ව්‍යවස්ථාදායක සභාවට සාමාජිකයින් 4 ක් පත්කර තිබේ.

විදුලිබල  සහ බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක විසින් ජාත්‍යන්තර තෙල් මිල ගණන් මත පදනම් වූ තෙල් මිල සුත්‍රයක් හඳුන්වා දීමේ  කැබිනට්  පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට නියමිත බව පැවසේ.

මැගී නූඩ්ල්ස්වල මොනෝසෝඩියම් ග්ලූටොනමේට් නම් රසකාරකය අධික ලෙස ඇත්දැයි සොයා බැලීමට ශ්‍රී ලංකා පාරිභෝගික අධිකාරිය තීරණය කොට තිබේ.

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ලබන මස 08 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කුරුණැගල මහේස්ත්‍රාත් අධිකරණය අද (25) නියෝග කර තිබේ.

වසා දැමුණු ගෝල්ඩන් කී සමාගමේ තැන්පත්කරුවන්ට වන්දි ගෙවීමේ ක්‍රමවේදය යළිත් වතාවක්‌ අර්බුදයට ලක්‌ව තිබේ.

වැලිකඩ බන්ධනාගාරයට හමුදා අනුකණ්ඩායම් ඇතුළත් වී එහි සිටි සිරකරුවන් 27 දෙනෙකු ඝාතනය කිරීම සහ තුවාල සිදුකිරීම පිළිබඳව සොයාබැලීමට පත්කළ ස්වාධීන කමිටුවේ පරීක්ෂණ අවසන් බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කළේය.

ආණ්‌ඩුවේ සිටින එක්‌සත් ජාතික පක්‍ෂ මැති ඇමැතිවරුන් 07 දෙනකු ළඟදීම විපක්‍ෂයට එක්‌වීමට නියමිතය.

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය යටතේ විමර්ශනවලට මුහුණදුන් පසුගිය රජයේ ප්‍රබල දේශපාලනඥයන් සහ රාජ්‍ය නිලධාරීන් කිහිප දෙනෙකුට එරෙහිව මහාධිකරණය හමුවේ කෙළින්ම අධිචෝදනා පත්‍ර ගොනු කෙරෙනු ඇතැයි නීතිපති දෙපාර්තමේන්තුවේ ආරංචිමාර්ග ප්‍රකාශ කරයි.

ld add copy

Connet With Us