ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මහානායක, අපවත්වී වදාළ අති පූජ්‍ය කීර්ති ශ‍්‍රී ධම්මදස්සි රතනපාල බුද්ධරක්ඛි මහනාහිමියන්ගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය අද පස්වරුවේ මහනුවර අස්ගිරිය පොලිස් කී‍්‍රඩාංගණයේදී පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව සිදු කිරීමට නියමිතයි.

පාර්ලිමේන්තු මන්ති‍්‍ර බන්දුල ගුණවර්ධන මහතා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ සාමාජිකත්වයෙන් ඉවත් කර තිබේ.

නීත්‍යනාකූල ආකාරයෙන් හමුදා සේවයෙන් ඉවත් වීමට ලබා දී ඇති පොදුසමා කාලය තුළ සෙබළුන් 10,000කට අධික පිරිසක් හමුදා සේවයෙන් ඉවත් වී ඇත.

අලුත් අවුරුදු උත්සව සමයේදී නියමිත මිලට වඩා වැඩි මිලට භාණ්ඩ අලෙවි කරන පුද්ගලයන්ට විරුද්ධව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාද් බදුර්දීන් මහතා පවසයි.

2012 වසරේ හම්බන්තොට වරායේ සමස්ත වියදම රුපියල් මිලියන 812ක් වුවත් එහි අදායම රුපියල් මිලියන 135ක් වීම හේතුවෙන් එම වසරේ අලාභය රුපයිල් මිලියන 678කි. එම අලාභය කොළඹ වරායේ අදායමෙන් පියවා තිබෙන බව වරාය හා නාවික අමාත්‍ය අර්ජුණ රණතුංග මහතා අමාත්‍යවරයා සඳහන් කරයි.

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීරණය යහපාලනය රටේ තහවුරු වී ඇති බවට හොදම සාක්ෂිය බවත් එය කියවිය යුත්තේ මීට මාස කිහිපයකට පෙර පැවැති භයංකර තත්ත්වය හා සසඳමින් බවද බුද්ධ ශාසන, රාජ්‍ය පරිපාලන,පළාත් පාලන හා ප්‍රජාතාන්ත්‍රීය යහපාලනය පිළිබඳ අමාත්‍ය කරු ජයසූරිය මහතා පවසයි.

යේමනයේ ගැටුම් වලට මැදි වී සිටි තවත් ශ‍්‍රී ලාංකිකයින් 16 දෙනෙකු ඊයේ රාත‍්‍රීයේ දිවයිනට පැමිණියේය. තානාපති කාර්යාල වල මැදිහත්වීමෙන් මුදා ගත් පිරිසක් මෙලෙස දිවයිනට ගෙන්වා ගත් බව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා ප‍්‍රකාශ කළේය.

පිළිකා රෝගය ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ජාතික ප‍්‍රතිපත්තියක් හඳුන්වාදීමට රජය තීරණය කර ඇත. ඒ සඳහා ගත යුතු සියළු ක‍්‍රියාමාර්ග ඇතුළත් වන සේ මෙම වැඩපිළිවෙල ක‍්‍රියාවට නගන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරතන මහතා ප‍්‍රකාශ කර සිටියේය.

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us