නිදහස් දිනය නිමිත්තෙන් ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තුව ආශ්‍රීත මාර්ග කිහිපයක් හෙට(4) වසා තැබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසයි‍.

පසුගිය ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වෙනුවෙන් ජාතික රූපවාහිනිය විකාශනය කළ වෙළෙඳ දැන්වීම් සඳහා අය විය යුතු රුපියල් කෝටි පනහකට ආසන්න මුදල ලබාගැනීමට අධිකරණය වෙත යෑමට කටයුතු කරමින් සිටින බව ජාතික රූපවාහිනියේ සභාපති සෝමරත්න දිසානායක මහතා පැවසීය.

ජාත්‍යන්තර මත්කුඩු  ජාවාරම්කරුවකු වන අත්අඩංගුවට ගෙන සිටින වෙලේ සුදා නොහොත් සමන්ත කුමාර නමැත්තාගෙන් සිදුකරන ප්‍රශ්න කිරීම්වලට අනුව මේ වනවිට කැබිනට් ඇමැතිවරයෙක්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු හා පොලිස් නිලධාරීන්  20 දෙනෙකු ඇතුළු පුද්ගලයන්  45 ට ආසන්න පිරිසක්  පිළිබඳව තොරතුරු හෙළිවී තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි. 

වත්මන් රජයේ දින සියයේ වැඩපිළිවෙල පිළිබඳ පොදු රාජ්‍ය මණ්ඩලයීය මහලේකම් කමලේෂ් ශර්මා මහතාගේ දැඩි ප‍්‍රසාදයට ලක්ව අැත. පොදු රාජ්‍ය මණ්ඩලය අපේක්ෂා කළ කරුණු කාරණා රැසක් ඊට ඇතුළත්ව තිබීම සතුටට කරුණක් බව ඔහු ප‍්‍රකාශ කළේය. ඒ තුළින් ශ‍්‍රී ලංකාව නව වෙනසක් කරා ගමන් කරනු ඇති බවද ඔහු ප‍්‍රකාශ කළේය.

විවාහක කාන්තාවකට සිය ඔසප් වීම නිසිලෙස සිදු නොවන්නේ නම් එය මහත් සිත් තැවුලකට හේතුවන කරුණකි. මන්ද නිරෝගී දරු සම්පතක් ලබා ගන්නට මේ ඔසප් චක්‍රයේ නිසි ක්‍රියාකාරීත්වය ඉවහල් වන අතර ඔසප් වීමකදී කාන්තාවකගේ ඇවතුම් පැවතුම් කෙසේ විය යුතු දැයි වාගේම ඒ පිළිබඳ වූ මිථ්‍යා මත ගැනත් ඔබ දැනගත යුතු වේවි.
අත්අඩංගුවට ගනු ලැබූ අත්තනායක මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ප්‍රකාශයක් සටහන් කර  ගෙන ඔහු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන 11 වන දින දක්වා රිමාන්ඩ් බන්ධනාගර ගත කිරීමට කොළඹ කොටුව අතිරේක මහේස්ත්‍රාත් ජයන්ත ඩයස් නානායක්කාර නියෝග කරන ලදී.

ස්වාධීන රූපවාහිනි සේවයේ ප‍්‍රවෘත්ති අංශයේ හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සුදර්මන් රදලියගොඩට විදේශ ගමන් තාවකාලිකව තහනම් කරමින් කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය අද (02) නියෝගයක් නිකුත් කළේය.

නව රජයේ අතුරු අයවැය මගින් කැසිනෝ ව්‍යාපාරිකයින්ගෙන් එක් කැසිනෝ බලපත්‍රයක් සඳහා රුපියල් මිලියන 1000 ක විශේෂ බද්දක් අය කිරීමට තීරණය කිරීම හමුවේ මෙරට කැසිනෝ ව්‍යාපාරික කටයුතු කරන ධම්මික පෙරේරා සහ රවී විජේරත්න යන ව්‍යාපාරිකයින් සිය කැසිනෝ සූදු පොළවල් කිහිපයක් වසා දැමීමට තීරණය කර ඇතැයි අනාවරණය වේ.

 

ld add copy

Latest News

මැතිවරණ දිනයේ මේ දේවල් කරන්න එපා !

මැතිවරණ දිනයේ මේ දේවල් කරන්න එපා !

ඡන්දය ගණන්කිරීම සිදුවන අවස්ථාවේදී ටෙලිවිෂන් හෝ විශාල තිර යොදාගෙන පාරවල් අසල එක්රැස් වී වැඩසටහන් නැරඹ...

ක්‍රීඩා

Connet With Us