් පී ලියනගේ මහතාට සමීප ආරංචි මාර්ග පවසයි.

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ පාර්ලිමේන්තු විවාදය ලබන 21 සහ 22 වැනිදා පැවැත්වීමට දේශපාලන පක්ෂ එකඟතාවකට පැමිණ තිබේ.

හිටපු රුසියානු තානාපති උදයංග වීරතුංග විසින් යුක්‍රේනයේ කැරලිකරුවන් සමඟ හොර අවි ජාවාරමක නිරතව සිටි බවට යුක්‍රේන රාජ්‍ය බලධාරීන් විසින් සිදු කරනු ලැබු පැමිණිල්ල සම්බන්ධයෙන් වැඩි දුර පරීක්ෂණ සඳහා මෙරට විශේෂ පොලිස් කණ්ඩායමක් හා රජයේ නියෝජිතයන් කිහිප දෙනෙකු නුදුරේම යුක්‍රේනය බලා යාමට නියමිතය.

එක්සත් ජනතා නිදහස් සන්ධානය සමඟ මේවන විට ගිවිසුම් ගතව කටයුතු කරන පක්ෂ හා තවත් පක්ෂ ඒකරාශී කරගෙන සන්ධානයට අලුත් උප්පත්තියක් ලබා දීමට එම සන්ධානය නායකයන් තීරණය කර තිබේ.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කළ පරීක්ෂණ මඟින් මෙරට ‍රැඳී සිටින ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන් හා දේශපාලන බලවතුන් 260 දෙනෙකු රහසිගත ස්විස් බැංකු ගිණුම් පවත්වාගෙන ගොස් ඇති බව අනාවරණය කරගෙන ඇත.

මැතිවරන ක්‍රමය වෙනස් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අවසන් යෝජනාවලිය ලෙස මහ මැතිවරණයේදී ජනතා ඡන්දයෙන් පත්වන නියෝජිතයන් 231 ක් හා ජාතික ලැයිස්තුවෙන් පත්කෙරෙන මන්ත්‍රීවරු 29 ක් ඇතුලත් මිශ්‍ර මැතිවරණ ක්‍රමයක් යෝජනා කොට තිබේ.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සහ මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමට පෙර 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුලින් දක්වා ඇති ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීමට අදාළ යෝජනා සම්මත කිරීමට පියවර ගන්නා මෙන් ශ්‍රී ලංකා නීතිවේදීන්ගේ සංගමය සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීමක් කරයි.

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us