ලබන සතියේ ගෝඨා අත් අඩංගුවට ?

Published in පුවත්
Friday, 18 September 2015 13:30

රක්නා ලංකා සමාගමට නීත්‍යානුකූල ක්‍රමවේදයෙන් බැහැරව ගිනි අවි ලබා දීම සම්බන්ධයෙන් මේ වන විට පැවැත්වෙන පරීක්ෂණයේදි සනාත වී ඇති අතර ඒ සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාබය රාජපක්ෂ මහතාව අත් අඩංගුවට ගැනෙනු ඇති බවත් දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

බරපතළ වංචා හා දූෂණ සෙවීම සඳහා පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ සාක්ෂි දුන් ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු අතිරේක ලේකම් දමයන්ති ජයරත්න මහත්මිය රක්නා ලංකා සමාගමට නීත්‍යානුකූල ක්‍රමවේදයෙන් බැහැරව ගිනි අවි ලබා දී ඇති බව පිළිගෙන ඇති බවද වාර්තා වේ.

රක්නා ලංකා සමාගමට ගිනි අවි 3473ක් නිකුත් කර ඇති අතර ඉන් නීත්‍යානුකූල ක්‍රමවේදයකට නිකුත් කර ඇත්තේ, ගිනි අවි 89ක් පමණක් බව සාක්ෂි විභාගයේදී තහවුරු වී තිබේ.

මේ අතර හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද යළිත් බරපතළ වංචා හා දූෂණ සෙවීම සඳහා පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ පෙනී සිටියේය.

එහි ලේකම් ලැසිල් ද සිල්වා මහතා සඳහන් කළේ, රක්නා ලංකා ආරක්ෂක සමාගමේ සේවකයින් පසුගිය ජනාධිපතිවරණ සමයේදී මැතිවරණ කටයුතු සඳහා යොදා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයට අදාළව ඔහු කොමිසම හමුවේ පෙනී සිටි බවය.

අද දිනයේ ආරක්ෂක අමාත්‍යංශයේ වර්තමාන ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා ද කොමිසම හමුවට වාර්තා කර ඇති බව ලැසිල් ද සිල්වා මහතා සඳහන් කළේය.

ඔහු පැවසුවේ, රක්නා ලංකා සමාගම සම්බන්ධයෙන් විභාග කෙරෙන මෙම පැමිණිල්ලට අදාළව තව ත් 7 දෙනෙකු අද චිනයේ කොමිසම හමුවේ පෙනී සිටි බවය.

Last modified on Friday, 18 September 2015 13:48

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us