ව්‍යවස්ථාදායක සභාවේ ජනාධිපතිගේ නියෝජිතයා එජාපයෙන් පත් කෙරේ !

Published in පුවත්
Wednesday, 09 September 2015 11:56

පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරන් 7 ක් සහ සිවිල් නියෝජිතයන් තිදෙනෙකුගෙන් සමන්විත 8 වන පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක සභාව සඳහා, ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනගේ එකම නියෝජිතයා වශයෙන්, මහා නගර සහ බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පත්කෙරේ.

 

පාඨලී චම්පික රණවක මහතා 7 වන පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක සභාවේද නියෝජිතයෙකු ලෙස කටයුතු කළේය.

චම්පික රණවක මහතා පාර්ලිමේන්තුවට පත් වූයේ එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයකු ලෙසය. ඒ අනුව මෙම පත් කිරීමද මෙරට දේශපාලනයේ සුවිශේෂී අවස්ථාවකි.

මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නි‍යෝජිතයා ලෙස අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාත් පත්කර තිබේ.

19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අනූව ව්‍යවස්ථාදායක සභාව නියෝජිතයින් 10 දෙනෙකුගෙන් සමන්විතය.

ඒ අනූව එයට නිල බලයෙන් පත්වන්නේ කථානායක, අගමැතිවරයා සහ විපක්ෂ නායකවරයාවරයාය.

මීට අමතරව ජනාධිපතිවරයාගේ නියෝජිතයෙකු, අගමැතිවරයාගේ නියෝජිතයෙකු සහ විපක්ෂ නායකවරයාගේ නියෝජිතයෙකු ද ව්‍යවස්ථාදායක සභාවට පත් කළ යුතු අතර ඒ අනූව ජනපතිගේ හා අගමැතිගේ නියෝජිතයින් දෙදෙනා ඉහත පරිදි නම් කර ඇත.

එසේම සුළු පක්ෂ නියෝජනය කරන නියෝජිතයෙකු සහ සිවිල් සාමාජිකයින් තිදෙනෙකු ද ව්‍යවස්ථාදායක සභාවට පත් කළ යුතුය.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය මගින් ස්ථාපිත කෙරුණු ස්වාධීන කොමිෂන් සභා 9 ක් ස්ථාපිත කොට  සාමාජිකයන් පත් කිරීම ව්‍යවස්ථාදායක සභාවට පැවරී තිබේ.

ඊට අමතරව රජයේ තවත් ඉහළ තනතුරු ගණනාවකට පුද්ගලයින් පත් කිරීමද සිදු කළ යුතු වන්නේ ව්‍යවස්ථාදායක සභාව මගිනි.

Last modified on Wednesday, 09 September 2015 12:11

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us