මන්ද වෙළඳ පොළේ සහල් මිළ අඩු මට්ටමක පැවැතීම නිසා පාඩුවක් සහිතව හෝ එම මිළ ගනන්වලට රජයට සහල් සැපයිමේ දුෂ්කර තාවයක් තිබෙන අතර වැඩි මිළට සහල් වෙළඳ පොළට එක් කළ හොත් පෞද්ගලික වෙළන්දන්ටද යම් පමණකට සහල් මිළ වැඩි කිරීම හැකියාව පවතී. එහෙත් රජයට වුව වැඩි මිළට සහල් අලෙවි කළ හැක්කේ සහල් සඳහා නියම කර ඇති පාලන මිලට යටත්ව බැවින් වැඩි මුදලකට සහල් වෙළඳ පොළට එක් කිරීම සිදු කළ නොහැක.
මේවර රුපියල් 50 ගන්නේ මිල දී ගත් වී තොග සහල් කිරීමේදී සහල් කිලෝවක මිළ වෙළඳ පොළ මිළ ගනන් වලට වඩා වැඩි අගයක් ගනී. සහල් කිලෝවක් නිශ්පාදනය සඳහා වී කිලෝ 1.7 ක් වත් අවශ්‍යය. එමෙන්ම වී සහල් කිරීම සඳහා තවත් අමතර මුදලක්ද වැය කිරීමට සිදුවේ. මේ තත්වය මත රජයට මේ වීතොග සහල් කර වෙළඳ පොළට එක් කිරීමේ ගැටලුවක් පවතී.
රජයේ සහතික මිළට වඩා අඩු මිළට (රු; 25 - 35) වී මිළදී ගන්න පෞද්ගලික වෙලෙන්දෝ අඩු මිලට සහල් වෙලඳ පොළට එක් කිරීම සිදුවන විට රජයට සිදුවන්නේ තමන්ගේ වී තොග සත්ව ආහාරවලට විකුණා දැමීමය. එසේ නොවෙන්නට නම් සහල් සඳහා වන පාලන මිළ ඉවත් කර එහි මිළ උච්ඡාවචනය වීමේ අවස්ථාව වෙළඳ පොළටම බාර දිය යුතුය. එවිට වැඩි මිළට හෝ මේ මිළදී ගත් වී තොග සහල් කර වෙළඳ පොළට එක් කළ හැක. එවිට පාරිභෝගිකයාගේ ප්‍රශ්නය විසඳා ගැනීම රජය මීළඟට මුහුණ දෙන අභියෝගය වෙයි.
මේ අසීරුතා මධ්‍යයේ වුව රජය ගොවියකුගෙන් වී කිලෝ 2000ක් මිළදී ගන්නේ එම ආදායම ගොවියාගේ මූලික වියදම් පියවා ගැනීමට ප්‍රමාණවත් වනු ඇති බවට කර තිබෙන ගනන් බැලිම අනුවය. පෞද්ගලික වෙළඳුන් අඩු මිලට ඉතුරු තොග මිලදී ගත්තද එය ගොවියාට ලාබයක් බව රජයේ මතය වේ.
එහෙත් ගොවියන් කියන්නේ කිලෝ 5000ක් වත් රජයේ සහතික මිළට මිළදී ගත යුතු බවය.