ඒ පිළිබඳ අදහස් දක්වමින් ඔවුන් වැඩි දුරටත් සඳහන් කර සිටින්නේ මීට පෙර රාජ්‍ය ආයතන සම්බන්ධ ප්‍රශ්න වලදී ජවිපෙ රාජ්‍ය ආයතනය රැක ගැනීමට මිස පෞද්ගලික ව්‍යාපාරික අපේක්ෂා වෙනුවෙන් කටයුතු නොකළ බවත් නමුත් මේ වන විට ඉතා පැහැදිළිව ව්‍යාපාරික අවශ්‍යතා වෙනුවෙන් මෙරට ශක්තිමත්ම රාජ්‍ය බැංකුව අවදානමේ දැමීමේ කොන්ත්‍රාත්තුව ඉටුකරණ බවය.
ඒ පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු අප වෙත වාර්තා වෙමින් ඇත. ඉදිරියේදී අප ඒවා නම් ගම් සහිතව පළකරන්නට බලාපොරොත්තු වෙමු. ඒ වෙනුවෙන් ආරම්භයක් ලෙස මේ වන විට මහජන බැංකුව බිඳ දැමීමට අදාළව දියත්ව ඇති මෙහෙයුමේ පළමු කොටස මෙසේ ඔබ වෙත ගෙන එන්නෙමු.
ධම්මිකගේ ජොකියා මුසම්මිල්ගේ පුතා
මහජන බැංකුව බිඳ දැමීම වෙනුවෙන් ව්‍යාපාරික මාෆියාව පියවරක් ඉදිරියට තබා කටයුතු කරන්න වැඩ අල්ලන්නේ මහජන බැංකුව මුළුමනින්ම ඩිජිටල්කරණය කිරීම සඳහා එහි අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කිරීමත් සමඟය. මහජන බැංකුවේ යෝජිත ඩිජිටල්කරණ ව්‍යාපෘතිය මඟින් මෙරට නව තාක්ෂණය අතින් අංක එකේ බැංකුව හා වඩාත් කඩිනම් බැංකු සේවාව බවට මහජන බැංකුව පත්වේ.
ඒ අදාළ ව්‍යාපෘතිය නිසි කාලසීමාව තුළ සිදුකරගත හොත් එම බැංකුව සමග සම තරගකාරීත්වයක සිටින පෞද්ගලික මුල්‍ය ආයතන පත්වන දුෂ්කරතාවය සැළකිල්ලට ගැනීමෙන් අනතුරුවය. ඒ සඳහා ඔවුන් යොදාගත් පළමු ජොකියා වන්නේ කොළඹ නගරාධිපති එම්.ජේ.එම්. මුසම්මිල්ගේ පුතාය. එම් හිෂාම් ජමල්දීන් නම් ඔහු මහජන බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය නියෝජනය කරයි. එසේම ධම්මික පෙරේරා නම් කෝටිපති ව්‍යාපාරිකයාට වැඩි කොටස් ප්‍රමාණයක් හිමි හේලීස් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයද නියෝජනය කරයි. දැනට ලංකාවේ තාක්ෂණික වශයෙන් ඉහළ සේවාවක් ලබා දෙන්නේ ධම්මික පෙරේරාට විශාල කොටස් ප්‍රමාණායක් ඇති හා ඔහු සභාපතිත්වය ඉසිලු සම්පත් බැංකුවය. මේ නිසා මහජන බැංකුවේ නව්‍ය වෙනසත් සමඟ සම්පත් බැංකුවට පහර වැදීම නිතැතින්ම සිදුවේ.
පසුගිය වසරේ අප්‍රේල් මාසයේ සිට මේ පිළිබඳ අවධානයෙන් සිටි ව්‍යාපාරික මාෆියාව ඒ වෙනුවෙන් පොටක් පාදා ගන්නේ මහජන බැංකුව ඩිජිටල්කරණය කිරීම වෙනුවෙන් අවශ්‍ය දෘඩාංග මිලදී ගැනීම වෙනුවෙන් ටෙන්ඩර් කැඳවීමේ අවස්ථාවය. එහිදී කරලියට එන මුසම්මිල් පුතා අදාළ ටෙන්ඩරය පිරිනමන ආකාරය දෝෂ සහිත බව පවසා ඊට විරෝධය පළකර ඇත. එම විරෝධය සලකා බලන මහජන බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය විශේෂඥ නිර්දේශ ඇතුලත් වාර්තාවක් කැඳවීම සඳහා ටෙන්ඩරය ලබාදීමේ තීරණය කල් දැමීමට තීරණය කර ඇත.
