තාජුඩීන් ඝාතනය ගැන සාක්ෂි කිසිවක් cctv වල නෑ

Published in පුවත්
Tuesday, 06 September 2016 16:34

පසුගිය රාජපක්ෂ සමයේදී ඝාතනය කරන ලද රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් සිදුවීම සම්බන්ධයෙන් වන විමර්ශනවලට අදාලව පරික්ෂාකරන ලද සීසීටීවී දර්ශන වල විමර්ශන වලට සහය දෙන සාක්ෂි කිසිවක් ලැබි නැති බව වාර්තාවේ.

මෙම වීඩියෝ දර්ශන විශේෂඥ පරික්ෂාවට ලක්කර වසීම් තාජුඩීන් මහතාව ලුහු බැන්දාය කියන ජීප් රථයක අංකය සහ තවත් තොරතුරු ලබා ගැනීමට බලාපොරොත්තු වූවද එම දර්ශන වල අපහැදිලිතාවය හේතුවෙන් ඒ උත්සාහය අසාර්ථක වී තිබේ. මෙම විඩියෝ පට පරික්ෂා කිරීම සදහා පසුගියදා කැනඩාවට යවනු ලැබූ අතර ඒ පරික්ෂාවට ලක්කළ බ්‍රිතාන්‍ය කොලොම්බියා තාක්ෂණික ආයතනයේ ප්‍රධානියකු වන ඩෙවිඩ් මැකී මහතා ප්‍රකාශ කර ඇත්තේ ඉහළම තාක්ෂණික ක්‍රම යොදා ගත්තද වාහන අංකය සොයා ගැනිමට නොහැකි වූ බවය.

කෙසේ නමුත් පසුගිය කාලයේ කැබිනට් ප්‍රකාශක ඇමැති රාජිත සෙනාරත්න මහතා ප්‍රකාෂ කර සිටියේ තමන් මෙම විඩියෝ දර්ශන නැරඹූ බවත් එමගින් මිනී මරුව කවුද යන්න ගැන පැහැදිලි තොරතුරු අනාවරණය වන බවත්ය.

එහෙත් ඒ සමයේදිම අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තු ආරංචි මාර්ග සඳහන් කළේ වීඩියෝ දර්ශන අපහැදිලි බවය. ඒවා කැනඩවට යවනු ලැබුවේද යම් ඉහල තාක්ෂණික ක්‍රමවේදයක් ඔස්සේ යම් කිසි හෝ තොරතුරක් තහවුරු කර ගැනීම සඳහාය.

සැබැඳි පුවත්

තාජුඩීන් ඝාතනයේ වීඩියෝ රට පටවන්න යයි

රාජපක්ෂ පවුල මර බියෙන්, තාජුඩීන් සාක්ෂි සමඟ නැගිටියි

තාජූදීන් ගැන බොරු පොලිස් වාර්තාවක් ඉදිරිපත්කර බයියෝ ආයෙත් කිච වෙයි

තාජුදීන් ඝාතනයේ 4 ක් හඳුනා ගනී

තාජුදීන්ගේ දුරකතන සිම්පත මැරයන් ළඟ

තාජුඩීන් ඝාතනයේ සීසීටීවී දර්ශන ඇති බවට රාජිත කිව්වෙ බොරු

තාජුඩීන්ගේ මරණය, ඝාතනයක් බව කියන්න නීතිපති පැකිලේ.

Last modified on Tuesday, 06 September 2016 16:36

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us