එහෙත් මේවන විට එම තත්වයන් වෙනස් වී තිබිණි. පසුගිය මහ මැතිවරණයේ ප්‍රතිපළ ලැබුණේ අගොස්තු 18 වන දිනය. අගොස්තු 19 වන දිනම දිලිත් ජයවීර මහතා අරලියගහ මන්දිරයේ සිටිනු, දුටු අය සිටිති.
ඊයේ (10)දෙරණ මාධ්‍ය ආයතනයේ දසවසර සැමරුම් උත්සවය පැවැත්වූ බොරලැස්ගමුවේ ගෝල්ඩන් රොස් හෝටලයේදී ලක්සිරි වික්‍රමගේ මහතා පැමිණි සිටි අය අමතා ප්‍රකාශ කළේ මින් පසුව තම ආයතනයේ සභාපතිවරයා දිලිත් ජයවීර මහතා බවය. ඒ අනුව ලක්සිරි වික්‍රමගේ මහතා නියෝජ්‍ය සභාපතිවරයා ලෙස නව පත්වීමක් ලබයි.