පාසල් අධ්‍යාපනය සඳහා දෙමාපියන්ගෙන් මුදල් අයකිරීම වහා නවතන ලෙස ආණ්ඩුවට බලකරමින් ‘අධ්‍යාපනය අයිතියක්’ සංවිධානය විසින් අද(08) දින කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී පෙත්සමක් අත්සන් කරන ලදි. ‘අධ්‍යාපනය අයිතියක්’ සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක සංජීව බණ්ඩාර පවසා සිටියේ මේ වනවිට මධ්‍යම ආණ්ඩුව විසින් පාසල්වලට ලබා දියයුතු ප්‍රතිපාදන කපා හරිමින් පාසලේ නඩත්තුව පාසල් සංවර්ධන සමිති හරහා දෙමාපියන් මත පටවමින් තිබෙන බවයි. මේ ආකාරයෙන් පාසල්වලට දහස් ගණන්වල සිට ලක්‍ෂ ගණන්වලින් මුදල් එකතුකිරීම නිසා දුප්පත් ජනතාවගේ දරුවන්ට නිදහස් අධ්‍යාපනය හැදෑරීමේ අවස්ථා නැතිවෙමින් පවතින අතර මේ වනවිටත් දුප්පත් පවුල් කිහිපයකම දරුවන් පාසල් යෑම නවත්තා ඇති බවත් පැවසීය. (සංජීව බණ්ඩාරගේ සම්පූර්ණ ප්‍රකාශය පහතින් නරඹන්න)

ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන්ට නාමයෝජනා දීමේ අවස්ථාවට හා දේශපාලන රැස්වීම් සඳහා ජනතාව සහභාගි කරවා ගැනීමට ලංගම බස් රථ ලබා නොදෙන බව ශ්‍රි ලංකා ගමනා ගමන මණඩලය පවසයි.

හිරුනිකා ප්‍රේමචන්ද්‍රගේ විවාහ උත්සවයෙන් පසුව ෆේස්බුක් හරහා ප්‍රචාරය වූ පෝස්ටරයකින් කියැවුණේ ඇය ගැබිණියක් නිසා හදිසියේ විවාහ වූ බවයි. මෙම පෝස්ටරය සකසා තිබුණේ මහින්ද රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටිනා පාර්ශ්වයේ කුප්‍රකට ෆේස්බුක් ගිණුමක් ක්‍රියාකරවන්නෙකු විසිනි. ' sinhala bodhunuwa' ෆේස්බුක් පිටුවෙනි.

වික්‍රමබාහු රෝහලේ

Published in පුවත්
Wednesday, 08 July 2015 13:07

නව සමසමාජ පක්‍ෂයේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා රොහල් ගත කර ඇතැයි වාර්තා වේ.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ඇතුළුව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහින්ද විරෝධි පාර්ශ්වයේ කොන්දේසි වලට හා විහිළු තහලු වලට යටත් වී නිවටයෙක් සේ සන්ධානයෙන් නාම යෝජනා බලාපොරොත්තු නොවී තනිව ඉල්ලා තම ශක්තිය පෙන්විය යුතු යැයි මහින්ද වාදී පිරිස් බොහොමයක් මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා තිබෙන බව වාර්තාවේ.

අලුතින් පිහිටුවා ගත් සෝමවංශ අමරසිංහ මහතාගේ නායකත්වයෙන් යුත් ජනතා සේවක පක්ෂය ඉදිරි මහ මැතිවරණය සඳහා හෙළ උරුමයේ නායකත්වයෙන් පිහිටුවා ඇති දියමන්තිය සලකුණ දරන එක්සත් යහපාලන ජාතික පෙරමුණ සමඟ එක්ව පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරන බව වාර්තා වේ.

විභාග ප්‍රශ්න පත්‍ර සකස් කිරීමේ දී හා පිළිතුරු පත් ඇගයීමේ දී ඒ සඳහා සුදුසු ප්‍රාමාණික දැනුමක් ඇති උගතුන් යොදා ගත යුතු බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විභාග දෙපාර්තමේන්තුවට නියම කර ඇත.

යාපනයේ කයිට්‌ස්‌හිදී සමූහ දූෂණය කොට ඝාතනය කරනු ලැබූ පාසල් සිසුවියගේ ඝාතකයන්ට අධිකරණය මගින් මරණ දඬුවම් ලබාදුනහොත් සිවුරු හැරලා අළුගෝසුවා කාර්ය කිරීමට තමන් සූදානම් බැව් දකුණු පළාත් සභාවේ සන්ධානයේ මන්ත්‍රී බද්දේගම සමිත හිමියන් ඊයේ (07) දකුණු පළාත් සභා රැස්‌වීමේදී පවසා අැත.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us