සාමාන්‍යයෙන් රාජ්‍ය බැංකුවක වේවා මුල්‍ය ආයතනයකට එහි කීර්තිනාමය රැකගැනීමේ වැදගත් කම අමුතුවෙන් කිවයුතු නැත. එහෙත් මෙහිදී මුසම්මිල් පුතා හැසිරෙන්නේ ඒ බව හාන්කවිසියක් නොදන්නා තොත්ත බබෙකු විලසින්ය. අධ්‍යක්ෂ මණ්ඩල තීරණය නොමැතිව මුසම්මිල් පුතා ඇතුළුව තවත් එක් අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකුගේ විරෝධය, "මහජන බැංකුවේ රුපියල් කෝටි 70 ක මුල්‍ය වංචාවක්" මැයෙන් ඊට පසුදින ටිරාන් අලස් ගේ 'මව්බිම' පුවත්පතේ මුල් පිටුවේ පුවතක් වන්නේ ඒ අනුවය.
ජවිපෙ වසන්තගේ 'සුද්ධ' වූ වගකීම
සැබවින්ම මිලියන 13 ක තැම්පත්කරුවන් සිටින රාජ්‍ය අංශයේ බැංකුවක් බිඳදමා ඒ තුළ මුල්‍ය මාෆියාවේ අවශ්‍යතා ඉටුකරන ඒ පව්කාර මල් වට්ටියට වෙනත් කිසිඳු මාධ්‍යක් කරගසන්නේ නැත. ඒ පුවත පලකිරීම වෙනුවෙන් මුසම්මිල්ලා සම්බන්ධතාව ගොඩනගාගෙන ඇති ආකාරය අප වෙත වාර්තා වී ඇත. ඊට අනුව නම් ඒ මව්බිම ප්‍රධාන කර්තෘ තුෂාර සමඟ මුසම්මිල්ගේ ඇති හිතවත් කමය. අනෙක් අතට මහජන බැංකුවට මඩ ගැසීමේ කොන්තාරාත්තුව තුෂාර දෙගිඩියාවකින් තොරව භාරගන්නේ ඒ වන විටත් මහජන බැංකුව, 'මව්බිම' පුවත්පත ඉල්ලන තරමට වෙළඳ දැන්වීම් ලබාදීම ප්‍රතික්ෂේප කරතිබූ කාරණයය.
තුෂාර මාධ්‍ය කොන්ත්‍රාත්තුව බාරගෙන එය ඉටුකරන්නට කටයුතු කරන අතර තුර එහි ඇත්ත නැත්ත පළකිරීමට තවත් මාධ්‍ය මැදිහත් විය. ඒ අතර 'දිවයින' පුවත්පත සහ 'සත්හඬ' පුවත්පත ප්‍රමුඛ විය. ඒ ඔස්සේ සිදුකල හෙළිදරව් හේතුවෙන් සිය මඩ මාධ්‍ය මෙහෙයුම අර්බුදයට යෑම නිසා අසරණ වන තුෂාරට ඒ මොහොතේ සරණ වන්නේ ජනතා විමුක්ති පෙරමුණය. එහි දුෂණ විරෝධී ජහුට වෙත පණපොවන වසන්ත සමරසිංහ එතැන් මේ පව් කන්දට කර ගසයි. ඒද නිකම් නොව මහජන බැංකුවේ කෝටි 70 මුල්‍ය වංචාවක් ගැන පොලිස් මුල්‍ය අපරාධ කොට්ටාශයට ද පැමිණිලි කරන බවට පාරම්බාමින්ය.
ඇත්තටම නම් පෙනුමෙන් මෙය තුෂාරගේ මාධ්‍ය සත්කාරයට වසන්ත උරදීමක් ලෙස පෙනී ගියත් ඊට එහා ගිය සම්බන්ධයක් වසන්තලාගේ පක්ෂයට සහ මුල්‍ය මාෆියාවේ කෙරුමන් සමඟ ඇත. විශේෂයෙන් මහජන බැංකුව ඩිජිටල්කරණය කිරීම තුළ බරපතල අර්බුදයකට ගමන් කරන ධම්මික පෙරේරාගේ සම්පත් බැංකුව හා අනෙකුත් මුල්‍ය සමාගම් රොත්ත රැක ගැනීම වෙනුවෙන් ශුද්ධ වූ වගකීමක් වසන්තලාගේ දේශපාලන ව්‍යාපාරයට ඇත. ඒ ගැන ඉදිරියේදී සවිස්තරාත්මකව අප හෙළිකරන්නට බලාපොරොත්තු වෙමු. ඒ බව කියවෙන ඊළඟ කොටස ඒ අනුව මීටත් වඩා රසවත් වනු ඇති අතර එතෙක් අප ජනතාවට දැනුම්දෙන්නේ මේ පත්තිනි අම්මලාගේ රෙදිවල ඇති තුත්තිරි ගැන ලියන තෙක් කලබලනොවී බලා සිටින ලෙසය.