අප්පොච්චගේ නීතිය අපිට හොඳා..යි හරිය ! නාමල්ගෙන් රට හොල්ලන ප්‍රකාශයක්

Published in පුවත්
Thursday, 17 September 2015 10:27

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම මෙරට මනව හිමිකම් කඩවීම සම්බන්ධයේ වූ සිදුවීම් පරික්ෂා කිරීමට මිශ්‍ර අධිකරණයක් යෝජනා කිරීම ගැන නාමල් රාජපක්ෂ මහතාට යකා වැසී තිබේ. නාමල් කියන්නේ දේශිය පරීක්ෂණ කරන්න මේ රටේ නීති ප්‍රමාණවත් බවය.

මේ සම්බන්ධයෙන් ඔහු නිකුත් කළ Facebook පණිවිඩයේ තැනක සඳහන් වන්නේ '..සාධාරණ අපරාධ' විමර්ශනයට අවශ්‍ය පසහුකම් මෙහි ඇති බවය.

ඒ කුමක් වූවත් නාමල් නීති විභාගය සමත් වුයේද ඒ කියන ආකාරයේ 'සාධාරණ' ක්‍රමවේදයකින් බව අප දන්නා අතර නාමල්ගේ තාත්තාගේ කාලයේ නීතිය ක්‍රියාත්මක වූ 'සාධාරණ' ආකාරය ගැන ද අපට අමතක නැත. නාමල් දන්නේ මේ තාත්තාගේ නීතියයි.

මේ නිසා තාත්තාගේ නීතිය ක්‍රියාත්මක වීම බල්ලාට දැමීම ගැන නාමල් ප්‍රකෝපවීම සාධාරණය.


නාමල් රාජපක්ෂගේ Facebook පණිවිඩය


“2002-2011 කාලයේ ශ්‍රී ලංකාවේ සිදුවීයයි කියනු ලබන මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ හා යුද අපරාධ විමර්ශනය කිරීමට ජාතික හා ජාත්‍යන්තර වශයෙන් සම්මිශ්‍රණයක් සහිත විශේෂ අධිකරණයක් ((hybrid) ස්ථාපිත කළ යුතු බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්ය්‍යාලය කල නිර්දේශය ශ්‍රී ලංකාවේ නීති පද්ධතියට සිදු කරන ලද අවමානයක් යැයි මා තරයේ විශ්වාස කරමි. මා විශ්වාස කරන පරිදි ලංකාවේ නීති පද්ධතිය ජාත්‍යන්තර මැදිහත් වීමකින් තොරව ඕනෑම අකාරයක දේශීය පරීක්ෂණයක් සිදුකිරීමට තරම් සවිමත්ය. මේවන විටත් ලංකාවේ නීති පද්ධතිය හා අධිකරණය පද්ධතිය ඕනෑම අකාරයක සාධාරණ අපරාධ විමර්ශනයක් කිරීමට අවශ්‍ය පහසුකම් වලින් සහ දක්ෂ මානව සම්පත් වලින් පිරිපුන් බව මනාව ඔප්පු කොට ඇත. මෙම නිර්දේශය ලංකාවට එරෙහි ජාත්‍යන්තර කොටස්වල දෙබිඩි පිලිවෙත සදහා තවත් එක් හොදම උදාහරණයක් පමණයැයි මා විශ්වාස කරමි.”

Last modified on Thursday, 17 September 2015 14:10

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us